නැගෙනහිර පරියන්තය .මට හිතෙන හැටියට ගැටලුව ආයෝජන කියන වචනයේ තේරුම දන්නේ නැතිකම .
Posted on January 30th, 2021

චාර්ල්ස් පෙරේරා 

සමගි ජන බල වේගයත් , ජනතා විමුකිති පෙරමුනත් මේ නැගෙනහිර පරියන්තය  පිළිබඳව අර්බුදයක්  ඇතිකරගෙන තියෙන්නේ  මොන ක්‍රමයෙන් හෝ ජනාධිපති ගොටභය මැති තුමාගේ  රජය   පෙරලලා  උන් ගේ දේශපාලන ඔනෑකම්  ඉටුකරගන්න.  හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේ චමුදිත, මදුශාන්ත, හා චාපාටත්   දෙරණ 360 වැඩසටහනේ  සංකටත්  වාදපිටියේ චතුරටත් ඔනෑ  මාද්යවෙදීන් වශයෙන් ජනප්ප්‍රියවෙන්ට.   මුන්ට රටට  ජනතාවට වඩා අවශ්‍ය ඔවුනොවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකරගන්න. 

නමුත්  ඇල්ලේ ගුණවංස හාමුදුරුවන්ටත් , මුරුතෙට්ටුවේ ආනන්ද  හාමුදුරුවන්ටත් මැදගොඩ අබයතිස්ස හාමුදුරුවන්ටත් මොනවාද ඕනෑ  ? මේ හාමුදුරුවරුන්ට වෙලාතියෙන්නේ  උන්වහන්සේ ලා ගොටාභය ජනාධිපත් තුමා කෙරෙහි තැබු විශ්වාශය නැතිකම නේද

අපි බෞද්ධයන් වශයෙන් හිතනවා සංඝයාවහන්සේලා පෘතග්ජන බෞද්ධයන්ගේ කල්‍යාන මිත්‍රයන් කියලා.  ඒ කල්‍යාන මිත්‍රත්වය අතරමගදී කඩා හැලෙන්නේ නෑ . බෞද්ධ භික්ෂුවක් විශ්වාශයක් තියන්නේ විශ්වාශය කරන්ට පුළුවන්  කෙනෙක් හඳුනාගෙන. අතරමගදී  ඒ විශ්වාශය  කැඩුනොත් එයට හේතු හොයලා බලන්ට ඕණා. 

අපේ සිංහල මිනිස්සුන්ට බෑ  කොයි කවුරු  කෙනෙක් කෙරෙහි දිගුකාලයක්  විශ්වාශයක් තියාගන්න. බොහෝවේලාවට එයට හේතුව තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන වල අඩුවක් නිසා විය හැකයි.  සක්ඛාය දිට්ඨිය නැතිකරගන්න ලේසිනෑ. 

 2015දීත්  ඔය දේම උනෙත්  පුංචි ලාභ ප්‍රයෝජන  සඳහා තුබූ තන්හාව නිසා,  2005 ඉඳලා ලංකාව නව දියුණු මාවතකට හරවලා අවුරුදු 30ක යුද්ධයක් ඉවරලකරලා  1948 ඉඳන්  නොදුටු දියුණුවක් ඇතිකරගෙන  ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනගිය මහින්ද රාජපක්ෂ  ජනාධිපති තුමත්  ගොටාභය රාජපක්ෂ  ආරක්ෂක ලේකම් තුමනුත් අහකදමල  එතුමන්ලා කෙරිහි තුබූ විශ්වාශය තුට්ටුවකටවත් ගණන්ගන්නේ නැතිව පාගලා දාලා  එක්සත් ජාතික පක්ෂයේ රනිල් සිරිසේන යහපාලනයට රට විනාශය කිරීම  සඳහා පාවාදුන්නේත් ඔය අපි බෞද්ධයන්ගේ කල්යානමිතුරන් හැටියට සලකන මාදුලුවේ සෝභිත හමුදුරුවෝවගේ  හාමුදුරුවන් පිරිසක්  එදා ශ්‍රී ලංකාවේ මිනීවල කපපු නිසා. . 

2005 ඉඳලා 2009 වන කල්  රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව අපේ සිංහල ආත්මාර්තකාමීන්ට පෙළපාලි පවත්වන්ට  පිළිවෙලක් තිබුනේ නෑ  ප්‍රභාකරන්ගේ  කොටි ත්‍රස්තවාදීන්ට තිබුණු  මාර භය නිසා. එහෙම නැත්නම් මුන් එදත් රාජපක්ෂ  ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි තියනවා අනුමානයක් නෑ.  ඔන්න අපේ සිංහල බෞද්ධයන්ගේ විශ්වාශ කරන්න නොපුළුවන්  දුර්වල මානසිකත්වය.  සිංහල භික්ෂුවන් උනත් සිංහල බෞද්ධ මාද්‍ය වේදින් උනත්  වෘත්තිය සමති උනත් මානසිකත්වයේ වෙනසක් නෑ.    ඕකයි අපට දියුනුවක් නැත්තේ. 

මොකක්ද මේ ආයෝජනය කියන්නේ. ආයෝජනයක් කියන්නේ යම්කිසි සංවර්ධන කටයුත්තක්  සඳහා හෝ වෙනත් ආදායම් ලබන  කටයුත්තක් සඳහා  තම රටේ හෝ වෙනත් රටක සමාගමක් හෝ  පුද්ගලයෙක්  ඒ සංවර්ධන කටයුත්ත සඳහා ඔවුන්ගේ මිල මුදල් යොදවා ඒ වැඩකටයුත්ත  කරනවා. ඒ සඳහා ඇතිකරගන්න කොන්තරාත්තුවකින් ඒ  සංවර්ධන කටයුත්තෙන්  අවසානයේ සංවර්ධනය කල හෝ  හදන ලද දෙයින්  ලබන ලාභ ප්‍රොයෝජන බෙදාගන්නවා. ඒ සංවර්ධන කටයුත්තෙන් පසුව සංවර්ධනය කල දේ  ඒ සංවර්ධනය කල සමාගමට හෝ පුද්ගලයන්ට අයිතිවෙන්නේ නෑ ආදායම බෙදාගන්න එක විතරයි කෙරෙන්නේ .

ලංකාවේ  නැගෙන හිර පරියන්ත සංවර්ධනය  ගැන මොකද වෙලා තියෙන්නේ. පසුගිය යහපාලන රජය ජපානය සමග කොන්ත්‍රාත්තුවක් (MoU) අත්සන්කලා නැගෙන හිර පරියන්ත සංවර්ධනයකිරීම සඳහා ඩොලර් මිලියන 500ක නයක්   ලබාගැනීමට. ඉන්දියාව සමඟ  කොන්ත්‍රාත්තුවක්  අත්සන්කලා   නැගෙනහිර පරියන්තය හදන්න ආයෝජනයක් කරන්න .  

හැදුවයින් පස්සේ ඒ නැගෙන හිර පරියන්තයෙන් එන ආදායමෙන් ඉන්දියාවටයි ජපානයටයි   සීයට 85කුයි ලංකාවට සීයට 15කුයි බෙදාගන්න.   ඒ සඳහා ඉන්දියාව යෝජනකලා ඒ සංවර්ධන කටයුතු සඳහා එවැනි සංවර්ධන කටයුතු කරලා පලපුරුද්ධක් තියෙන අද්වානි සමාගම ඒ කටයුත්ත භාරදෙනවා කියලා . 

ගොටාබය  රාජපක්ෂ  ජනාධිපති තුමා එදා ආරක්ෂක ලේකම් වශයෙන් හෝ අද ජනාධිපති වශයෙන් පගාවක්, හොරකමක් හෝ කොමිසමක්  ලබාගන්න තරම් බාල වැඩක් කරන මිනිහෙක් නොවේ යන  විශ්වාශය  බුද්ධිමත් රටවැසියන් අතර තියෙනවා.  එදත් තිබුනා අදත් තයෙනවා. 

ඒ විශ්වාශය  නැත්තේ ඇල්ලේ ගුනවංස, මුරතෙට්ටුවේ ආනන්ද මැදගොඩ අබයතිස්ස වගේ හාමුදුරුවරුන්ට, සමහරක් මාද්‍යවේදීන්ට හා අද අකුරට වැඩකරන  පෙලපාලි යන  වෘතිය සමිතිකාරයින්ට මෙන්ම   තමන්ගේ වාසිය සඳහා ඔනෑ  කැත වලකට අත දාන්න   සුදානම්  ජනතා විමුක්ති පෙරමුනටත් , මහා මෝඩ ප්‍රජාතන්ත්රවාදය  නොදන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ සමගි ජන බලවේගයට. 

ජනාධිපති ගොටාබය රාජපක්ෂ මැතිතුමා  කියනවා යහපාලනය රජය ලංකාවේ  නැගෙන හිර පරියන්ත සංවර්ධනය සඳහා ගෙන තිබෙන  කොන්ත්‍රාත්තුව (MoU) හොඳ නෑ කියලා. අද ලංකාවට පුළුවන්කමක් නෑ ජපානයෙන්  ඩොලර්  මිලියන 500ක නය මුදලක් අරගෙන ගෙවන්න.  

නිසා  ජනාධිපති ගොටාබය රාජපක්ෂ මැතිතුමා  කියනවා   ඉන්දියාව රෙකොමදාරු කරන  අද්වානි සමාගම එක්ක  සම්බන්ධවෙලා ඔවුන්ට නැගෙන හිර පරියන්ත සංවර්ධනය කරන්න ආයෝජන කරලා කියන්නේ අද්වානි සමාගමෙන් සල්ලිදාලා වැඩේ කරලාඊට පස්සේ  සංවර්ධනය කල පරියන්තයෙන් ලැබෙන ආදායමෙන් ඔවුන් වියදම් කල මුදල ආපසු ගෙවෙන තෙක්  අවුරුදු 35කට සීමා කරලා ඔවුන්ට සීයට 49 කොටසකුයි ශ්‍රී ලංකාවට  සීයට 51කුයි බෙදාගන්න පුළුවන් කියලා . එහෙම  කොන්ත්‍රාත්තුවකට එළඹෙන එක හොඳ නැද්ද

මෙතන නැගෙන හිර පරියන්තය අද්වානි සමාගමට හෝ ඉන්දියාවට දෙන්නේ නෑ. වෙන්නේ  පරියන්තය හැදුවායින්  පසු ලබන ආදායමෙන්  ඉහත කී පරිදි  ආදායම බෙදාගන්න එක පමණයි. මේක කිරි දරුවෙකුටවත් තේරෙනවා.  තේරෙන්නේ  නැත්තේ  අවිශ්වාශයෙන් අන්ධ ඌවන්ට පමණයි. 

මොකද ඉන්දියාව මොකද අද්වානි සමාගම.  මේ පර්යන්ත වලින්  ආදායම් ලබන්නේ  ප්‍රති ආපනය කිරීමෙන් .  දැනටමත්  ඉන්දියාව  සීයට 60ක් ප්‍රති ආපන ජාවාරම  කරනවා.  ලංකාව ඉන්දියාව  හා ඉන්දියාව විසින් යෝජනා කරන අද්වානි සමාගමට නැගෙනහිර පරියන්ත සංවර්ධනය නොදුන්නොත්  ඉන්දියාවට පුළුවන්කමක්,තියෙනවා ඔවුන්ගේම ගැඹුරු පරියන්තයක් කෙරලාවේ හෝ අන්දමන් දුපත් මුහුදු තීරයේ  හදන්න. එහෙම කලොත් ඉන්දියාවට පුලුවන්වෙනවා ලංකාවේ නැගෙනහිර පරියන්තයට එන නැවු ඔවුන්ගේ පරියන්තයට හරවාගන්න.  එහෙම උනොත්  අපට නැගෙනහිර පරියන්තයෙන් බලපොරෝත්තුවෙන ඩොලර් කන්දනාව නොලැබෙන්න පුළුවන්.  

ලංකාවේ ඉන්ජිනේරුවෝ කියනවා මේ සංවර්ධන කටයුත්ත ඔවුන්ට කරන්න පුළුවන් කියලා. නමුත්  එතකොට ඒකට යන මුදල දෙන්නේ කවුද  ? ගැඹුරු පරියන්තයක් හදනකොට කොපමණක් භාදාවන්නොදුටු තාක්ෂණික ගැටළු, ඇතිවිය හැකිද ? එහෙම උනොත් තව තවත් නයගන්න සිදුවෙය් නේද එහෙම උනොත් අද ලංකාවට  මුහුණ දී තිබෙන ආර්ථික ගැටුලු ඉදිරියේ තවතවත් නයවිය හැකිද?  

එහෙම බලාපොරොත්තු නොවුණු අවස්තාවක් ඇති උවහොත් අද්වානි සමාගමට පුළුවන්කමක් තියෙනවා  නේද  ඔවුන්ටම ඒ කටයුත්ත කරගෙන ගිහිල්ලා  පරියන්තයෙන් ලැබෙන මුදල  බෙදාගන්නා  කාලය  සාධාරණව  වැඩිකරගන්න  ? 

මෙහෙම බලනකොට ඔය අවිශ්වාශයෙන් අන්දවීසිටින  හාමුදුරුගොල්ලන්ට, අකුරට වැඩකරන වුර්තිය සමිති  කාරයින්ටත්, දැන් ආන්ඩු පක්ෂයෙන්ම වැරැදී හොයන මන්ත්‍රී ඇමති වරුන්ට  මේක තේරෙන්නේ නැද්ද ? 

අද යහපාලනය විසින් අවුරුදු 5ක් තිස්සේ  ආර්ථික සමාජ වශයෙන් විනාශකරපු ලංකාව  වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන් එකම සංයෝජනය මහින්ද රාජපක්ෂ අගමැති හා ගොටාබය රාජපක්ෂ ජනාධිපති විතරයි. මේ අවස්තාව ගිලිහීගියොත්  ලංකාව ගොඩගන්න පුලුවන්කෙනෙක්  පෙනෙන මානයක නෑ.  

සජිත් ප්‍රේමදාස කිසිම දුරදර්ශී ඥානාන්විත පුද්ගලයෙක් නොවේ. ඔහු මාන්නයෙන් හා දේශපාලන බලතන්හාවෙන් පෙලෙන ලෙඩෙක්. මේ රට ගොඩගන්න ඔහුට කොහෙත්ම බෑ. ජනතා විමුක්ති පෙරමුණ  පරාජිත වාමාන්සික මානාසිකත්වයකින් පෙලෙන දේශපාලන පරාජිතයින්. ඔවුන්ට කවදාවත්  පාරලිමේන්තුවේ ආසන තුනකට වැඩිය ගන්න බෑ. උන් එදා කීවෙත් අද කියන්නෙත්  හෙට කියන්නෙත් එකම දෙයයි. උන්ට වෙන විධියකට හිතන්න පුළුවන් කමක් නෑ. 

අද ජනාධිපති තුමා කෙරෙහි තිබු විශ්වාශය කඩා දමා තියෙන රට ජාතියවෙනුවෙන් පෙනී සිටිනවායි කියා ගන්න  හමුදුරුගොල්ල ඇස්  ඇරලා බලන්න තියෙන්නේ නැගෙනහිර පරියන්තය වටා  ගෙනයන විනාශ කාරි උද්ඝෝෂණ හරහා නැගී එන විදේශ බලවේගයන් පටන්ගෙන තිබෙන ශ්‍රී ලංකා  විරෝධී  වැඩපිළිවෙලයි. 

දෙමල ඩයස් පෝරාව දැනටමත් ජෝ බයිඩන් නව ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරනවා.  මංගල සමරවික්‍රමගේ මිත්‍ර සමන්තා පවර්ස්  ලංකාවෙන් පලිගන්න සුදානම්ව සිටිනවා. 

 මේ නිසා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුම අපුහසුතාවයකට අද දැමීම  අපේ රට ජාතියට කරන බලවත් හානියක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress