පාස්කු අපරාධ කරුවන්ගේ අනාගතය.
Posted on February 21st, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ

ලෝකයේ සිදුවු පහත් ගනයේ අපරාධයක් වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ තබා ඇණ ගැසීමයි.එදා ඒ අපරාධය කලවුන්ට ඉතිහාසයේ කිසිම තැනකදී දඬුවමක් මිනිස් සමාජය විසින් ලබා දුන්නේ නැත. ඒ එවකට සිටි රාජ්‍ය පාලකයින් විසින් අධිකරණය හා සමගින් එකතුවී උන්වහන්සේව කුරුසයේ තබා ඇණ ගසා මරා දැමීමට අවශ්‍ය වටපිටාව අපුරුවට නිර්මාණය කර තිබු නිසාය.

මේ අපරාධය ලෝක ඉතිහාසයේ පාස්කුව හා සම්බන්ධවූ පළමු අපරාධය සේ ගිනිය හැකිය.මේ අපරාධය සම්බන්ධව ස්වභාවය මෙන්ම සමාජයද යම්කිසි විනිශ්චයක් දිය යුතුය.අපි සියලු දෙනාම සමාජය මේ සම්බන්ධව දුන් විනිශ්චය කුමක්දැයි දනිමු. එදා අපරාධ කාරයන්ව මරා දමන යන්ත්‍රය බවට පත්ව තිබු කුරුසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මරා දැමීමට උපකාර කර ගැනීමත් සමග එයට සමාජය විසින් උසස්වීමක් ප්‍රධානය කර පුජණීය වස්තුවක් බවට පත්කර ලොව සෑම තැනකම ඉහලින් ඔසවා තැබීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය විය.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරමතින් කල්වාරි කන්දට ගොස් උන්වහන්සේට පිඩාව හා මරණය උරුම කල කුරුසය අද පුජණීය වස්තුවක් බවට පත්ව,එම කුරුසය සියලුම ක්‍රිස්තියානි බැතිමතෙක්ම ඉහලින්ම වන්දනාමානයට බාජනය වෙමින් වැජබෙන තත්වයකට පත්වීම අවසාන තීන්දුවයි. ලෝකය තුල සාධාරණත්වය සිදුවෙන ආකාරය තේරුම් ගැනීමට මේ සිද්ධිය ඉතා හොඳ උදාහරණයකි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ තබා ඇණ ගසා මරා දැමීමේ ශෝකය මහා සිකුරාදාත් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටීමේ සතුට සැමරීම පාස්කු ඉරිදාත් සිදුවීම වසර ගණනාවක් පුරා ලොවේ බොහෝ තැන්වල සිදුකිරීම අඛණ්ඩව සිදුවිය. වර්ෂ 2019දී ශ්‍රී ලංකාවේ කිතුනුවන් සුපුරුදු ලෙස මහා සිකුරාදා උන්වහන්සේව කුරුසයේ තබා ඇණ ගැසීමේ ශෝකය විඳ ගත්තද මළවුන්ගෙන් නැගිටීමේ සතුට විඳ ගැනීමට ඉඩ නොතබා මුළු රටම මල ගෙයක් බවට පත්කළහ.

අපි මේ සිදුවීමට පාස්කු ප්‍රහාරය යයි කියමු. මෙයට සම්බන්ධ අපරාධ කාරයන් සොයා දඬුවම් කල යුතුයිද පවසමු. මේ ඉල්ලීම ප්‍රබල ඉල්ලීමකි. මේ ඉල්ලීම පැවතී යහපාලනය පෙරලා දැමීමට ප්‍රබලව ඉවහල් වූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලබාදීමට ජනතාව පෙළඹවීමට ඉවහල් වූ එක් ප්‍රබල සාධකයක් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාද ඒ සම්බන්ධව විශේෂ අවදානයක් යොමුකොට ජනාධිපති කොමිසමක් පත්කොට එහි වාර්තාව මේ වනවිට එතුමා වෙත ලබාගෙන ඇත. දැන් මුළු සමාජයේම අවදානය ඒ වෙත යොමුව ඇත.දැන් දැන් ඝාතකයොත්,ඝාතනයට ලක්වූ මිනිසුන්ගේ නෑසියොත් එකතුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණ පරික්ෂයක් ඉල්ලා සටනක් නිරතවේ. දැන් හැමෝම කෑගසන්නේ පවතින රජය ඉලක්ක කරගෙනය.

මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංකවම මේ අපරාධකාරයන්ට තරාතිරම නොබලා දඩුවම්දීමේ අවශ්‍යතාවය තදින්ම පවතී. සතුරන් බලා සිටින්නේ එතුමාගේ මේ අවශ්‍යතාවය කුමන ආකාරයෙන් ක්‍රියාවට නගයිද යන දෙගිඩියාවෙනි.එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නඩුවේ විනිසුරුවරයා මුහුණ දුන් තත්වයට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව ඇත.එතුමාගේ එකම අපේක්ෂාව මේ අපරාධකාරයන්ට දඩුවම් දීමයි. නමුත් එතුමාට අපරාධකාරයන්ට දඩුවම් දීමේ ක්‍රමවේදයක් නැත. මුළු රාජ්‍යන්ත්රයම වේලි පවතින්නේ, යටත් විජිත අපරාධකාරයන් විසින් නිර්මාණය කර ඇති අපරාධකාරයන් ගලවා ගැනීම උදෙසාම සකස්කළ යාන්ත්‍රණයයි. කුමන තත්වයක් යටතේදී හෝ එතුමාට සිදුවන්නේ මේ අපරාධකාරයන්ට එරෙහිව නඩු පැවරීමට උපදෙස් දීමටයි. එය එතුමා විසින් අනිවාර්යෙන්ම ඉටුකරනු ඇත. නමුත් එතුමාට අධිකරණයේ කටයුතු මෙහෙය විය නොහැකි බැවින් මේ නඩු විභාගයෙන පසුව මරාගෙන මැරෙන ඇඳුම පුජනිය තත්වයක් ලබා සමාජයේ ඉහලම පුද සත්කාර ලබන පුජා භාණ්ඩය විය හැක.

අපි හැම ඉවසිල්ලෙන් සිදුවෙන සෑම ක්‍රියාවක් දෙසම බලමින්, පවතින සැබෑ තත්වය අවබෝධකර ගනිමින් සාධාරණය වෙනුවෙන්ම පෙනී සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress