ෂාෆිට ඇප ලැබුණු දා රිෂාඩ් මට කථා කර සනීපෙන් ඉන්නවාද දැන් සතුටුයිද ඇසුවා – කුරුණෑගල හිටපු එස්එස්පී පාස්කු කොමිසමේදී කියයි
Posted on December 13th, 2020

එරික් ගාමිණි ජිනප‍්‍රිය උපුටා ගැන්ම දිවයින

p1 1

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමාට ස්ථාන මාරුවක් ලැබුණු බවත්, ෂාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණු දිනයේම හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා දුරකථනයෙන් තමා අමතා ‘දිසානායක මහත්තයා සනීපෙන් ඉන්නවද? දැන් සතුටුයි නේද?’ කියා විමසූ බවත් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දිසානායක මහතා එම කොමිසම හමුවට කැ`දවා තිබුණේ සහරාන් හෂීම් ඇතුළු ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් නුවරඑළිය ශාන්තිපුර ප‍්‍රදේශයේ පුහුණු ක`දවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ස`දහාය. එහිදී අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශාන් පිරිස් මහත්මිය කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිළිබ`දව දන්නේ දැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දිසානායක මහතාගෙන් විමසා සිටියාය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා-

ඔව් ස්වාමීනි. මම කුරුණෑගල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස 2018 මැයි 15 සිට 2019 අගෝස්තු 09 දක්වා රාජකාරි කළා. මම ෂාෆි ෂිහාබ්දීන් ගැන දැන ගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුවයි.

නීතිඥ රවිශාන් පීරිස් මහත්මිය-

එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් සමග සම්බන්ධයක් තිබූ බව ඔබ දැන සිටියාද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා –

එහෙමයි ස්වාමීනි. මම ෂාෆි ෂිහාබ්දීන් ගැන විමර්ශන මෙහෙයවූවා. එහිදී අනාවරණය වුණා රිෂාඞ් බදුර්දීන් සමග ෂාෆි ෂිහාබ්දීන්ට සම්බන්ධයක් තිබෙන බව. ෂාෆිගේ බැංකු ගිණුම්වල ඉතා කෙටි කලක් තුළ කෝටි 44 ක් හුවමාරු වී ඇති බව එම විමර්ශනවලින් හෙළිදරව් වුණා. නමුත් ෂාෆි වෛද්‍යවරයාගෙන් ඒ ගැන විමසූ විට ඒ ගැන අහන්න එපා කියලා ඔහු අපට කිව්වා. එම නිසා ඒ පිළිබ`දව අපට සැකයක් ඇති වුණා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා. කොහොම හරි එම විමර්ශන කටයුතු සිද්ධ වෙද්දී මටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මාරුවීම් ලැබුණා. ඒ වෙද්දී මගේ පුතා උසස් පෙළ විභාගයේ එක විෂයයකට ලියලා හිටියේ. එම නිසා මම මහත් අපහසුතාවකට පත් වුණා.

පසුව ෂාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඇප ලැබුණු දවසේම හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා මට දුරකථනයෙන් කතා කළා. කතා කරලා දිසානායක මහත්තයා සනීපෙන් ඉන්නවද. දැන් සතුටුයි නේද? කියා ඇසුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress