ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සර සඟරාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි
Posted on December 16th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ ජාතියේ සන්නිවේදකයා සඟරාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද 2020.12.16 දින උදෑසන විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පිළිගැන්වීය.

මෙරට ගුවන් විදුලි සේවාව ආරම්භ වී අදට වසර 95 ක් සපිරෙයි. ජාතියේ සන්නිවේදකයා ලෙස ගුවන් විදුලිය මේ දක්වා ජනතාවට අනුපමය සේවාවක් ඉටුකර තිබේ. දශක කිහිපයක්ම ලාංකේය මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නිවේදකයා වූයේ ජාතික ගුවන් විදුලියයි.

95 වසරක් සමරන ජාතික ගුවන් විදුලිය වාණිජ බලවේගවලට නතු නොවි ස්වකීය ජාතික මෙහෙවර ඉටු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභාශිංසන පළ කරමින් ප්‍රකාශ කළේය. ඒ නිසා  95 වසරක් පුරා ජාතික ගුවන් විදුලිය කළ ජාතික මෙහෙවර මෙරට ජනතාව අමතක නොකරනු ඇතැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

95 වැනි සංවත්සරයට සමගාමීව නිකුත් කළ යුග යුග නියෝජනය වන ගීත 95 ක් ඇතුළත් ගීත ඇල්බමය හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඕකිඩ් අංශය ගුවන් විදුලියේ 95 වන සංවත්සරය වෙනුවෙන් හඳුන්වා දුන් ඩෙන්රෝබියම් රේඩියේ සිලෝන් ( Dendrobium Radio Ceylon ) නමැති දෙමුහුන් ඕකිඩ් පුෂ්පය ද මෙහිදී අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූයේය.

1925 දෙසැම්බර් 16 වැනිදා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මුලිකත්වයෙන් මෙරට ගුවන් විදුලි සේවාව නිල වශයෙන් ඇරඹුණි. ආරම්භයේදී එය පැවතුනේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේය. 1949 ඔක්තෝබර් පළමුවැනිදා ගුවන් විදුලි සේවය රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කෙරුණි. ජෝන් ඒ ලැම්සන් මහතා එහි ප්‍රථම අධ්‍යක්ෂවරයායි. 1967 ජනවාරි 5 වැනිදා ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යළි ප්‍රතිෂ්ඨාපනය විය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ශ්‍රීි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

One Response to “ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සර සඟරාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි”

  1. aloy Says:

    Third para of the above refers. The statement by the PM appears factually incorrect.
    I listen to the english service when ever I am driving. Every two minutes or so they are promoting a ” jack mackeral tin malu” imported from far away Chli. It is a shame for our country to depend on canned fish from a far away country when we have an ecomic zone of sea seven or eight time the size of our country right around us. It is an insult to our fishermen who travel as far as Indonesia and also unable sell their catch. I ask PM to give these beggers few Ruppees to stop it instead of promoting racketeering importers.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress