නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන පුලතිසිපුර විද්‍යාපීඨයේ, ගුරුසිසුන්ගේ බඩු බාහිරාදිය විනාශ කිරීම සම්බන්ධවයි.
Posted on December 24th, 2020

ලංකා ගුරු සේවා සංගමය

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්.පීරිස් මැතිතුමා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන පුලතිසිපුර විද්‍යාපීඨයේ,
ගුරුසිසුන්ගේ බඩු බාහිරාදිය විනාශ කිරීම සම්බන්ධවයි.

පොළොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පිහිටා තිබෙන පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨය මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන අතර එහි ර`දවා සිටින් පිරිස විසින් විද්‍යාපීඨ ගුරු සිසුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ කර ඇති බවට අප සංගමය වෙත තොරතුරු ලැබී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම විද්‍යාපීඨයේ සිසුන් සියල්ලට එක් දිනක් ඇතුලත දී නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස දන්වා එම නේවාසිකාගාරය ඇතුලත් විද්‍යාපීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ආණ්ඩුව විසින් භාවිතා කරයි.

හදිසියේ සිසුන් ඉවත් කිරීමට ගත් පියවර හේතුවෙන් ඔවුන් තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඇ`දුම්, පොත්පත් තමන්ට හිමි කබඞ් වල දමා යතුරුලා පැමිණ තිබේ.

නමුත් මේ වනවිට සිසුන් හරහාද, වෙනත් මාර්ග හරහාද, අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නිරෝධායන වන රැු`දවියන් විසින් කබඞ්වල ඉබි යතුරු කඩා ඒවායේ හා පොදු කාමරවල තිබු බඩු බාහිරාදිය පරිහරණයට ගෙන ඇති බවත් ඒවා කඩා බි`ද විනාශ කර ඇති බවත් ඇතැම් වටිනා උපකරණ සොරාගෙන ඇති බවත් තවදුරටත් වාර්තා වේ.

එක් සිසුවෙකුගේ බඩු බාහිරාදිය හා ඇ`දුම්වල වටිනාකම රු. ලක්‍ෂයකට වඩා වැඩි බවත්, සමහර ගුරු සිසුන් ඉතා අසීරුවෙන් මෙම බඩු බාහිරාදිය සපයා ගෙන ඇති බවත්, මේවා විනාශ කිරීම, අස්ථානගත කිරීම සම්බන්ධව වගකීම විද්‍යාපීඨ බලධාරීන්ද, අධ්‍යාපන අමාත්‍යංශයද, ඇමතිවරයා ලෙස ඔබද, පොදුවේ ආණ්ඩුවද භාරගත යුතු බව අප පෙන්වා දෙන්නෙමු.

මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදවුවන් සියල්ල බන්ධනාගාර රැු`දවියන් බවද ඔවුන් සමහරුන්ගේ චර්යාවන් පිළිබ`ද අනවබෝධයෙන් වෙනත් රජයේ ස්ථාන තිබියදී විද්‍යාපීඨයක් මේ ස`දහා යොදවා ගැනීම ආණ්ඩුවේ අදුරදර්ශී තීරණයක් බවද අවධාරණය කර සිටිමු.

නිරෝධායනයේ යෙදී සිටි රැු`දවියන් ගුරු සිසුන්ගේ කබඞ් කඩා විවෘත කර එහි වු පොත්පත් හා ලේඛනවල ස`දහන් ගුරු සිසු, සිසුවියන්ගේ දුරකථන අංකවලට අමතා ඇති බවත්, එහිදී ඔවුන් ගුරු සිසුන්ගේ බඩු බාහිරාදිය පරිහරණයට ගත් බවත්, ඒවා විනාශ කර දමා ඇති බවත් පවසා තිබේ.

ආණ්ඩුවත්, අධ්‍යාපන අමාත්‍යංශයත් මෙකී තත්ත්වයට සම්පුර්ණයෙන් වගකිව යුතු බැවින් ගුරු සිසුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ කිරීමට අදාල පුර්ණ වන්දියක් ලබා දීමට පියවර ගත යුතු බවත්, මේ පිළිබ`ද වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් ලංකා ගුරු සේවා සංගමය ලෙස අප ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරු සේවා සංගමය

පිටපත් – 01.ශවේන්ද්‍ර සිල්වා(හමුදාපති* – කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධන කමිටුව
02.ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය
03.විද්‍යාපීඨ කොමසාරිස් – අධ්‍යාපන අමාත්‍යංශය
04.පීඨාධිපති – පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress