2018 අ.පො.ස. උසස්පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ මෙතෙක් ආරම්භ නොකිරීම සම්බන්ධව.
Posted on January 12th, 2021

ලංකා ගුරු සේවා සංගමය

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

2018 අ.පො.ස. උසස්පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ
සම්මුඛ පරීක්ෂණ මෙතෙක් ආරම්භ නොකිරීම සම්බන්ධව.

2018 අ.පො.ස. උසස්පෙළ විභාග ප්‍රතිඵල මත විෂයානුබද්ධව අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳහා සිසුන් බ`දවා ගැනීමට 2020.09.04 දිනැති ගැසට් පත්‍රය මගින් අයදුම්පත් කැ`දවා තිබු නමුත් මෙතෙක් සම්මුඛ පරීක්ෂණ ආරම්භ නොවීම නිසා ඊට අයදුම් කළ 40000 කට අධික වන සිසුන් පීඩාවට පත්වීම සම්බන්ධව ඔබගේ දැඩි අවධානය යොමු කරමු.

02ග විශේෂයෙන් අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුලත් වීමට අපේක්ෂාවෙන් සිටින මෙම සිසුන් අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිට මේ වනවිට වසර දෙකහමාරක පමණ කාලයක් ගත වී ඇති අතරම අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඊට අයදුම්පත් කැඳවා මාස 05 කට ආසන්න කාලයක් ගත වී ඇත. මේ නිසා ඔවුන්ගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම රටේ පවතින විවිධ ආර්ථීක ගැට`ඵ නිසා වෙනත් රැකියාවලට යොමු වීමේ අවස්ථා ද, ඔවුන්ගේ ජීවිතවල විවිධ තීරණ ගැනීමට නොහැකිව මේ සඳහා බලා සිටීමට සිදුවීම ඛෙහෙවින්ම කණගාටුවට කරුණකි.

03ග එහෙයින් අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතිය තුළ වන අධ්‍යයන ගැටඵ මෙන්ම බොහෝ ග්‍රාමීය පාසල්වල පවතින උග්‍ර ගුරු හිඟය පිළිබඳව ද කිසිදු අවධානයක් යොමු නොකොට නිරෝධායන කටයුතු සදහා ඕනෑතරම් වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන තිබියදී කිසිදු වග විභාගයකින් තොරව මෙම විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබාදී තිබිණි. එහිදී සිදුව ඇති දේපල හානි මෙන්ම විද්‍යාපීඨ නැවත සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යථාවත් කිරීමට යාමේ දී සැලකිය යුතු කාලයක් ගත වීම එතෙක් පැවති ගැටළු තවදුරටත් උග්‍ර කර ඇත.

එහෙයින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර අධ්‍යාපන විද්‍යාපීඨ නැවත විවෘත කරන තෙක් බලා නොසිට කඩිනම් විකල්ප වැඩපිළිවෙලක් හරහා ඉදිරි සතිය තුළ 2018 අධ්‍යාපන විද්‍යාපීඨ නවක සිසුන් බඳවා ගැනීමට අදාලව නාම ලේඛන ප්‍රසිද්ධ කර සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීම ස`දහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලංකා ගුරු සේවා සංගමය එසේ නොවන්නේ නම් ඔවුන්ගේ අයිතිය දිනාදීම වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද වැඩිදුරටත් අවධාරණය කරමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය
සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත් – 01.ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය
02.විද්‍යාපීඨ කොමසාරිස් – අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress