විජිතපුර පුරාවස්තු ඩෝසර් කිරීම: 10දෙනෙක් අත්අඩංගුවට – අලහප්පෙරුමාගම පල්ලියේ සභාපතිත් ඒ අතර සෙල් ලිපියක මිරිස් අඹරලා!
Posted on December 13th, 2020

 කැකිරාව – සුදත් ඒකනායක උපුටා ගැන්ම දිවයින

ඓතිහාසික විජිතපුර බලකොටුවට අයත් බැලූගල, අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලිය පිටුපස ස්මාරකය ඩෝසර් කිරීමට සම්බන්ධ පුද්ගලයන් දස දෙනකු පෙරේදා සවස අත්අඩංගුවට ගත් බව (12 දා) ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. කිත්සිරි හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.

 අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටියි.

 අනුරාධපුර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පූර්ණ විමර්ශනයක් සිදුකර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඊයේ (13 දා) කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 අලහප්පෙරුමාගම ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයේ දී මුස්ලිම් පල්ලිය අසල නිවසක මිරිස් ඇඹරීම සඳහා යොදාගෙන තිබුණ සෙල් ලිපියක් ලෙස සැලකෙන පුවරුවක් ද අත්අඩංගුවට ගෙන ඇත. එම පුවරුව මීට වසර හතළිහකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් සැකකාර නිවෙස් හිමියාගේ බිරිඳගේ පියා විසින් දෑවැද්දට ලබාදුන් එකක් බව පොලිසියට පවසා තිබේ.

 එම පුවරුව සෙල් ලිපියක් බවට හඳුනා ගැනීමට පුරාවිද්‍යා නිලාධාරීන් පරීක්ෂණ පවත්වයි. අලහප්පෙරුමාගම සෑම ඉඩමකම පුරාවස්තු තිබෙන බවත් ඇතැම් නිවෙස්වල ඉදිකිරීම් සඳහා පුරාවස්තු යොදාගෙන ඇති බවත් අලහප්පෙරුමාගම ප‍්‍රජාශාලාව ඉදිකිර ඇත්තේ පුරාවස්තු මත බවත් ප‍්‍රදේශවාසීහු පවසති.

2 Responses to “විජිතපුර පුරාවස්තු ඩෝසර් කිරීම: 10දෙනෙක් අත්අඩංගුවට – අලහප්පෙරුමාගම පල්ලියේ සභාපතිත් ඒ අතර සෙල් ලිපියක මිරිස් අඹරලා!”

  1. Ratanapala Says:

    The fact of the matter is that those responsible will be given light punishments and set free – and then to go and do more of the same. The proof of the pudding is in the tasting they say. So far how many of these miscreants have been ‘properly charged’, convicted and duely incarcerated. This is not to be seen.

    At Devanagala – Where is THAHEER whose name is very prominently displayed next to a rock inscription that has been defaced using acid. Who did this yet to be unravelled. Obviously the perpetrators including Thaheer are in the area.

    What is going to be the outcome of the Wilpattu Verdict which has been hailed as a landmark law case. To the ordinary person looking at the verdict – a person who cut and sold valuable hardwood trees are instructed to plant seedlings of the same tree in a similar area as a punishment.

    What is not clear is how this judgement is going to be implemented and most importantly what is going to happen to the area in Wilpattu thus destroyed and houses constructed with attending roads and other infrastructure. Does the worthy judgement means that the denuded area of Wilpattu is now land available for habitation and the accused goes away with the booty?

  2. aloy Says:

    These have gone to the extent that I saw one MP from north who spoke in all three languages in the parliament say “Sinhalaya paw”.

    I can post a picture here of a tall archeological monument being displayed in front of a house in Borella by the side of a main road; this must have been extracted from North or East.

    And I saw one of our leaders saying that the bull dozing of the K’gala kings court is no matter for concern and their ‘henchaiya’ minister saying that they will not allow even a hair on the one responsible for the job to be touched.

    How true are all these?; Sinhalaya destined for extinction in less than 25 years.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress