පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි
Posted on January 9th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් ඉදි කරන ලද පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය  බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.01.09 දින විවෘත විය.

රට හදන සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින්, මහජන අරමුදල් යටතේ මෙම සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන වැයකරමින් ඉදි කර තිබේ.

සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීම ද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, අනුරාධ ජයරත්න, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, මංජුලා දිසානායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.රත්නායක මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress