තෛපොංගල් සුභ පැතුම්
Posted on January 13th, 2021

ඌව පළාත් ආණ්ඩුකාරවර

ස්වභාව ධර්මයට කෘතගුණ සලකණු වස් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී සියලූ හින්දු බැතිමතුන් වෙත මාගේ තෛපොංගල්  සුභ පැතුම එක් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වන්නෙමි.

මානව සංවර්ධනය ආරම්භයේ සිට ස්වභාව ධර්මය හා බැඳුනු මිනිසා, ස්වභාව සෞන්දර්යය ප්‍රථාපවත්  කරන හිරු දෙවියන් වන්දනා කිරීම කෙරෙහි තබා ඇති අපරිමිත විශ්වාසය හෙලි කරන, විශිෂ්ඨ මෙන්ම විශේෂ උත්සවයක් ලෙස තෛපොංගල්  උත්සවය පෙන්වා දිය හැකිය. මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති හැඟුම්බර බැඳීම්වලට කෘතගුණ සැලකීමේ මහඟු අවස්ථාවක් වන මෙම උත්සවය එම ජනතාවගේ ආධ්‍යාත්මික ජීවන රටාවට යහපත් සිතුවිලි එක් කරන උත්සවය ලෙසද හැඳින්වීම මනාය.

එසේම ගොවිතැනට ගරු කිරීමේ අරමුණින් සමරන තෛපොංගල්  උත්සවය ආහාර නිෂ්පාදනය වැඩිකර ඒ හරහා සෞභාග්‍යය ළඟා කර ගත යුතුය” යන රජයේ උත්සහයටද හවුහරණ සපයයි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම” යන ගමන ජයග්‍රාහීව ආරම්භ කර ඇති මෙවන් අවස්ථාවක බලාපොරොත්තු නොවූ අයුරින් රට තුළ හට ගෙන ඇති කොවිඩ් – 19 වසංගත තත්ත්වය මැඩලීමට ලෝකය සමඟ එක්ව අපද සටන් කරන්නෙමු.

කෙසේ වෙතත් අභියෝගවලට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය  කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය හා ධෛර්යය අප තුළ ඇත, යන්න අපගේ ඒකායන විශ්වාසයයි.

දුරුතු මාසයේ උදාව සියලූ පැතුම් ඉටුවේ” යන විශ්වාසයෙන් යුතුව සමරන තෛපොංගල් උත්සවය තුළින්  සියලූ ජනතාව තුළ සාමය, සතුට හා සෞභාග්‍ය උදාවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමි.

ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress