නව වසරට සුභාශිංසන
Posted on December 31st, 2020
ඒ.ජේ.එම්.මුසම්මිල් ඌව පළාත් ආණ්ඩුකාරවර
නව වසර යනු අප ජීවන රටාව තුළ මුහුණ පෑමට සිදු වූ ජය පරාජය හා අඩු ලුහුඩුකම් දෙස නැවත හැරී බැලීමට අවශ්‍යය මොහොතකි. පිරිසිදු චේතනාවන් මුසු අවංක කැප කිරීම් කිරීමෙන් කළ නොහැක්කක් නොමැති බව ලොවටම සපථ කළ ජාතියක් ලෙස අපගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම අපගේ වගකීමකි.
සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලු ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් ලෙස තම තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සුහදව ජීවත් වීම සදහා අප විසින් නිර්මාණය කළ පසුබිම තවදුරටත් සුරක්ෂිත කළ යුතුය. ඉන්දියන් සාගරයේ නිල්දිය රැලි මත දිදුලන සියල් සපිරි සුපහන් දේශයක් නිර්මාණය කිරීම සදහා විනයගරුක පිරිසක් ලෙස පෙරටම යා යුතුය.
දැනට ලෝකය වෙලාගෙන ඇති මාරාන්තික වෛරසයට තිත තැබීමට හැකිවේවා! යන්න උදාවන නව වසරේ අප සියලු දෙනාගේම ඒකායන බලාපොරොත්තුව වන අතර ජනතා සුභ සිද්ධිය උදෙසා රට තුළ ක්‍රියාත්මක නීතී රීති වලට ගරු කරමින් ආත්මාර්ථයෙන් තොර පාරාර්ථකාමී ශ්‍රී ලාංකිකයින් ලෙස නිවසේ සිටම පවුලේ සමාජිකයින් සමඟ නව වසරේ උදාව සාමකාමීව සමරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
උදා වූ නව වසර ශ්‍රි ලංකා වාසී සියලු ජනතාව හට සාමය, සතුට හා සෞභාග්‍ය පිරි නීරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා! යන්න මාගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.
ඒ.ජේ.එම්.මුසම්මිල්
ඌව පළාත් ආණ්ඩුකාරවර