“සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් පමණ, වසංගත අංශයට හදුනා ගැනීමට නොහැකිවෙලා තියනවා”
Posted on February 12th, 2021

රවී කුමුදේශ්  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින්  ප්‍රමාණය ගැන   සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැන් දෙකකින් නිකුත් වන  සංඛ්‍යා ලේඛන  පරස්පරයි. 2021.02. 11 දින, වසංගත රෝග අංශය නිල නිවේදන වලට අනූව, දැනට හදුනාගෙන ඇති අසාධිතයින්  සංඛ්‍යාව 73, 116 කි. රසායනාගාර සේවාවේ වාර්ථාවලට අනුව, පළමු වරට තහවුරු කරන ලද  ආසාදිතයන්ගේ සංඛ්‍යාව 77, 775 කි.

☝️ඊයේ දවස වනවිට පමණක් රෝගීන් 4659ක් ආගිය අතක් නැත.

☝️රසායනාගාර සේවාවේ දත්තයන්ට අනුව 2021.02.11 වෙනි දිනට නිදර්ශක 1912000 පමණ ලැබී තිබෙනවා. රෝගීන් අතට වාර්ථා ලැබිලා තිබෙන්නේ 1896000 පමණ වෙනවා. නිදර්ශක ලබාදී, තවදුරටත් පරීක්ෂණ වාර්තාවක් අපේක්ෂවෙන් සිටින සංඛ්‍යාව සංඛ්‍යාව 15000 කට වැඩිය. නමුත් වෛද්‍ය පර්‍යේශණ ආයතනයේ හැර, වෙනත් කිසිදු රසායනාගාරයක,   පැය විසි හතරකට වඩා ප්‍රමාදවූ නිදර්ශක නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress