ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධය නිෂ්පාදනය නවතා දමයි..
Posted on December 26th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි පැවසූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

https://www.facebook.com/watch/?v=428865881485324&t=12

එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි වරකාපොල ප‍්‍රාදේශී්‍ය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සමග ඔහු පවසා ඇත.

කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කර ඇත.

එනිසා මෙම ඖෂධය සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් මාධ්‍ය අමතමින් කියා සිටියහ.

One Response to “ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධය නිෂ්පාදනය නවතා දමයි..”

  1. Ratanapala Says:

    මේ වෙදමහතාට කරන්න තියෙන්නේ තමාම කෝවිඩ් වාට්ටුවකට ගොස් කෝවිඩ් තමාට බෝ නොවනබව පෙන්වීමයි!

    වෙඩි නොවදින ඇඳුමක් අලෙවි කරන්නට එන පුද්ගලයා පලමුව කල් යුත්තේ තමාම එම ඇඳුම ඇඳගෙන වෙඩි පහරකට මුහුණ දීමයි!

    එසේ කලහොත් දැනට දේශපාලුවෝ සහ මුග්ධ අඥාන ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවී ඇති සහ වෙමින් පවතින මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නැහැ.

    මේ පැණියෙන් කෝවිඩ් නියත ලෙස සනීප කලහැකි බව ප්‍රකාශ කලහැක්කේ සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයින් කරණ නියමිත පරීක්ෂණ වලින් පමණයි!

    දැනුම්වත් අය Pacebo Controlled Double Blind Randomized Tests ගැන මහජනයාට දන්න භාෂාවෙන් කියලා දුන්නොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් අවුසදයක් ජනගත කිරීමට අවශ්‍ය කරුණු මොනවාද කියා!

    නැත්නම් තව දුරටත් සිදුවන්නේ රටට ජාතියට විහිලු සැපයීම පමණයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress