සිහනද ඉදිරියේ,හැකිලෙන හිවල් කැල …………
Posted on January 10th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වී වසරකි. ඒ කාලය තුලදී එතුමා කිසිවෙක් ඉලක්ක කර කිසිදු ප්‍රකාශයක් නිකුත් කලේ නැත. ඒ එතුමා සාමාන්‍ය තලයේ දේශපාලඥයෙකු නොවන බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා, යනු චමල් ජයන්ත, බැසිල් රෝහණ, පර්සි මහින්ද යන නාමදාරි දේශපාලඥයින් අතරම උපත ලද, දේශපාලඥයකු නොවෙන, රට වෙනුවෙන් සටන් කිරීම අරමුණු කරගෙනම මෙලොවට උත්පාදනය කල චරිතයකි.

අතීතයේ අපි මෙවන් චරිතයක් දකිමු. ඒ මෙවැන්නකි. මිලින්ද රජුගේ ගැටළු නිරාකරණය කර මෙලොව වැඩසිටි මහා සංඝ රත්නය මිලින්ද රජුගේ පීඩනයෙන් ගලවා ගැනීමට ශක්‍ර දිව්‍ය රාජයන් විසින් මහාසේන නම් දිව්‍ය කුමාරයෙක් මෙලොවට එවන ලදී.එම දිව්‍ය කුමාරයා මිනිස් ආත්මයක් ලබා නාගසේන නමින් ප්‍රකටව, පසුව පැවිදිව,රහත් බව ලබා රජයත්, බුදු දහමත් රටත් වැසියාත් නිවැරදි දිසාවකට ගෙන පසුව පිරිනිවන්පාන ලදී. එවන් දෑ මෙලොව නිතරම සිදුවේ.

අගාධයට වැටී ඇති, රටත් ජාතියත් බුදු දහමත් අධර්මිෂ්ඨයින් ගෙන් මුදවා ගැනීමේ අරමුණින් දිගුකාලින සැලසුමකට අනුව දිව්‍ය ලොවින් මෙවර අපේ රටට ඒවා ඇත්තේ, නාගසේන කෙනෙක් නොව නන්දසේන කෙනෙකි. නන්දසේනත්, නාගසේනත් මෙලොවට පැමිණියේ එකම තැනක සිට එකම ආකාරයේ කාර්යන් දෙකක් කිරීමටය. නාගසේන ඉතා සාර්ථකව සිය කාර්යය නිමවා ගිය අතර අද මෙහි පැමිණ සිටින නන්දසේන සිය කාර්යට අතගසා ඉතා සාර්ථකව සිය වගකීම ඉටුකරමින් සිටි.

එදා නාගසේනයන් මෙන් නොව මෙදා නන්දසේනයන්ට සිදුකිරීමට ඇති කාර්යභාරය ඉතා සංකීර්ණය. එදා මිලින්ද මහා රජු,ඇසු ප්‍රශ්න මෙන් නොව මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ට විසදීමට ඇත්තේ ඉතා පහත් අඳබාලයන් විසින් රටටත් ජනතාවටත් බලපාන ආකාරයට නිර්මාණය කරන ලද ප්‍රශ්න කන්දරාවකි.මේ ප්‍රශ්න විසදීම සඳහා එතුමා වෙත බලය ලබාදෙන ලද්දේ, මිට වසරකට පෙරය. බලය ලබාගත් මෙතුමා තමන්ගේ පදවියේ දිව්රුම්දීම සඳහා රුවන්වැලි සෑ රජුන්ගේ අභියස සිදුකිරීමට තීරණය කිරීම තුලම ඇත්තේ එතුමා හා මේ සෑ  රජුන් අතර ඇති ඥාතිත්ව යයි.

මේ දිවුරුම අපට ඉතා පැහැදිලිව දක්වා සිටියේ, මෙතුමාගේ පාලන කාලයේදී, රටත්, සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත බවය. එදා මේ සෑ රජුන් නිර්මාණය කිරීම සඳහා ගොඩනැංවීමේ සමාරම්භක අවස්ථාවේදී, මේ සෑයේ වටප්‍රමාණය බිමෙහි සටහන් කිරීමට තෝරාගෙන තිබුන සුප්‍රතිෂ්ඨික නම් වූ මංගල සම්මත ආමාත්‍ය පුත්‍රයා සුදානම්ව සිටි බව අපි දනිමු. ඔඑම පුත්‍රයාගේ පියා දුටු ගැමුණු මහරජතුමාගේ අමාත්‍යවරයෙකු වූ නන්දසේන නම් වූ බ්‍රාහ්මණයකු විය.

ඒ ආමාත්‍යවරයා මේ වනවිට මෙරට ජනාධිපති පදවිය දක්වා ගෙනවිත්, එදා දුටු ගැමුණු මහා රජතුමාගේ ඉතිරි කාර්යභාරය සිදුකරගෙන යාමට නියම කදී ඇති බවක් අපට පෙනේ. ඒ බව මුළු රටටම තදින් දැනේ.මේ චරිතය කවුදැයි යන්න අපි 2010 වර්ෂයේ සිටම කතාකල චරිතයක් වන අතර, යහපාලන යුගයේදී අපි ඒ පරගැතිසේනලාගෙන් සමන්විත රජයට දන්වා සිටියේ  “පුච්චාගනු එපා තබලා ඇත මොහුට ” යන ශිර්ෂ පාඨයද සහිතවය. ඒ මෙසේය.

http://www.lankaweb.com/news/items/2015/12/02/%e0%b6%b4%e0%b7%94%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%94-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%ad%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84/

අප ඉතිහාසය පුරා මෙසේ හඬ නැගුවද කැනහිලුන්සේ මෙතුමාගේ චරිතයට පහරදීමට උත්සහ දැරුවන් රාශියක් සිටියද, ඉන් අල්පයක් බලල අඬු බවට පත්ව කටයුතු කරනු දුටුවෙමු. ඒ අතර හරින ප්‍රනාන්දු නම්වූ ජනතාවට අප්‍රසන්නම හිටපු ඇමතිවරයයා සිටි අතර, ඔහු “ස ෆේල්” නම් දේශපාලන කොලමක් ගෙනගොස් එය බෝල්වූ මොහොතේ, නන්දසේන යන නම උලුප්පාලමින් ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාට පාසල් යන වයසේ නොදරුවන් සිදුකරන ආකාරයේ නොමේරු ළදරු දේශපාලන රැඟුමක් පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටතදීත් සිදු කරමින් සිටියහ.

“එම්බල සුනඛය, පාර්ලිමේන්තුව යනු තොප සිතන ආකාරයේ, කෝලම් මඩුවක් නොවේ, මෙහි උරුමය ඇත්තේ ජනතා වරමින් පාර්ලිමේන්තුවට පත්වෙන ජනතා නියෝජිතයින්ට හා විශේෂිත ගුණාංග ඇති රටට වැඩදායක බුද්ධිමතුන් තොරාපත්කල මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම සඳහායි” යන්න සිහනාද තුලින් ප්‍රකාශ කර සිටියහ.

මෙම සංඥාව ඔහුට පොලිස්පතිතුමා ලඟට තල්ලු කර හැරීමට සමත්වූ අතර එදා තම පියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව කි දෑ අසා මේ ආකාරයටම පොලිස්පතිතුමා සොයා ගියේ නම් මිනිස් ජිවිත 300ක් බේරා ගැනීමට ඉඩ තිබුණි. මේ ක්‍රියාව තුලින් හරින් ප්‍රනාන්දු නම් වූ පුද්ගලයාගේ අසමත් බාවය පැහැදිලිව සනිටුහන් කොට ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress