අග්‍රාමාත්‍යතුමා කොටුගොඩ ධම්මාවාස නාහිමි බැහැ දකී
Posted on January 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දැකීමට අද 2021.01.26 දින ශ්‍රී ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

උන්වහන්සේගේ 89 වන ඡන්ම දිනය අද දිනට යෙදී ඇති අතර ඡන්ම දිනට සුභාශිංසන එක් කළ අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

ලොවම වෙලාගත් වසංගත අභියෝගය හමුවේ මෙරට ජනතාව එම පීඩනයෙන් මුදා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට ප්‍රශංසා පෙරදැරිව අනුශාසනා කළහ.

මෙම අවස්ථාව සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress