කතානායක කොරෝනා එන්නත විදගනී.. ධම්මික පැණිය හරිම මාත‍්‍රාවෙනුත් බීලා..
Posted on February 17th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද කොරෝනා එන්නත එන්නත් කරගෙන තිබේ.

නාරාහෙන්පිට යුදහමුදා රෝහලේදී ඔහු එන්නත ලබා ගන්නා අවස්ථාවට කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයාද සහභාගී වී ඇත.

ජනතාව එන්නත ලබා ගැනීම දිරිමත් කිරීමට කතානායකවරයා එන්නත් කරගත් බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට පෙර ධම්මික පැණිය ද ලබා ගන්නා ලදී.

ඔහු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ තමන් ධම්මික පැණිය නියම මාත්‍රාවෙන් භාවිත කරන ලද බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress