අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ රොෂාන් රණසිංහ මහතා වැඩ භාරගනියි
Posted on March 2nd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට දී අද 2021.03.02 දින පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

කොළඹ පිහිටි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී මෙම වැඩ භාර ගැනීමේ උත්සවය පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යංශ වගකීම් සඳහා මුලපිරුවේය. අන්‍යාගමික නායකයෝ ද මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉදිරි කටයුතු සඳහා සුබ ප්‍රාර්ථනා එක් කළහ.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress