බහුජාතික ඖෂධ මාෆියාව කෑගල්ලේ ඖෂධය ඇතුළු දේශීය ඖෂධ වටලයි.. අනුමැතිය නොදුන්නොත් කැමති අයට බොන්න දෙන්න ආයුර්වේද සංගමය සූදානම්..
Posted on December 13th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ලෝක සෞඛ්‍ය සංවිධානය පැත්තෙන්ද කොවිඞ් 19 රෝගය මර්දනය සම්බන්ධයෙන් හෝ නිෂ්චිත ඔසුවක් සම්බන්ධයෙන් සාර්ථක පිළිතුරක් ලෝකයට ඉදිරිපත් වූයේ නැත. එහෙත් චීනය රුසියාව කියුබාව වැනි රටවල් කොවිඞ් 19 මර්දනය සම්බන්ධයෙන් යම් සාධනීය මට්ටමකට ළඟාවී තම රටවල් ”අලූත් සාමාන්‍යය” තත්ත්වයකට ළඟා කරවා ගැනීමට ප‍්‍රශස්ත උත්සාහයක් ගෙන තිබුණි.

ලෝකය එසේ ඉදිරියට යද්දී අපේ රටේ සෞඛ්‍ය අංශ සහ ආණ්ඩුව කියන ”කියුම් කෙරුම් කොටුවෙන්” පිටතට පැන, ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළුව දේශීය වෛද්‍යවරුන් පවසන ”හෙම්බිරිස්සා වෛරසය” තරම්වත් බලයක් නැති කොවිඞ් 19 වෛරසය මර්දනය තම තමන් සතු ඖෂධ සමාජය තුළ නිහඬව බෙදා දුන්හ. සමහරු එළැඹි තත්ත්වය බොරදියේ මාළු බෑමට අවස්ථාවක් කර ගත්තද බොහෝ දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරු තමන් සතු ඖෂධ ඉතාම සාධාරණව ආසාදිතයන්ට ලබා දුනි. අප පවසන මෙම සිද්ධිය සැබෑවක් බව තහවුරු වන්නේ සෞඛ්‍ය අංශ අහඹු පී. සී. ආර්. පරීක්ෂා රටේ තෝරාගත් ප‍්‍රදේශ වල කළ පසු ඉහළ මට්ටමේ අගයකින් ආසාදිතයන් හමුවූ සහ නැවත නැවත එවැනි අහඹු පරීක්ෂණ කළහොත් අලූතින් ආසාදිතයන් ඉහළ අගයකින් හමුවීමට තිබෙන ඉඩ කඩ ඉහළ හෙයිනි. එහෙත් එතරම් ඉහළ අගයකින් වෛරසය සමාජගත වී තිබෙන බව අහඹු පී. සී. ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී තිබුණද කොවිඞ් ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත් නොවන්නේත් මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පාලනය වී තිබෙන්නේත් දේශීය, ආයුර්වේද මෙන්ම වෙනත් බටහිර නොවන ගුරුකුළ වලට අයත් වෙදකම් නිසා නොවේ යැයි කිසිවෙකුට කිව නොහැක.

සිදුවීම් මෙසේ පෙළ ගැසෙද්දී තමා කෙදිනක හෝ තම මව් තම්බා දුන් ඉඟුරු කොත්තමල්ලි වල ආනුභාවයෙන්, පස් පංගුව පැකට්ටුවේ ආනුභාවයෙන් වැළඳුනු හෙම්බිරිස්සා උණ ඇතුළු සිරුරේ ඇතිවූ අසනීප තත්ත්වයන් සමනය කරගත් බව මතක තිබූ වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායම ”කොටුවෙන් පිට පැන” කළ කොවිඞ් 19 වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට ගත් ක‍්‍රියා මාර්ගය ගම්පහ රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ ඇතුළු ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය විසින් අනුමත කරමින් දිරිමත් කළ හෙයින් කෑගල්ල හෙට්ටිමුල්ලේ ඞී. එම්. ධම්මික බංඩාර මහතා සොයා ගත් කොවිඞ් 19 වෛරසය නසන ඖෂධය රාජ්‍යය අනුග‍්‍රහයෙන් බටහිර විද්‍යානුකූලව පර්යේෂණ කරන මට්ටමේ පවතින අතර මේ තරම් දුරකට මෙම ඖෂධය සම්බන්ධව ධෛර්යවන්තව මූලික කටයුතු පෙලගැස්වූ දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්වරුන්ගේ දායකත්වය ජාතියේ සම්භාවනාවට ලක් විය යුතුය. කරුණු එසේ වුවද දැන් එළැඹී ඇත්තේ කොවිඞ් 19 වෛරසයට වතුපිටිවල රෝහලේ වෛද්‍යයවරුන් මූලික වී විද්‍යාත්මකව මූලික වශයෙන් තහවුරු කරගත් ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය නසන පැණිය භාවිතයට ගන්නවාද නැතිද යන ”මහා බාධක ගල් පරයේ” අපහසුම අදියරටයි. එනම් ඖෂධය රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කර ඇත්තේ ඖෂධය හඳුන්වා දී ඇත්තේ ආචාරධර්මානුකූලවද සොයා බලන ”ආචාරධර්ම සමාලෝචන කමිටුවට”ය.

කොවිඞ් 19 වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය කඩා වැටෙනවා යැයි බොහෝ ආර්ථික විශේෂඥයන් පවසා සිටිද්දී අතලොසක් වූ ආර්ථික විශේෂඥයන් කරුණු සහිතව ලෝකයට ඔප්පු කර සිටියේ ලෝකයේ ආධිපත්‍යය දරා සිටින නව ලිබරල්වාදී ආර්ථිකය කොවිඞ් 19 වෛරසය මතු වීමටත් පෙර සිටම කඩා වැටීම ආරම්භ වී එම වෛරසය මතුවන කාලය වන විට ලෝක ආර්ථිකය 75%කින් පමණ කඩා වැටී තිබුණු බවයි.

මාක්ස්වාදයේ පියා වූ කාල් මාක්ස්ගේ 200 වන ජන්ම ශත සංවත්සරයේදී ලෝකයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් විසින් නැවත ඔහුගේ තිසීසයන් සමාලෝචනය කර ඇගැයීමට ලක් කරනු ලැබූහ. ඔවුන් එහිදී මාක්ස් – එංගල්ස් ඉදිරිපත් කළ ”දාස් කැපිටාල්” හෙවත් ”ප‍්‍රාග්ධනය” නම් දැවැන්ත ලියවිල්ල කාරණා පහකට සංක්ෂිප්ත කර නව ලෝකයේ අවධානය කෙරෙහි යොමු කරනු ලැබූහ. එම කරුණු පහ නම්,

1) ධනපති ආර්ථික මොඩලය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වන ”අත්‍යවශ්‍ය නොවන” භාණ්ඩ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම සහ ඒවා මිලදී ගැනීමට හැකියාව ඇති මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම.
2) එම ක‍්‍රියාවලිය තුළ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා දැවැන්ත අධි නිෂ්පාදනයක් ඇති වීම.
3) එම අධි නිෂ්පාදනය තව දුරටත් විකුණා ගැනීමට තරම් වෙළෙඳ පොළ පුළුල් නොවන ලෙස මධ්‍යම පන්තිය සිරවීම.
4) අධි නිෂ්පාදනය මිලදී ගැනීමට නොහැකිවීම සහ ඊට සමාන්තරව ආර්ථිකය කඩා වැටීම.
5) පවත්නා සමාජ ආර්ථික මොඩලයන්ගේ වෙනස්වීම ඉල්ලා පොදු ජනයා අරගල කිරීම (සමාජවාදී විප්ලවය)

විප්ලවය යන ක‍්‍රියාවලිය හැරුනු කොට අනෙක් කරුණු හතරම මේ වන විටත් ඔප්පු කර ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.

නව ලිබරල් ආර්ථිකය පවත්වාගෙන යෑමේ මෙහෙවර කරපින්නාගත් කපිතාන්වරු කීර්තිමත් ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකතනයන්ද අධ්‍යයනය කර ඔවුන්ගේ විනාශය තවත් කෙටි කාලයකට කල් දැමීමට ආශීර්වාදයක් ලෙස පැන නැගුණු තත්ත්වය (බොහෝ ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ට අනුව කොවිඞ් 19 යනු හිතා මතා පතුරුවා හැරි වෛරසයකි) තම වාසියට හරවා ගත්හ. මේ වන විට කොවිඞ් 19 වෛරසය මැඬපැත්වීමට නිපදවන නොයෙක් විෂ බීජ නාශක, අත් ආවරණ, මුඛ ආවරණ ආදී වෛද්‍ය ක්ෂේත‍්‍රයට අදාළ වන්නා වූ දෑ නිපදවන සමාගම්වල ලාභ රේට්ටුව ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. ලංකාව සම්බන්ධයෙන් ගත් කල කොටස් වෙළෙඳ පොළේ පසුගිය ජූලි මස වන විට කොටසක් රුපියල් 3 කට අලෙවි වූ ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය කරන සමාගමක කොටසක මිල පසුගිය දිනවල රුපියල් 30 කට අලෙවි වී තිබේ. කරුණු සොයා බැලීමේදී එම සමාගම ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය කළ භාණ්ඩ අතර වැඩිපුරම ඇත්තේ වෛද්‍ය උපාංග බව අනාවරණය විය. එම සමාගමේ ලාභය එන්න එන්නම ඉහළ යෑම මෙම තත්ත්වයට බලපා ඇති බව කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ මතයයි. ඖෂධ ප‍්‍රවාහනය කරන සමාගමේ ලාභය එලෙස නම් ඖෂධ ගෙන්වන සමාගම්වල තත්ත්වය කෙසේ වේදැයි සිතා ගැනීමට පුළුවන.

ලංකාවේ තත්ත්වය එසේ වන විට ලෝක ඖෂධ සමාගම් වල ලාභය ගැන අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයේ ඖෂධ සමාගම් කොවිඞ් 19 වෛරසය නැසීමේ ඖෂධ සෙවීමේ තරගයේදී එකා පරයා එකා නැගී සිටීමේ උත්සාහ ගන්නා බව නොරහසකි. මේ සමාගම් අතරින් ෆයිසර් නම් බහු ජාතික සමාගම තරගයේ ඉදිරියට ඇති බවක් පැහැදිලි වේ. දැන් දැන් අපේ රටේ ඖෂධ ගෙන්වන සමාගම්ද ඖෂධ ගෙන්වීම ජාවාරමක් කරගත් රජයේ නිලධාරි පැලැන්තියද එළි බහින කාලය එළඹ තිබේ. ඒ අනුව කුමන හෝ ඖෂධයක අවශ්‍යතාව රට කරවන උදවිය ඉදිරියේ නිර්මාණය කිරීමට අවශ්‍ය ආපදා තත්ත්වය ඕනෑවටත් වඩා නිර්මාණය කර දී තිබේ. නිවෙස් තුළ මිය යන කොවිඞ් 19 වෛරසය ආසාදනය වූවන්, මහ මඟ මිය යන ආසාදිතයන්, කොවිඞ් වෛරසය වැළඳුනද පී. සී. ආර්. පරීක්ෂණ වලට ඉදිරිපත් නොවන අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් කොවිඞ්19 වෛරසයට ‘‘කුමන හෝ ඔසුවක් ” අවශ්‍ය යැයි යන භීතිය පාලක මනස තුළ ගොඩ නගා අවසන්ය.

ඊට සමාන්තරව පසුගිය කාලය පුරා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රචාරක බල ඇණි ලෙස කටයුතු කළ විවිධ පුද්ගලයෝ සහ කල්ලි කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩට බැස ඇත. මොවුනට තවම ෆයිසර් වැනි සමාගමකින් මුදල් ගෙවීම් නොකෙරුනද එම සමාගම් වල ඖෂධ මෙරට ආසාදිතයන් වෙත ලබා දීමට කටයුතු සකස් කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළු විවිධ අමාත්‍යාංශවල සිටින තීරක මට්ටමේ නිලධාරීහු මෙහෙයුමට බැස ඇති බව නම් ඉතා පැහැදිලිය.

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරු මූලික වී සාර්ථකව අත්හදා බැලූ ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය ඇත්තේ මහා බාධක ගල් පරයක් හමුවේ යැයි අප පවසන්නේ එබැවිනි.

ග්ලයිෆොසෙට් වල් නාශකයට එරෙහිව සාර්ථක සටනක් කිරීමට මහාචාර්ය චන්න ජයසුමනට හැකි වූයේ ඔහු ඒ සටන නිවැරැදිව දේශපාලනිකව පෙලගැස්වූ හෙයිනි. කොවිඞ් 19 වෛරසයට එරෙහිව නිපදවූ පැනියද ඔහු මූලික වී රජයේ රෝහල්වලට හඳුන්වා දුන් සුදර්ශනී පැනියද මෙතරම් දුරකට රැගෙන ආවේ, ඔහු විසින් ක‍්‍රියාවලිය නිවැරැදි දේශපාලන ක‍්‍රමවේදයකට අනුව පෙල ගැස්වීමෙනි. මෙහිදී ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා දැක්වූ දායකත්වයද සුළුපටු නැත. නමුත් දැන් ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‘‘ආචාර ධර්ම කමිටුවට” යොමු කර ඇත්තේ විධිමත්ව අවසරගත් වට්ටෝරුවක් මගින් ඖෂධය නිපදවා ඇතිද, එම ඖෂධය මිනිසාට දීමට පෙර විධිමත් පර්යේෂණ වලට ලක් කළේද වැනි බටහිර වෛද්‍ය විද්‍යානුකූල ක‍්‍රමවේදයට අනුව සිදුව ඇතිද යන්න බැලීමටය.

කොවිඞ් 19 වෛරසයට ඖෂධ යනු ඩොලර් ටි‍්‍රලියන ගණනක ගනුදෙනුවකි. එය එක් රැයකින් අවසන් වන ගනුදෙනුවක්ද නොවේ. මෙවැනි සුවිශාල වෙළෙඳ පොළක් එක් රැයකින් නිර්මාණය කළ එකක්ක්ද නොවේ. මළ මිනී මතින් ආපදා භීතිකාව මත පිහිටු වූ වෙළෙඳ පොළකි. එහෙව් වෙළෙඳ පොළක් මේසන් බාස් (සමහරුට අනුව ඔහු වඩු බාසුන්නැහැ) කෙනෙකු වූ කට්ටඬියෙකු නිපදවූ මූලික වටයේ සාර්ථක වූ පහසුවෙන් නිපදවූ පැණියකින් සුවපත් කිරීමට හැකි බව පිළිගෙන ආසාදිතයන්ට ලබා දුනහොත් බහු ජාතික සමාගමට සිදුවන පාඩුව එසේ මෙසේ නොවේ.

අනෙක් අතට ‘‘හෙම්බිරිස්සා වෛරසය තරම්වත් බලයක් නැත.” යනුවෙන් ගොඩ නගන දේශීය වෛද්‍යයවරුන්ගේ තර්කය ඔප්පු වීම සමගම බහුජාතික සමාගම කොවිඞ් 19 වෛරසයට එරෙහිව නිපදවූ ඖෂධයට පමණක් නොව ඔවුන්ගේ සමස්ත ඖෂධ වෙළෙඳ පොළටම එල්ලවන්නේ මරු පහරකි. එබැවින් මෙතෙක් සුළි කුණාටු මැද්දෙන් සිසිර ජයකොඩිලා චන්න ජයසුමනලා නීතිමය අවසරය ලබා ගත හැකි වන ලෙස මෙහෙය වූ ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය ”ආචාර ධර්ම කමිටුවේ” හැපී විසිරී යන්නට තිබෙන ඉඩ කඩ ඉතා ඉහළය. ලියුම්කරුට හැඟුණු පරිදි මෙම ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය ආයුර්වේද ක‍්‍රමවේදයට අනුව සුදුසුකම් පරීක්ෂා කර බැලූවේ නම් මෙසේ වීමට තිබූ ඉඩ කඩ ඉතා අවමය. ලැබීමට නියමිත රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‘‘ආචාර ධර්ම කමිටුවේ” නිර්දේශ කුමක් වුවද වතුපිටිවල රෝහලේ මූලික පර්යේෂණ දත්ත වලින් දේශීය සහ ආයුර්වේද ගුරුකුල නගන තර්කය ඔප්පු වී හමාරය.

දැන් ඇත්තේ පසුගිය අපේ‍්‍රල් මාසයේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජගිරියේදී කැඳවූ සමුළුවේදී ඉදිරිපත් කළ ආයුර්වේද දේශීය සහ වෙනත් ගුරුකුල වලට අයත් වෛද්‍යවරු සතුව තිබෙන කොවිඞ් 19 වෛරසය පහසුවෙන් නසන දේශීය ඖෂධ මහජනයාට පහසුවෙන් ගත හැකි පරිදි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ප‍්‍රචලිත කරවීමයි.

අපි අවසාන වශයෙන් හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා සමඟ ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය භාවිතයට ගැනීමට මෙතෙක් කළ මෙහෙයුම සම්බන්ධව අදහස් විමසුවෙමු. එහිදී නිමල් කරුණාසිරි මහතා ‘‘ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය වතුපිටිවල රෝහලේ වෛද්‍යවරු කළ පර්යේෂණයේදී අතිශය සාර්ථක බව ඔප්පු වුණා. මේ ඖෂධය විතරක් නොවෙයි දේශීය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ඇතුළු සියලූ ගුරු කුලයන්ට අයත් වෛද්‍යවරු පසුගිය අපේ‍්‍රල් මාසයේ රාජගිරියට රැස්වූ සමුළුවේදි කොවිඞ් 19 වෛරසය මැඩිය හැකි ඖෂධ විශාල ගණනක් ඉදිරිපත් කළා. එම ඖෂධ ඒ වෛද්‍යයවරු විවිධ ආකාරයෙන් අපේ සමාජය තුළ බෙදා හරිනවා. කුමන හෝ විදියකින් ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සෑදූ පැණිය බටහිර වෛද්‍ය කර්මය කරන රෝහලක සායනික පරීක්ෂාවට ලක්කළා. එයින් සමත් වූවා. දැන් එය ”ආචාර ධර්ම කමිටුවට” යොමු කර තිබෙනවා. මෙම කමිටු වල රහත් වූ මිනිසුන් නැහැ. ඒ වගේම බහු ජාතික සමාගම් තමන් ඩොලර් ටි‍්‍රලියන ගණනක් ආදායම් ලබා ගැනීමට බලාපොරොත්තු ඇතිව නිපදවූ ඖෂධ ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සෑදූ පැණිය ඉදිරියේ කඳෝ පැනියන් නොවීමට කළ යුතු සියලූ දේ කරනවා. ඩොලරයක් රුපියලකට මාරු කළොත් රුපියල් 180 කට වැඩියෙන් ලැබෙනවා. ඒක නිසා අඩු ඩොලර් ගානකින් වැඩි රුපියල් ගණනක් මවා තම සමාගම් නිපදවූ ඖෂධය හිරු දුටු කඳෝපැනියන් නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඉඩ තිබෙනවා. අනෙක් අතට මොන කමිටුවක මොන තරම් උගත් විද්‍යාඥයෙක් මහාචාර්යෙක් සිටියද තමන්ගේ ඇතුලාන්තයේ තිබෙන ඊර්ෂ්‍යාව, කුහකකම, ද්වේශය, වෛරය වැනි ගුණාංග මතුවී ජාතියක අරමුණු පෞද්ගලික පටු පරමාර්ථ ඉදිරියේ දියවී යෑමට ඉඩ තිබෙනවා. ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය ආචාර ධර්ම කමිටුවෙන් සමත් වුවත් දේශීය දැනුම දිනුම්, කමිටුව ඉදිරියේ ඞී. එම්. ධම්මික බංඩාර මහතාගේ කොවිඞ් 19 වෛරසය මර්දනයට සැදූ පැණිය අසමත් වුණත් දේශීය දැනුම දිනුම්. අසමත් වුණොත් බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඇති අසමත්කම හොඳින් පැහැදිලි වෙනවා.

කොහොම වුණත් මට කියන්න තියෙන්නේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතුව ඞී. එම්. ධම්මික බංඩාර මහතා වැනිම තවත් කොවිඞ් 19 වෛරසය නැසීමට ඖෂධ නිපදවූ වෛද්‍යවරුන්ගේ දුරකථන අංක සහ ලිපිනයන් තිබෙනවා. ඒවා අවශ්‍ය අයෙකුට ලබා දිය හැකියි. එම ඖෂධ වලට ”හෙම්බිරිස්සා වෛරසය තරම් වත් බලයක් නැති” කොවිඞ් 19 වෛරසය නැසීමට හැකියාව තිබෙනවා. ඔවුන් සියලූ දෙනාම අවශ්‍ය අයෙකුට එම ඖෂධ ලබා දීමට සැදී පැහැදී සිටිනවා” යනුවෙන් ප‍්‍රකාශ කළේය.

– divaina

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress