අභයාරාම බල කේන්ද‍්‍රය පොහොට්ටුව අතහරී… මුරුත්තෙට්ටුවේ හිමි විමල් වෙනුවෙන් පෙරට.. මහ ලේකම්ට ‘පිං මන්ත‍්‍රී කට වහගනු’ කියා දෙසති..
Posted on February 10th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පිං මන්ත්‍රීවරයකු බවත් ඔහුට ඇමති විමල් වීරවංශ මහතාට අත දමන්න එපා යයි යෝජනා කල නොහැකි බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

https://www.facebook.com/watch/?v=431600658044482&t=8

පසුව විවිද නම් දා ගත්තද මහින්ද සුලද නම් දරුවා ඉපදුනේ කලකට පෙර අභයාරාමයේදී මූලාරම්භයක් ලබා ගනිමින් බවත් උන්වහන්සේ පැවසූහ.

එම ආරම්භක අවස්ථාව සඳහා විමල් වීරවංශ මහතා ඇතුළු හතර පස් දෙනෙකු මූලිකත්වය ගත් බවත් උන්වහන්සේ පැවසූහ.

සාගර කාරියවසම් මහතාට පාර්ලිමේන්තු යාමට පවා ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟ සහ පැවිදි හඬ විසින් මූලාරම්භය තැබූ එම ජන බලවේගය බව අමතක නොකරන්න උන් වහන්සේ කියා සිටිති.

මේ ආකාරයේ සදාචාරාත්මක නොවන කටයුතු සිදු කළහොත් ඊට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව සඳහන් කරන ලද්දේ භයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහජනතාවගේ පීඩාවන් දුෂණ වංචා ගැන නිරන්තරයෙන් පෙනී සිටින ලෙසත් ඒ සදහා තමන් වහන්සේ දිගටම සහයෝගය ලබාදෙන බවත් උන්වහන්සේ විමල් වීරවංශ මහතාට ද එහිදී කියා සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress