කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි
Posted on January 4th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදි කළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.01.04 දින විවෘත විය.
රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිවාසී, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඉදි කර තිබේ.
කටුබැද්ද රාහුල මාවතේ සුසිරි පෙදෙසේ පදිංචි ඩබ්ලිව්.එම් වසන්ත වර්ණසූරිය මහතා සහ ආර්.එම්. ලංකා වර්ණසූරිය මහත්මිය ඇතුළු දෙස් විදෙස් සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයන් ඒ සඳහා මුල් වී ඇත.
සියම් මහා නිකායේ කොට්ටේ පාර්ශවයේ අනුනායක, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමි සහ නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුලු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ වදාළහ.
අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ප්‍රේමනාත් සී. දොලවත්ත මහත්වරු ඇතුලු සම්භාවනීය අමුත්තන් සහ දායක දායිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.