පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?
Posted on January 27th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මෑතකදී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ බව දන්වා තිබෙන බවය.

පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් මෙම ස්ථාන තුන ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට කල සංචාරයේදී දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

සම්මන්ත්‍රණ සභාවක් අමතමින පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress