අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත භික්ෂූන්වහන්සේලාට කොවිඩ් එන්නත දීම මහනුවරින් ඇරඹෙයි
Posted on February 20th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම අද 2021.02.20 දිනයේ ආරම්භ කරනු ලැබේ.

පූජ්‍ය පක්ෂයට කඩිනමින්  එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දෙනු ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress