අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අරමුදලේ 85වැනි පාලක මණ්ඩලය රැස්වෙයි
Posted on February 25th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බුද්ධ ශාසන අරමුදලේ 85වැනි පාලක මණ්ඩල රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.25 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

බුද්ධ ශාසන අරමුදලේ ලේකම් රුචිර විතාන මහතා පසුගිය රැස්වීම් වාර්තාව ඉදිරිපත් කළේය. ඒ සඳහා පාලක මණ්ඩල අනුමැතිය ලැබිණි.

බුද්ධශාසන අරමුදලේ සාමාජික සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියෝ ඉදිරියේ දී දිස්ත්‍රික් මට්ටමෙන් සාමණේර ආයතන පිහිටුවීම ගැන පැහැදිළි කළහ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැන නීතිඥ ගනේශ් ධර්මවර්ධන, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහාභාණ්ඩාගාර නියෝජිත ආර්. වී. එල්. උදයකුමාර, බුද්ධ ශාසන අරමුදලේ ලේකම් රුචිර විතාන මහත්වරු ඇතුළු බුද්ධශාසන අරමුදලේ සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress