ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අනුබද්ධ ආණමඩුවකලාපීය මධ්‍යස්ථානයේ කෘෂි යන්ත‍්‍ර උපකරණ කාර්මික ශිල්පි පාඨමාලාව සදහා අයදුම්පත්කැදවයි
Posted on December 16th, 2020

ප‍්‍රවෘත්තී නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

         අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පදවි ප‍්‍රාප්තියට සමගාමීව සෞභාග්‍යයේ ඉදිරි දැක්ම  වැඩපිළිවෙළ යටතේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආණමඩුව ප‍්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන 

අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස  

ආයතනයට අනුබද්ධ  කලාපීය මධ්‍යස්ථානයක් ලෙස මෙම මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කිරිමට නියමිතය.  

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවිශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිනියගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කෙරෙන මෙම කලාපීය මධ්‍යස්ථානයේ 

කෘෂිකාර්මික යන්ත‍්‍ර උපකරණ කාර්මික ශිල්පි පාඨමාලාව ආරම්භ කිරීමටත් දෙවන අදියරේදී ධීවර බෝට්ටු එන්ජින්කාර්මික ශිල්පි පාඨමාලාව සහ විදුලි මෝටර් එතුම් කාර්මික ශිල්පි පාඨමාලාව 

ආරම්භකිරීමටත් නියමිතය.  

    පළමු අදියර ලෙස  2021 ජනවාරි  මාසයේදී කෘෂි යන්ත‍්‍ර උපකරණකාර්මික ශිල්පි පාඨමාලාව සදහා නවක සිසුන් බදවා ගැනීමට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාසආයතනය  සැලසුම්කර  කර තිබෙ. ඒ 

අනුව ඒම පාඨමාලාව සදහාඅයදුම් කිරිම කැමැත්තක් දක්වන සිසුන්ට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වෙබ් අඩවියෙන් අඅඅ.ජටඑඑස.කන ඒම අයදුම් පත් බාගත කර අයදුම්කළ හැකි අතර 

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය ලෙස 2020 දෙසැම්බර් 31 ලෙස දක්වයි. මෙම මධ්‍යස්ථානය සදහා බදවා ගන්නා පළමු සිසුන් පිරිස සදහා පුහුණු හා රැකියා අවස්ථා ලබා දීමට කෘෂී උපකරණ 

නිෂ්පාදනය කිරිමේ පෞද්ගලික ආයතනයක් මේ වන විටත් සුදානමින් පවති.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress