අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 205 වැන්නට එක්වෙයි
Posted on December 29th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 205 වැන්න අද 2020.12.29 දින විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, ධර්ම දේශනය සඳහා වැඩම කළ වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේය.

බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර මෙම ධර්ම දේශනා මාලාව පැවැත්වෙයි.

අප දක්ෂ විය යුත්තේ නූපන් අකුසල් නූපදීමට යැයි දේශනා කළ ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින් කළ විට සසරට අවශ්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥාව ලැබෙන බව දේශනා කළහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වැසියාට සෙත්පැතීම ද මේ අවස්ථාවේ සිදු විය.

අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress