අග්‍රාමාත්‍යතුමා, මැල්සිරිපුර විමලරතන නා හිමියන්ගේ සුවදුක් විමසයි
Posted on January 10th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කසාගල පුරාණ රජමහා විහාරාධිපති, ඉහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක,පූජ්‍ය මැල්සිරිපුර විමලරතන නාහිමියන් බැහැ දුටු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා අද  2020.01.09 දින උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

රජයේ ඉදිරි ශාසනික හා සමාජයීය කටයුතු මෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී නාහිමියන් දැනුවත් කළේය.

ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ පූජ්‍ය මැල්සිරිපුර විමලරතන නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද එක් කළහ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක් විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress