ශ්රීමත්  ජනාධිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සින්හල දේශපාලකයින් වෙත විවුර්ත සන්දේශයක්
Posted on March 2nd, 2021

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර සින්හල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සන්විධානයේ සභාපති සහ අග්රාමාත්ය සිරිමවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ඉස්තිර ලේකම් මහනුවර

මේ රටේ ආණ්ඩුක්රම  විවස්ථාව සහ ජනතා පරමාධිපත්ය විනාශකොට රට ජාතිය දෙමළුන්ට පාවාදුන්, එදා ඔබද විරුද්ධ වූ,  1987 ජූලි 29 ජේ ආර්- රජිව් ගිවිසුම සහ පලාත් සභා මර උගුල අහෝසි කොට රට ජාතිය බේරා ගෙන සදාකාලික ජාතික වීරයින් වශයෙන් ඉතිහාස ගතවෙනවාද එසේ නොකොට තාවකාලිකව බලයේ සිටීම සදහා, ඉතිහාසයේ කිසිම දිනක නොතිබුණු එසේම මතු කිසිම කිසිදාකද  නොලැබෙන  ඉන්දීය මිතුරුකම නැමැති මිරිගුව පසුපස දිව ගොස් වසර  2500 ක් පැවැති අභිමානවත් සින්හල රට හා ජාතිය 21 වන සියවසේදී  ඉන්දියාවට පාවාදුන් ජාති ද්රෝහීන් වසයෙන් ඔබ ඉතිහාස ගත වෙනවාද? මේ උදාවී ඇත්තේ ඒ තීරනාත්මක මොහොතයි !

((30. 12 2020. දින ලන්කාවෙබ්හි පලවූ ලිපියක සන්සෝදිත පිටපතකී)

 (මෙම ලිප්පිය ලිවීමට මා පෙලඹවූයේ ලබන ජූනි මස පමණ යලිත් පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති තුමා උපදෙස් දුන්” බවට පුවත්පත්වල පලවූ පුවතකි).

ශ්රීමත් ළකිසුරු තුමනි, ගරු අගමැති තුමනි, ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුණි. MMC ඇමෙරිකානු මර උගුලෙන් මව්බිම සහ සින්හල ජාතිය බේරාගැනීම ගැන මුලුමහත් ජාතියේම ප්රසන්සාව ඔබ රජයට හිමිවෙයි.

 ඒ වගේම ඉන්දියාව විසින් මේ රට සහ සින්හල ජාතිය මිහිපිටින් අතුගා දැමීම සදහා, ලක්මවගේ හිසමත බලහත්කාරයෙන් පැටවූ 1987 ජූලි 29 ජේ ආර්- රජිව් ගිවිසුම සහ පලාත් සභා මර උගුලද  අහෝසි කොට එම  වියශනයද වහාම අහෝසි කරනතුරු ඔබ රජය බලයට පත්කිරීමට චන්දය දුන් 70 ලක්ෂයක දේශප්රේමී ලක්වැසී ජනතාව දෑස් දල්වා පුලපුලා බලාසිටියි.

ශ්රිමත් ජනාධිපති තුමනි,

ගරු අගමැති තුමනි,

මැති ඇමතිවරුනි,

 පහත සදහන් හේතු නිසා දැනටමත් මේ රටට  හා ජාතියට මහා වියශනයක් කොට ඇති එසේම නුදුරු අනාගතයේදීම සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය විනාශ කර දැමීමට ඉන්දියාව වීසින් 1987 දි ඇටවූ පලාත් සභා මර උගුලට  සහ ඊට පසුබිම සකස්කළ 1987 ජේ ආර්/රජිව් ඉන්දුලන්කා ගිවිසුම යන දෙකටම මේ සින්හල බෞද්ධ රාජ්යයේ මුරදේවතාවුන් වහන්සේලා වන ගරුතර මහා සන්ඝරත්නය ප්රමුඛ සියලුම දේශප්රේමීන් දැඩිසේ විරුද්ධය. එම විරෝධතාව සහේතුකව පෙන්වාදී එම විනාශයෙන් මේ සින්හල දේශයත්,සින්හලේ රටත් සම්බුද්ධ සාශනයත් බේරා ගැනීම මෙම ලිපියේ එකායන අරමුණය.

1987 ජූලි 29 රජිව්/ජේ ආර් ගිවිසුම සහ පලාත්සභා මර උගුල

1.මෙම පලාත් සභා ක්රමය 1987  ජූලි 29 වනදින ජේ ආර් ජනාධිපතිවරයා විසින් ජනතා විරෝධය නොසලකා හදිසිනීතිය පනවා, මහජන මන්ත්රී වරුන්ට අයුතු බලපෑම්කොට බල්හත්කාරයෙන්  ඉල්ලා අස්වීමේ ලිපි පවා ලබාගෙන ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන විවස්ථා විරෝධී අන්දමින් අත්සන් කරන ලද 1987 ජූලි 29 රජිව්/ජේ ආර් ගිවිසුම අනුව, මේ රට කැබෙලි 9 කට කඩා,අපගේ රටේ බෞමික අඛණ්ඩ භාවය, ස්වාධීනත්වය, නිදහස, ජනතා පරමාධිපත්ය සහ  වසර 2500 පැරණි සින්හල බෞද්ධ රාජ්යය විනාශකොට එය දෙමල ආධිපත්ය සහිත ඉන්දියාවේ ප්රාන්තයක් කිරිමේ අරමුනින් ඉන්දියාව විසින් ලක්මවගේ හිස මත බලහත්කාරයෙන් පටවනලද මර උගුලකි. 

2.බ්රතාන්ය යටත්විජිතවාදීන් විසින් 1833  කෝල්බෲක් කොමිසමෙන් ලන්කාව තුල අනාගත  දෙමළ ඊලමේ පදනම වශයෙන් වර්ගවාදය අනුව මේ රට බෙදා පාලනය කිරීම සන්දහා රටෙන් 1/3 ක් සහ රටෙ වෙරලේ දිගින් 2/3 ක් පමණ අයත්වන පරිදි උතුරු-නැගෙනහිර පලාත් දෙක ඇතුලු පලාත් ක්රමය ඇතිකිරීමෙන් පසු මේ රටේ භූදේශපාලන ඉතිහාසයේ ඊටත් වඩා භයානක මෙන්ම ජාතිද්රෝහි දේශද්රෝහි ලේඛනයවූයේ 1987 ජූලි 29 වන දින දරණ ජේ ආර්/රජිව්  ඉන්දුලන්කා ගිවිසුමය. ඉන්දියාවේ බලපෑම සහ තර්ජන මධ්යයේ අප හිසමත බලයෙන් පටවනලද ඉන්දුලන්කා ගිවිසුම අත්සන් කිරීම සහ එසේම ඊට අනුමැතිය ගැනීම සහ ඒ යටතේ පලාත්සභා පිහිටුවිම සන්දහා විපක්සයේ සහ මුලු රටේම දැඩි විරෝධතා මැද පාර්ලිමෙන්තු මන්ත්රීන්ට බලපෑම්කොට 13 වන විවස්ථා සන්සෝධනය සම්මත කොට ගත්තේ පාර්ලිමෙන්තු මන්ත්රිවරුන්ගෙන් දිනරහිත ඉල්ලා අස්වීමේ ලිපි බලහත්කාරයෙන් අත්සන්කොට ගෙන, මන්ත්රීවරුන් හෝටලයකට ගාල්කොට ප්රාණඇපකරුවන් වශයෙන් තබාගෙන චන්දය විමසන වෙලාවට මැතිසභයට දක්කාගෙන විත් චන්දය ලබාගැනීමෙන් බැවින් එය විවස්ථා විරෝධීය, සදාචාර විරෝධී  එසේම ජනතා විරෝධීද වේ.

3.එය මේ රටේ දේශපාලන, ආර්ථික, පරිපාලන හා සමාජික ඛේදවාචකයක් මෙන්ම රටේ හා ජාතියේ විනාශයට මර උගුලක් හා හූනියමකි. මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ ඉන්දිරා ගාන්දි විසින් මේ රටේ රජයට එරෙහිව සටන්කිරිම සදහා එල්.ටී.ටී යට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 32 ක් ලබාදෙමින් ඉන්දියාව පුරා කොටින්ට පුහුණුව ලබාදුන් පසුබිමකය.

 4 1987 රජිව්/ජේ. ආර් ගිවිසුමෙන් එදා පැවැති රජය සිදුකලේ සින්හල ජාතියත් මේ රටත් අමුඅමුවේ පාවාදීමකි

 මේ ගිවිසුම් යට්තේ

1 උතුරු නැගෙනහිර පලාත් දෙක ශ්රි ලන්කාවේ දෙමළ ජනයාගේ අයිතිහාසික නිජබිම වශයෙන් පිළිගැනීම

2 උතුරු නැගෙනෙහිර පලාත් දෙක ඒකාබද්ධකොට එක් පලාත් සහාවක් වශයෙන් පිලිගැනීම එම ඒකාබද්ධ පලාත් සහාවට තවත් පලාත් එකාභද්ධ කිරීමට ඉඩකඩ සැලස්වීම 

4 ඉතිහාසයේ ආරම්භයේ සිටම මේ සින්හල බෞද්ධ රටේ රාජ්ය භාෂාව වූ එසේම1978 විවස්තාවෙන්ද ලන්කාව පුරා රාජ්ය භාෂාව වසයෙන් ප්රකාශකොට තිබුණු 18 වන වගන්තිය පරිච්චින්නකොට දෙමල භාෂාවද රටේ රාජ්ය භාශාවක් වශයෙන් පිලිගැනීම  සහ උතුරු නැගෙනහිර පලාත් දෙකේ පාලන භාසාව දෙමල වියයුතු බව් පිලිගැනීමෙන් උතුරු නැගෙන්හිර රටෙන් 1/3 සින්හලේ රාජධානියෙන් වෙන්කොට සින්හල ජාතියත් සි න්හල දේශයත් පාවාදීම. 

5 පාර්ලිමේන්තුව සතු විවස්ථාදායක, විධායක, අධිකරණ, පොලිස් සහ ඉඩම් බලතලද 13 වන විවස්ථා සන්සෝධනය හරහා පලාත් සභාවලට පැවැරෙන පරිදි සම්මතකොට ගෙන ලන්කා එක්සේසත් රාජ්යයේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසීම 

6. එතෙක් ලන්කාවේ රටැවැසිකම (පුරවැසිකම) නොතිබුණු සියලුම ඉන්දීය ජාතිකයින්ට ලෝකයේ ඕනෑම රටක පිටරැටියන්ට තම රටේ පුරවැසි කම දීමේදි අනුගමනය කෙරෙන ක්රියාදාමයන් කිසිත් නොසලකා කිසිදු විමර්ෂනයක්ද නොකොට එසේම කිසිම කොන්දේසියක්ද නොපනවා රුපියලේ මුද්දරයක් මත සමාදාන විනිස්චයකාරයකුගේ අත්සනක්මත පමණක් මේ රටේ වටිනා පුරවැසිභාවය බන්දේශියක තබා දීම

7 මෙවැනි අමණ හා ද්රෝහී තීරණ මගින් 1978 ආණ්ඩුක්රම විවස්ථාවද උඩුයටිකුරුකොට ලන්කා රාජ්යයේ ඒකීය භාවය සහ බහුමික අඛන්ඩ භාවයද අහෝසි වනපරිදි පලාත්සභා මගින් මේ රට ෆෙඩෙරල් රාජ්යයක් කිරීමේ පදනම දැමීම සහ මේ අභිමානවත් සින්හල බෞද්ධ රාජ්ය විනාශකොට දැමීමේ පිඹුරුපත මෙම ජාතිද්රෝහි දේශද්රෝහී ගිවිසුමෙන් සම්පූර්ණ කිරීම වැනි කොන්දේසි ඇතුලත්වූ නිසා මෙම ගිවිසුම වසර 2500 කට වැඩි ලෝකයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති මේ සින්හල රටේත් සින්හල ජාතියේත් එසේම සම්බුද්ධ සාශනයේත් මළගම ප්රකාශයට පත්කල, දේශද්රෝහී ජාතිද්රෝහී ගිවිසුමක් වසයෙන්ද ඉතිහාස ගතවිය.

 1987 දී මෙම ගිවිසුමෙන් ඉන්දියාව ලන්කාව ආක්රමණය කොට සිදු කලේ 1815 ආක්රමනිකයකු වශයෙන් සහ 1947 සෝල්බරී විවස්ථාවෙන් මේ රට සදාකාලිකව ඔවුන්ගේ ග්රහණයේ තබාගැනීමට සුද්ද්දා කළ කුමන්ත්රණ වලටත් වඩා දරුණු දේශපාලන අපරාධයකි. මන්ද . ඉන්ග්රීසිහු වසර 133 කින් ආපහු ගියහ. නමුත් ඉන්දියානුවන් කිසිදිනෙක මේ රටින් එසේ නොයනු ඇත.  ඉන්දීය සම්භවක් ඇති සින්හලයින්ට සදාකාලික ඉන්දීය දෙමල වයිරශයක්  අපට දායාදකොට දී ගොස් ඇති බවිනි. මෙම ගිවිසුමෙන් අප රටේ ස්වාධීනත්වය, නිදහස,  ස්වරීභාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්තියද අහෝසි විය. වර්තමානයේ ඉන්දියාව ඉදිරියේ බලුකුක්කකු මෙන් ලන්කා රාජ්යට වලිගය වකුටුකොටගෙන නිදාගැනීමට සිදුව ඇත්තේ මේ නිසාය.. 

බ්රතාන්යයන් 1815 දී සිදුකරණලද ආක්රමනයත් 1987 දී ඉන්දියාව කරණලද මේ ආක්රමනයත් අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඉවසිය නොහැකි කරුණනම් අපේ අත ඉඹ ඉඹ විලිලජ්ජා නැතිව ඉන්දියාව මෙවැනි අපරාධයක් අප රටට කිරීමයි. මෙම ආක්රමණයට කිසිදු විරෝධයක් නොකොට ලන්කාව මේ තුලින් සිදුකොට ඇත්තේ  සියතින් බෙල්ල කපාගැනිමකි. අභිමානවත් ජාතියක් හා රටක්, රටට හා ජාතියට ආදරයක් නැති බියගුළු නායකයකු විසින් සිදුකරනලද අයිතිහාසික මහා පාවාදීමකි. එසේම 1948 දී ලබාගත්තායයි කියන සොච්චම් නිදහසද අහිමිකර ගැනීමකි. එදා ආකරමණිකයා අධිරාජ්ය වාදී ඉන්ග්රීසීන්ය. මෙදා ඉන්දියාවය. වෙනස එපමණය. මෙය වූකලි නිසැකයෙන්ම 21 වන සියවසේ ඉන්දියානු දේශපාලුවන් විසින් අසල්වැසි රටකට සිදුකරණලද නින්දිතම එසේම දරුණුම ආක්රමනයකි. මේ අපරාධයේ සහ  පාපකර්මයේ සම්පූර්ණ වගකීම භාරගත්යුත්තේසිය මාතෲ භූමියට සහ  ජාතියට ආදරයක් නැති රට හා එහි වැසියන්ගේ සිස්ඨාචාරය හෝ ස්වදේශීය රාජ්ය සම්ප්රදායන් නොදත් පරගැතිකමින් හිස පුරවාගත් දේශද්රෝහීන් රටේ නායකයින් වශයෙන් චන්දයෙන් තෝරා පත්කරගන්න මිනිසුන්මය.

13 විවස්ථා සන්සෝධනය

13 වන සන්සෝධනය මගින් ඉතා පැහැදිලිව සින්හල සහ දෙමල වසයෙන් රට දෙකට කඩා ලන්කා රාජ්යයේ එක්සේසත් බව විනාශකොට රට පූර්ණ බලති ප්රාන්ත රාජ්යන් 9 කින් යුත් අර්ධ පෙඩරල් රාජ්යක් බවට පත්කිරීමේ පදනම දැනටමත් දමා අවසන්කොට ඇත.  මුළුමනින්ම එසේ වීම තාවකාලිකව් සම්පුර්ණවීම නතරවී ඇත්තේ 13 සන්ශෝධනය පරිදි ඉඩම්. අධිකරණ සහ පොලිස් බලතල තවමත් පලාත් සභා වලට නොදුන් නිසාය.  ලන්කාණ්ඩුක්රම විවස්ථාවේ 3 වන වගන්තියේ සදහන් ජනතා පරර්මාධිපත්තියද අමුඅමුවේ උල්ලන්ගනයකි.. එමනිසා 13 විවස්ථා සන්සෝධනය අයිතිහාසික විවස්ථා උල්ලනග්නයකි. ඒ නිසාම එය විවස්ථා විරෝදීය. ප්රජාතන්තර විරෝධීය. දේශද්රෝහීය. එසේම ජාතිද්රෝහීය.

ඊටත් වඩා පුදුමයනම් 1987 දී එයට විරුද්ධව බණ්ඩාරනායක මැතිනිය සමග සටන්මගට බැස සිටි වර්තමාන අගමැතිවරයාද තවමත් පලාත්සභා තබා ගැනීමට ක්රියා කිරීමය.එපමණක් නොව 13 + නැමැති තවත් බිල්ලක්ද දීමට සූදානම් බවට වරෙක ප්රකාශකොට තිබීම සහ දැනටමත් පලාත් සභා මැතිවරණ පැවැත්වීමට සූදානම්වී සිටිම මටනම් අදහා ගැනීමටවත් බැරිය.

මේ නිසා ඉන්දියාව විසින් ලක්මව මරා මුහුදට විසිකොට තමිල්නාඩුවේ දිගුවක් මෙහි පිහිටුවා ලෝකයේ පලමු ඊළම් රාජ්යය ලක්පොලව මත පිහිටුවීමට පෙර දැන්වත් 13 සම්පුර්ණයෙන්ම ඉවත්කොට මේ පලාත් සභා නැමැති හූනියම සහ කාල බෝම්බය වහාම නිස්ක්රිය කළයුතුය. එසේ නොකලහොත් 2500 වසරක සින්හල බෞද්ධ රාජ්යයේ මළගම හෙටම් ඉතිහාසපොතේ සටහන්වනු ඒකාන්තය. එමෙන්ම 2009 සහ 2020 දී එසේ කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථා දෙකක්ම පැහැර හැරිය නායකයකයින් වසයෙන්ද ඔවුහුද මහාවන්සගතවනු ඇත

 මේ නිසා ජේ. ආර් /රජිව් ගිවිසුම සහ පලාත් සභා සැළකිය යුත්තේ දෙකක් වශයෙන් නොව අපේ මව්බිම විනාශකිරීම් සදහා ඉන්දියාව විසින් මනාසේ  සැලැසුම්කොට අටවන ලද දෙබිඩි මර උගුලක් වසයෙනි. එබැවින් මේ විනාශකාරි කාළ බෝම්බ දෙකම වහාම එකවර නිස්ක්රිය කළැයුතු බව අපගේ ඒකමතික ඉල්ලීමයි. ගිවිසුම දැනටමත් ඉන්දියාව විසින් එකපාක්ෂිකව උල්ලන්ගණයකොට ඇති බැවින්   එය අහෝසි කිරීම ගැටළුවක්ද නොවේ. ලන්කාණ්ඩුවට කළයුතුව ඇත්තේ ඒබව අපේ පාර්ශවයෙන්ද ප්රකාශකිරීම පමණි.

ශ්රීමත් ජනාධිපති තුමනි, ගරු අගමැතිතුමනි

2009 දී ඔබතුමන්ලා දෙපල විසින් වසර 30 ක් තිස්සේ ජනාධිපතිවරුන් 4 දෙනෙකුට පරාජය කිරීමට නොහැකිවූ මේ රට තුල ඊලමක් ගොඩ නැගීමට සටන්කොට මේ රට විනාශකල,  කොටි ත්රස්තවාදීන් පරාජය කොට ලබාගත් සියලු ජයග්රහනයන් දැන්වත් ආරක්ෂාකර ගතයුතුය. 2015 සිට 2019 දක්වා  එකී ජයග්රහණ ආපසු හරවා රට ජාතිය පාවාදුන් ඊනියා යහපාලන කාරයින් පන්නා දමා රුහුණු පුතුන් දෙදෙනකුවූ ඔබතුමා සහ ඔබගේ සොහොයුරආ වන ජනාධිපති තුමාටත් මේ රටේ 70 ලෂ්යක සින්හල බෞද්ධයින් චන්දය දීමේ එක් ප්රධාන අරමුණක් වූයේ මේ මර  උගුලෙන් මව්බිමත් සින්හල ජාතියත් එසේම බුදු සසුනත් බේරාගෙන සව්භාග්යමත් අනාගතයකට නව මන් පෙත් විවරකොට ගැනීමයි.

එම නිසා දැනටමත් වසර 3 කට වැඩි කාලයක් අක්රීයව තිබුණු, එසේම වලදමා තිබුණු  හතර කොනින් ඕජස් ගලන දුගන්ද හමන පලාත්සභා මලමිනිය මේ අවස්ථාවේදී ගොඩගෙන පලාත්සභා හූනියමට යලිත් පණ දී ඔබට ඡන්දය දුන් ඒ 70 ලක්ෂයක සින්හලයින් පාවා නොදී මේ මර උගුලෙන් හා ජාතික ව්යශනයෙන් දැන්වත්  මේ රට හා  ජාතිය බෙරා ගන්නාමෙන් මුලු මහත් ජාතියම  අද ඔබතුමාගෙන් සහ   ජනාධිපති තුමාගෙන් ඉල්ලාසිටියි.  එබැවින් හුදු ආත්මාර්ථය වෙනුවෙන්ම පලාත් සභා ඉල්ලා හන්ඩන දේශපාලන මස්වැද්දන්ට යටත් නොවී.කරුණාකර ජනතා හන්ඩට සවන් දී ඔබගේ කීර්තිනාමයත් රටේ හා ජාතියේ ඉරණමත් බේරාගන්නාමෙන් අපි ඉල්ලමු. එසේ නොකළහොත් ඔබ දෙපල දිවිපරදුවට තබා යුද්ධය දිනා  රට බේරාගත් ඒ අතිවිශ්ෂිශ්ථ කීර්තියද මැකීගොස් 1948 න් පසු මේ රට පාලනය කල, සිරිමා බන්ඩාරනායක මැතිනිය හැර, අන් සියලු දෙනාටම හිමිවූ අපගේ මව්බිමත් උතුම් සීන්හල ජාතියත් මරණින් බේරා නොගැනීමේ දෝසාරෝපනය ඔබටද ලැබෙනු ඇත. එසේ වීමට දුටුගැමුනු සම්ප්රදාය උරුමකොට ඇති ඔබ කිසිවිටෙකත් ඉඩ නොතබන බව  අපි දනිමු.

මේ නිසා 1833 දී  සුද්දා විසින් අටවනලද පලාත් අනුව බෙදා පාලනය කිරීමේ මරඋගුලේ නවතම මුහුනුවර සහ ඉන්දියානු පිටපත වූ රජිව් /ජේආර් ගිවිසුම සහ ඒ හරහා උපන් පලාත් සභා ක්රමයද මේ රටේ පරමාධිපත්තිය තියෙනවා කියන ජනතාවගේ අනුමැතියක්ද නොමැතිව  එළඹගත් මේ  දුෂ්ඨ රජිව්/ජේ.ආර් ගිවිසුම සහ 13 වන විවස්ථා සන්සෝධනය නැමැති ඉන්දීය මර උගුල් දෙකම  වහාම අහෝසි කොට ලක්මව මරනින් බේරාගන්නා මෙන් වර්තමාන රජයෙන් අපි දැඩිව සහ අවධාරනයෙන් ඉල්ලා සිටිමු.

ශ්රීමත් ජනාධිපති තුමනි, ගරු අගමැති තුමනි

අපට පුරුදු සම්ප්රදායි දිසා පාලනය නැවතත් ඇතිකරමු. ඉන්දියානු ආකෘති අපට එපා

1987 සිට මේ දක්වා 33 වසරක් පුරා ආත්මාර්ථකාමී දේශපාලකයින්ට සහ ඔවුන්ගේ චක්ගෝලයින්ට සිතූ පැතූ සම්පත් ලබාදුන් කප් රුකක් වූ එහෙත් රටට හෝ ජනතාවට මෙලෝ සේවයක් නොවූ මේ හුනියම වහාම  අහෝසිකර එසේම මේ රට් දේශපාලන, පරිපාලන, ආර්ථික.සාමාජික හා ආරක්ෂක වශයෙන් අවුලෙන් අවුලට ඇදදැමූ  පලාත් සභා හූනියම් යක්ෂයාද පලවා හැර මේ රටේ වසර දහස් ගානක් තිස්සේ ක්රියාත්මක වූ, එසේම සුද්දන් විසින්ද ඔවුන්ගේම නිර්මාණයක් වූ පලාතට වඩා ප්රායෝගික හා කාර්යක්ෂම පාලන ඒකකයවූ දිසාව  (දිස්ත්රික්කය) ප්රධාන පාලන ඒකකය වශයෙන් යොදාගැනීම් වහාම පියවර ගන්නා මෙන්ද අපි ඉල්ලමු. එසේම 13 යටතේ ඇතිකළ පලාත් අනුව පාලනය කිරීමේ අසාර්ථක, අවුල් සහගත හා අධික නාස්තිකාරී ක්රමය අහෝසිකොට අපට පුරුදු සම්ප්රදායික දිසා පාලනය නැවතත් ස්ථාපිත කරන මෙන් රටට, දැයට හා සසුනට හිතැති ඔබතුමන්ලාගෙන් අපි ඉල්ලා සිටිමු. මෙය ඔබතුමන්ලා බලයට පත්කළ ජනතාවගේ එක් ප්රධාන අපේක්ෂාවක් බවද අමතක නොකළ මැනවි.

1948 ඊනියා නිදහසින් පසුව වුවද 1970 දසකයේ මැදක් වනතුරුම දිසාපතිවරුන් යටතේ ඉතා අඩු මන්ත්රීන් සන්ක්යාවක් හා අදු නිලධාරි පිරිසකින් හා අඩු වියදමකින් මෙන්ම කාර්යක්ෂමවද  දිසා පාලන ක්රමය මැනවින් ක්රියාත්මක විය.

එහෙත් ඉන් පසුව 1973 දී දේශපාලන දිසා අධිකාරිය සහ 77 දී දිසා ඇමති ක්රමයද 1987 න්  පසු ඇරැඹුණු දේශපාලන සුනාමියක් වූ පලාත් සභා ක්රමයද නිසා සීග්රයෙන් දේසපාලනීකරණය වූ රටේ පාලනය වුර්තීය රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී සුද්දන්  විසින් දායාදකොට දමා ගිය පක්ෂ කරමයේ වහලුන් වූ දේසපාලකයින්ගේ ගොදුරක් බව්ට  පත්විය.  දිසාපතිවරුන් දිසාපති කාර්යාලවල කාමරවලින් එලවාදමා දිසා ඇමතින්ද පසුව මහ ඇමතින්ද ඉත්තෑයාගේ ගෙට රින්ගූ කබල්ලෑයින් මෙන් දිසාවේ සහ පලාතේ සින්හාසනාරූධ විය.මෙයවු කලී පක්ෂ දේශපාලන ක්රමයක් පවතින රටක ජනතාව සතු ප්රජාතන්ත්රවාදී අයිතිය මුලුමනින්ම බලයේ සිටින පක්ෂය වීසින් පැහැරගැනීමක් සහ මන්කොල්ලකෑමකි.මෙය හරියෙටම අප්පුවා රජවීමට සමානය. එසේම කිසිදු අධ්යයනයකින් හෝ විශේසන්ග්න උපදෙසකින් තොරව සිදුකරණලද  මේ සෑම  අත්හ දා බැලීමක්ම අසර්තකවූද අධික වියදම් සහිත වූද එසේම  රටට හෝ ජනතාවට කිසිදු යහපතක් නොවූද දේශපාලකයින්ට සහ ඔවුන්ගේ සහචරයින්ට පමණක් කරල පැහුණු අදූරධර්ෂී දේශපාලන තීණ්දු පමණක් විය.

1987 ඇරඹුණු පලාත්සභා ක්රමය යටතේ පලාත් සභා 9 භාරව ජනාධ්හිපතිවරයාගේ රිජු නියෝජිතයින් වශයෙන් ආණ්ඩුකාරයින් 9 දෙනකුද පත් කෙරින. මොවුන් කිසිවෙකු පරිපාලනය හෝ ජනතා අපේක්ෂවන් පිළිබද දැණුමක් හෝ ජනතා හිතවාදි බව්ක් ඇති අය නොවූහ. අවුන් සියලුදෙනාම හුදු දේශපාලන ඉත්තන් පමණි.  මේ අනුව 1987 න් පසු මුලු රටේම පාලනය වුර්තීය රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී නොඋගත් දේසපාලකයින්ගේ පූර්ණ ග්රහනයට හසු විය. සියලුම රාජ්ය ආයතනවල නිලධාරීන් මේ යටතේ පලාත් දේසපාලකයින්ගේ හුදු අතකොලු බවට පත්වූ අතර රාජ්ය සේවයේ ප්රසස්ථ ගුනාන්ගයක් වූ අපක්ෂපාතීත්වයද ඒ සමගම් වල් වැදින. රාජ්ය සේවය තුල මනා මුදල් කළමනාකරණයක් සහ නිලබල අධිකාරියක් තුල පරිපාලාන විනයක් ආරක්ෂා කෙරුණු ප්රසස්ථ මුදල් රෙගුලාසි සහ පරිපාලන රෙගුලාසි අනුව දූෂනයෙන් තොර අපක්ෂපාති සේවයක් සිදුකළ රාජ්ය පාලනයමෙන්ම රාජය් මුදල්ද  පක්ෂ දේශපාලනයේ ගොදුරක් බවට පත්විය.  1970 දසකයෙන් පසු සියලුම ආණ්ඩු විසින් සිදුකරනලද මෙවැනි අත්හදාබැලීම් වලින් අපේක්ෂාකල රාජ්ය සේවයේ කාර්යක්ෂතාව, අපක්ෂපාතිත්වය හෝ පලදායිතාව වෙනුවට සිදුවූයේ සමස්ථ රාජ්ය තන්තරයම දැඩි සේ යළි ගොඩගත නොහැහකි පරිදි දරුණු අන්දමින් දේසපාලනීකරණය වීම සහ බින්දවැටී තවත් අවුලෙන් අවුලට යාම සහ නාස්තියෙන් සහ දූශනයෙන් පිරුණු පාලනයක් රට තුල මුල්බැස ගැනිමය.එහි සමස්ථ ප්රතිඵලය වූයේ දේසපාලන,ආර්තික, සාමාජික හා සදාචාරාත්මක ආදි සෑම අතින්ම රට ප්රපාතයට යාමය. පලාත් සභා ක්‍රමය නිසා පලාත තුල රාජ්ය නිලධාරීන්ට  ආණ්ඩුකාරයාගේ,මහ ඇමතිගේ සහ මද්යම ආණ්ඩුවේ රැස්වීම් වලටම ඔවුන්ගේ කාලයක් ගිය පසු තම එදිනෙදා රාජකාරි කටයුතුවලට කාලයක්ද ඉතිරි නොවේ. කෝකීන් වැඩිවූ විට් සූපයට සිදුවන දේ අපි කවුරුත් හොදින් දන්නා කාරණයකි.

සුද්දා විසින් දායාදකොට දී ගිය පලාත් අනුව පාලනය කිරීම දේශපාලන පක්ෂ ඔවුන්ගේ අතට ගැනීම  නිසා ඊනියා   ප්රජාතනත්ර වාදයද වල්වැදී බලයේ සිටින පක්ෂයේ අත්තනෝමතික පාලනයක් බව්ට රටේ පාලනය පත්විය. මේ යටතේ දේශපාලකයින් හා නිලධාරීන් ගණනද සීග්රයෙන් වැඩිවූ නිසා මේ වනවිට රටේ සෑම මිනිසුන් 3232 කටම එක දේශපාලකයකු සහ මිනිසුන් 16 කට එක  නිලධාරියකු ඇති ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත.  මේ අනුව ලෝකයේ වැඩිම ඒක පුද්ගල දේශපාලන සහ නිලධාරි අනුපාතාය ඇති රට වශයෙන්ද අපි ලෝක වාර්තාවක් තබා ඇත. රටේ මහබැන්කුව මහදවල් හොරාකෑ අගමැති වරයකු ප්රධානකොට ඇති දේශපාලන හොරමුලක් නීතියේ රැහැනින් බේරී යහතින් සීටින දේශපාලන සන්ස්කෘතියක් බිහිකළ රටක් වශයෙන්ද අපි ලෝක වාර්තාවක් තබා ඇත.

පරිපාලන ඒකකයක් වසයෙන් අසාර්ථක බව අත්හදා බැලීමෙන් අව්භෝධකොටගත් සුද්දාටත් එපාවූ පලාත්පාලන ක්රමය

13 වන සන්සෝධනය හරහා පරිපාලන එකකයක් වසයෙන් සුද්දාටත් එපාවූ පලාත් ක්රමය ඇතකිරීම නිසා  දේශපාලකයින් හා නිලධාරීන් වැඩිවී පරිපාලනය අවුල්වී ඇති ආකාරයට උදාහරනයක් වශයෙන් මහනුවර දිසාව් ගතහොත් 1987 වනතුරු එක් දිසාපතිවරයකු සහ ප්රාදේශීය ආදායම් පාලකවරුන් 12 දෙනකු සහ දිසාපති කාර්යාලයේ තවත්  ඒ මට්ටමේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනකු දිසාව තුල සිදුකල කාරිය කිරීමට අද  ඒ මට්ටමේ නිලධාරීන්ම 80 ක් පමණද ඒ අතරේ පලාත් සභාවේ ප්රධාන ලේකම් වරයකු ඇතුලු අමාත්යාන්ශ  ලේකම්, නියෝජ්ය ලේකම්, සහකාර ලේකම්  ආදි වශයෙන්  ලේකම් වරුන්ම 75 ක් පමණද තවත් විධායක නිලධාරින් රැසක්ද සිටී. පලාත් සභා ඕනෑ කියන අයගෙන් අපි මේ ප්රස්නය අසමු. 1987 ට පෙර එක් දිසාපති/ලේකම් වරයකු සහ විධායක නිලධාරින් 16 දෙනකු සිදුකල කාර්යය කිරීමට අද ලෙකම් වරුන් 80, ආණ්ඩුකාරයෙක්, මහඇමති සහ පලාත් ඇමති 4ක් සහ පලාත් මන්ත්රිවරුන් 17 ක් පමණ අමුතුවෙන් පත්කර සිටින්නේ ඇයි. එසේ කිරීමෙන් සේවය කාර්යක්ෂම වී තිබේද.පරිපාලනය විම්දයගතවී ජනතාවට වඩා

හොද පාලාන්යක් ලැබී තිබේද.  දැනට පලාත් සභාවක සිටින්නේ ඇමතිවරුන් 5 ක් පමනි. එයද මද්යමආණ්ඩුවේ30 දක්වා වැඩි කලයුතුයි කියා පලාත් ඇමතිවරුන් උද්ගෝෂනාය කරන දිනයද ලන්ගදීම පටන්ගනු ඇත.

දිසාපති කාර්යාලයේ මෙන්ම අනෙකුත් රේකීය දෙපර්තමෙන්තු වල නිලධාරි සන්ක්යාවද වැඩිවී ඇත.උදාහරනයකට පලාත් පාලනය ගත්තොත් 87 ට පෙර එක් සහකාර කොමසාරිස් වරයකු සිදුකල රාජකාරිය සන්දහා අද පලාත් කොමසරිස් වරයෙකුද සහකාර කොමස්රිස් වරු ගනනාවක්ද සිටී.. මේ ක්රමය මුලු රටේම් ක්රියාත්මක් වන නිසා නිලධාරි සන්කාව් සහ ආයතන සන්ක්යාව්ද වැඩිවී ඇති සැටි ඔබට සිතාගත හැක. එසේ වූ  විට ඒ සදහා අමතරව වැයවන මහජන මුදල් සම්භාරයද ඒ අනුව වැඩිවී ඇත. මෙම ක්‍රමය යටතේ රාජය සේවය කාර්යෂමවනු වෙනුවට තවත් අකාර්යෂම වී ඇත.ප්‍රමාද වී ඇත. මේ අන්දමින් නිලධාඅරීන් සහ ආයතන වැඩිකොට ඇතත් මේ රට අද එකම මන්ත්රී කොට්ටාෂයකට හෝ මන්ත්රීවරයකුද නැත. හේතුව ඔවුන් දිස්ත්රික් මන්ත්රීවරුන් වීමය.

පලාත්සභාවේ ආණ්ඩුකාරයෙක්, මහ ඇමති වරයකු, තවත් ඇමතීන් 4 දෙනෙක්ද මන්ත්රී වරුන්16 ක් පමණද  මෙකී දේ ශපාලකයින්ට පුද්ලික නිලධාඊන් පිරිසක්ද වෙනම සිටී. රට පුරා සෑම දිසාවකම් මෙම ක්රමය ඇති නිසා මේ සියලුදෙනාටම කාර්යාල,වාහන අතට,නිවසට හා ඇතැම්විට පයටද දුරකතන, ඇත.පඩිනඩි සහ තවත් අනේක විධ පහසුකම් වෙනුවෙන් වසරකට ජාතික ධනයෙන් කෝටි ප්රකෝටි ගණනින් නිරපරාදේ වැය වෙයි.

එහෙත් 1987 ට පෙර ඉහත සදහන්කළ පරිදි සුලු නිලධාරීන් පිරිසකගෙන් සිදුවූ සේවයෙන් අඩක්වත් අද සිදුවන බවක්ද නොපෙනේ. ඇත්ත්වශයෙන්ම මේ ක්රමය නිසා අද සිදුව ඇත්තේ දේශපාලකයින් වැඩිවී, නිලධාඅරීන් වැඩිවී, ආයතන වැඩිවි රාජ්ය වියදමද අහස උසට වැඩිවී, දූෂනය, නාස්තිය වැඩිවී  රාජ්ය සේවය අවුලෙන් අවුලට පත්වි රටපුරා  අරාජික තත්වයක් මුල්බැසගැනිම පමණි. ජනතාවට පොරොන්දු වූ සේවාවන් විම්ද්යගත කෙරීම වෙනුවට අද එය තිබුණාටත් වඩා මද්යගතව ඇත. උදාහරණයකට මධ්යම පලාතේ ලග්ගල විල්ගමුමේ පුද්ගලයකුට මාතලේ දිසාපති කාර්යාලයෙන් කර ගැනීමට තිබුණු දෙයක් කරගැනීමට අද මහනුවර පල්ලෙකැලේ පලාත් සභා කාර්යාලයට ඒමට සිදුව ඇත.

මීට අමතරව දිසා පාලන ජාලයේ සහ පලාත් පාලන ජාලයේද සේවකයින් සහ ආයතන වැඩිවිම   නිසා එකම් කාරණය සදහා ආයතන කිපයක් තිබිම නිසාත් දක්නට ඇති ගැටුම් හා අන්යෝන්ය සන්කූලතා නිසා  වියදමද අනවශ්ය අන්දමින් ඉහහල ගොස් ඇති අතර  නාස්තිය හා දුෂනයද වැඩිවී රාජ්ය සේවයේ කාර්යක්ෂමතාවයද  බින්දුවට බැස ඇත. අද මේ අවුල් වියවුල් සියල්ලගේම වින්දිතයින්වී ඇත්තේ පොදු ජනතාවය. එහෙත් ඇතම් දේශපාලකයින් පලාත් සභා වැසීමෙන් ජනතාවට අතිවිසාල පාඩුවක් වී ඇති බව පැවසීම මහා විහිලුවකි. එසේ සිතන හා කියන මිනිසුන් යැවියයුත්තේ පර්ලිමෙන්තුවට නොව් අන්ගොඩටයයි මම සිතමි.

වලදමා තිබුණු මලමිනියක් ගොඩගැනීම

පලාත් සභා පිලිබන්ද කතාන්තරය මෙසේ ශෝචනීයවී තිබියදී වසර ගානක් තිස්සේ වසා තිබුනු පලාත්සභා මැතිවරණය හැකිපමණ කඩිනමින් පැවැත්වීමට කටයුතු කරණමෙන් මැතිවරණ කොමිසමට අගමැතිතුමා උපදෙස් දුන් බව පුවත්පත්වල පලවී තිබෙණු දුටිමි. අගමැති තුමනි මෙය කිසිසේත්ම නොකලයුත්තක් යයි අපි කියමු. මන්ද මේ ක්රමය තුලින් යැපෙන හා ලාභ ප්රයෝජන ලබන දේශපාලකයින් සහ ආණ්ඩුකාරකම්, මහඇමැතිකම් ඇතුලු මැති ඇමතිකම් බලාපොරුතුවෙන පුද්ගලයින් හැර සිහිමොලේ ඇති වෙන කිසිම කෙනෙක් පලාත් සහාවලට කැමැති නැත.ඒවා ගැන අඩන්නේ රටට හෝ ජාතියට කිසිම වැඩක් නොකර මහජන මුදලින් සුරසම්පත් ලබාගැනීමට ජේ ආර් ලබාදුන් කල්පවෘක්ෂය අහිමිවූ දේශ පාලන පරපුට්ටන් පමණි. මේ හූනියම නිසා මෙ රටට හා ජාතියට 33 වසරක් පුරා සිදුවී ඇති හා ඉදිරියට සිදුවිය හැකි මහා දේශපාලනික, ආර්ථික හා සාමාජික විනාශය නිසා මේ රජයට චන්දය දුන් බහුතර ජනතාවගේ ඒකමතික අදහස පලාත් සභා දැන්වත් වහාම අහෝසිකළයුතු බවය.

ගරු අගමැතිතුමාත් 1987 දී මේ ක්රමයට විරුධව සටන්කල බව අමතක නැතෑයි අපි සිතමු.  ඉහත සදහන් කරණලද හේතූන් නිසා පලාත්සභා වසන්ගතය අහෝසි නොකලොත් 2009 දී කොටින් පැරදවීමෙන් ලබාගත් රට හා ජාතිය බෙරාගඇනීමේ ගෞරවයද ඔබතුමාලාට අහිමිවනු ඇත.කිසීවෙකුට පරාජය කිරිමට බැරියයි කී  කොටින් පරාජය කිරීමෙන් ලබාගත් විජයග්ග්රහණය සම්පූර්ණ වන්නේ ජේ ආර් /රජිව් ගිවිසුම සහ පලාත් සභා පිළිකාවද ලක් පොලෝතලයෙන් ඉවත් කළ දාටය.ඊනියා යහපාලන ණඩය පන්නාදමා  2019 දී ජනාධිපතිවරණයේ දී මෙන්ම 2020 මහමැතිවරණයේදීද ඔබට චන්දය දුන් 70 ලක්ෂයකට ආසන්න සින්හල බෞද්ධ් ජනතාඅවගේ එක් වැදගත්  බලාපොරුත්තුවක් වූයේ 1987 මාරන්තික ඉන්දුලන්කා ගිවිසුම සහ ඉන් උපන් පලාත් සභා හූනියමෙන් මේ රට මුදාගැනීමය. ඇත්ත වශයෙන්ම ඔබතුමාලා මේවා අහෝසි කළයුතුව් අතිබුනේ 2009 යුද්ධය අවසානයත් සමගමය. එදා සිදුවූ අතපසුවීම නිවැරැදිකර ගැනීමේ ස්වර්ණමය අවස්ථාවයි මේ උදාවි ඇත්තේ.එබැවින් ස්වර්ණමය අවස්ථාව අත්නොහළ මැනවි.  

එකද දෙමල හෝ මුස්ලිම් චන්දයක් වත් නැතිව මේ රටේ භූමි පුත්රයින් හා පරම අයිතිකරුවන් වන සින්හලයින් විසින් දැන් ඔබ ඉල්ලූ මැතිසභයේ 2/3 කේ බලයද ලබාදී ඇත. 20 වන සන්සෝධනයද සම්මතවී ජනාධිපති විධායක බලයද ලැබී ඇත. පසුගිය දිනක ඉන්දීය ඇමති අද්වාල් කල ප්රකාශය අනුව ඉන්දියාවද එසේම MCC ඉල්ලා අස්කරගෙන ඇති බැවින් දැන් අමෙරිකාවද තරමක් හෝ හීලෑවී ඇති බවද පෙනේ. ජනතා විරෝධය මෙන්ම් ඔබ දෙදෙනාගේ රිජු ප්රකාශද සදහා බලපා ඇතැයි අපි සිතමු. එමනිසා ඔබතුමාලආ බලයට පත්කළ මා ඇතුලු 70 ලෂයක සින්හල ජනතාවගේ ඉහත සදහන් ඉල්ලිම් දෙකද ඉටු කිරීමට දැන් ඔබ්ට කිසිදු භාධාවක් නැත.

1987පෙර තිබුණු අපගේම උරුමය වූ සම්ප්රදායික ක්රමය පිළිබද පුණරාවලෝකණයක්.

මේ රටේ ඉතිහාසයේ අරම්භයේ සිටම පැවත ඇති පරිපාලන රටාව වූයේ  රට, දිසා සහ ගම් වශයෙන් බෙදුණු පාලන ක්රමයකි. ක්රි. පූ. 427  දී පණ්ඩුකාභය රජු විසින් මුලු රටේම ග්රාම සීමා පිහිටුවා  මේ රට රුහුණු, මායා සහ පිහිටි වශයෙන් තුන් රටකට බෙදා ඒවා නැවත දිසා, සහ ග්රාම වශයෙන් බෙදා අනුරාධපුරයේ මහරජෙකු යටතේ  රුහුණු මායා දෙරටේ යුව රජුන් දෙදෙනෙකු විසින්ද තුන් රට නැවත දිසා වශයෙන්ද එවා නැවතත් කෝරල් හා ගම් වශයෙන්ද බෙදා ඒවා ගාමනීන් යටතේද ඉතා මනාසේ  පාලනය කෙරින. 

ඉන්ග්රීසීන් විසින් 1833 දී ඒ ක්රමය වෙනස්කොට මුලු රටම එක් රටක් වශයෙන් ගෙන ඔවුන්ගේ පාලන පහසුව  සදහා රට පලාත් 5 කට බෙදා ඒවා පසුව පලාත් 9 දක්වා වැඩිකොට ඒ යටතේ දිසා ,කෝරල, පත්තු සහ ගම් වශයෙන් බෙදා පාලනය කෙරින. මේ යට්තේ විකාශනය වූ දිසා (දිස්ත්රික්ක) පාලනය දිසාපතිවරුන්,. රටේමත්වරුන්, කෝරාල වරුන් සහ අවසාන වශයෙන් ගම්පතීන් යටතේ පාලනය විය.1948 ඊනියා නිදහසින් පසුව වුවද 1970 වේ දසකයේ මැදක් වනතුරුම මෙම රාජ්ය පාලන ක්රමය මැනවින් ක්රියාත්මක විය. එහෙත් ඉන් පසුව සීග්රයෙන් දේසපාලනීකරණය වූ රටේ පාලනය අද වුර්තීය රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී රාජ්ය පාලනය ගැන  කිසිත් නොදත් දේසපාලකයින්ගේ අත්තනෝමතික අධිරාජ්යක් හා කෙළිබිමක් බවට පත්ව ඇත.

සුද්දා විසින් ඉතිරිකොට දුන් ක්රමය අද දේශපාලකයින්ගේ සූදුපොලක් බව්ට පත්ව ඇත. 1970 දශකයේ ආරම්භයේදී  දේශපාලන අධිකාරියෙන්  ආරම්හ වී  1977  න් පසු දිසා ඇමතින්ද, 1987 න් පසු පලාත් මහ ඇමති සහ ආණ්ඩුකාරයින්ද  ආදිවශයෙන් එය විකාෂනයවිය.දිසාපති වරුන් දිසාපති කාර්යාලවල කාමරවලින් එලවා දිසා ඇමතින්ද පසුව මහ ඇමතින්ද පලාතේ සහ දිසාවේ සින්හාසනාරූධ විය.ඊට අමතරව පලාත් සභා 9 භාරව ආණ්ඩුකාඅර්යින් 9 දෙනකුද පත්කෙරින. මේ අනුව 1987 න් පසු රටේ පාලනය සම්පුර්ණයෙන්ම දේශපාලක්යින්ගේ දැඩි ග්රහනාය්ට හසු විය. සියලුම් රාජ්ය ආයාතනවල නිලධාරින් මේ යටතේ පලාත් දේසපාලකයින්ගේ හුදු අතකොලු බවට පත්වූ අතර රාජ්ය සේවයේ ප්රසස්ථ ගුනාන්ගයක් වූ අපක්ෂපාතීත්වයද වල් වැදින.දේශපාලන පක්ෂ ක්රමය නිසා ප්රජාතනත්රවාදයද වල්වැදින.. මේ යටතේ සෑම මිනිසුන් 3232 කටම එක දේසපාලකයකු ඇති ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත.දේශපාලන පක්ෂ චන්දය පසුපසම හබා යන, රටක් නැති, ජාතියක් නැති ආගමක් නැති ආත්මාර්තකාමි රටේ මහබැන්කුව මහදවල් හොරාකෑ අගමැති වරයකු සිටි න මුලු රටේම පාලනය රාජ්ය නිලධාරින්ගෙන්. ගැලවී දේසපාලුවන්වූ  දේසපලකයින් සීටින පිස්සන් කොටුවක් බවව අද මේ රව පත්වී හමාරය. දේශපාලකයින් සහ රාජ්ය නිලධාරින්ව ඔවුනොවුන්ගේ කාර්යභාරයන් පිලිබද අවභෝධ්යක් ඇති බවක්ද නොපෙනේ.

මීට සමාන්තරව රාජ්ය සේවකයින් සන්ක්යාවද පුදුමාකාර අන්දමින් වැඩිවී ඇත. උදාහරණයකව මහනුවර දිසාව ගතහොත් 1987 වනතුරු එක් දිසාපතිවරයකු සහ ප්රාදේශීඅය ආදායම් පාලකවරුන් 12 දෙනකු සහ තවත්  මට්ටමේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනකු දිසාව තුල එදා සිදුකල කාරිය කිරීමව අද  මට්ටමේම නිලධාරීන් 80 ක් පමනද අතරේ අමාත්ය මන්ඩල මට්ටමේ ප්රධාන ලේකම් වරයකු ඇතුලු අමාත්යාන්ස  ලේකම්, නියෝජ්ය ලේකම්, සහකාර ලේකම්  ආදි වශයෙන්  ලේකම් වරුන්ම 75 ක් පමනද තවත් වීධායක නිලධාරින් රාසිය ක්ද සිටී. ඊට අමතරව ආණ්දඩුකාරයෙක්, මහ ඇමති වරයකු, තවත් ඇමතීන් 4 දෙනෙක්ද මන්ත්රීවරුන් 17 ක් පමණද සිටී. මීට් අමතරව මෙකී දේශපාලකයින්ට පුද්ගලික නිලධාඊන් පිරිසක්ද  සිටී. මේ සියලුදෙනාටම කාර්යාල,වාහන යනාදී තවත් අනේක විධ පහසුකම් වෙනුවෙන් වසරකට ජාතික ධනයෙන් කෝටි ප්රකෝටි ගනනින් රජයේ මුදල්ද නිරපරාදේ වැය වෙයි.

1987 ට පෙර සුලු නිලධරීන් පිරිසකගෙන් සිදුවූ ප්රසස්ථ සේවයෙන් අඩක්වත් අද සිදුවන බවක්ද නොපෙනේ. ඇත්වසයෙන්ම මේ ක්රමය නිසා අද සිදුව ඇත්තේ දේශපාලකයින් වැඩිවී, ආයතන වැඩිවි රාජ්ය වියදම වැඩිවී, දූෂනය, නාස්තිය වැඩිවී රාජ්ය සේවය අවුලෙන් අවුලට පත්වි  අරාජක තත්වයක් රට තුල මුල්බැසගැනිම පමණි ඒ නිසාම රට දිනෙන්දිනම  ආර්තික හා සාමාජික වසයෙන් සීග්රයෙන් අඝාධ්යටම යයි. මේ වූ කළී මේ නව පාලන ක්රමය නිසා ඇතිවූ මහා ඛේදවාචකයකි.

පාලාත් සභා දැන් විසුරුවා හැර ඇති බැවින් ඒවායේ පාලනය ආණ්ඩුකාරයින් විසින් මෙහෙයවෙයි.  මුලු රට පුරාම ක්රියාත්මක වන්නේ අද මේ ක්රමයයි. ආණ්ඩුකාරයින් ජාධිපතිගේ නියෝජිතයින්ය. එසේම ඔවුන් බලයේ සිටින ආණ්ඩුවේ හිතවතුන්ය. හිස්බුල්ලා. අසාද් සාලි වැනි ජාති ද්රෝහින්ද, නිලුකා ඒකනආයක වැනි අයද  සින්දුකාරයින්, හදහන් බලන්නන්, චන්දයෙන් පරදින,පලාත් සභ අහෝසිවීමනිසා මහඇමතිකන් අහිමිවූ අය වැනි  දේසපාලකයින්, ඇමතිකම් දිය නොහැකි මහල්ලන්, දේසපාලන අනාතයින් සහ දෙශපාලකයින්ගේ නෑදෑයන් වැනි දිසා වල  සිටින ජේෂ්ඨ වෘතීය රාජ්ය සේවකයින් හා මහජනතාවගේ ගවුරවය දිනාගත නොහැකි ප්රාදේශීය පාලනය පිලිබද මෙලෝ දැනුමක් නැති මෙවැනි අය ආණ්ඩුකාරයින් වශයෙන් පත්වන්නේ මේ දූෂිත ක්රමය තුලය. ඔහු සියලුම ලේකම්ලාගේ මෙන්ම අද තම දිසාතුල අධිපති කමක් නැති දිසාපතිවරුන්ගේ මෙන්ම පලාතේ සමස්ථ රාජ්ය සේවයේම ප්රධනියාය. පවතින මේ රාජ්ය පාලනය ගැන කථා කිරීමෙන්ද පලක් නැති. බව පොදු ජනතාවගේ මතයයි. ආණ්ඩුකාරයෙකුගේ බලප්රදේසය පලාතක්. එය අති විසාල ප්රදේසයක්. දිසාපතිවරයෙකුගේ පාලන ප්රදේශ්ය කුඩා දිසාවක්. ඔහු යටතේ ප්රාදේසීය උපදිසාපතිවරු කීපදෙනෙක්ද එක් එක් ප්රා. උප. දිසාපති වරයකු යටතේ  ග්රාමසේවක හමුදාවක්ද සිටිනව මේ අනුව මනාසේ සන්විධානය වූ එසේම එකිනෙකාට වගකියන නිලබල අධිකාරි වියුහයක් තියෙනව. එමනිසා නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම රාජ්ය ප්රතිපත්ති ක්රියාත්මෙ කාර්යෂ්ම නිල බල ජාලයක්ද දිසාපති වරයකු යටතේ තියෙනවා. අනෙක මොවුන් සියලු දෙනාම රාජ්ය සේවකයින්. .කිසිවෙකු දේසපාලන පක්ෂ නියෝජනය කරන්නේ නෑ. එමනිසාම එවැනි කරමයක් තුල දේශපාලනයෙන් තොර අපක්ෂපාති සේවයක් ඔවුන්ගෙන් ලබාගැනීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක තිබෙන බව්ද කිව යුතුය. සුද්දාගේ කාලයේ මෙන්ම 1972 වන තුරුම මේ රටේ හිටියේ එක ආණ්ඩුකාරයෙක් පමණි,අද 9ක් සිටී. මේ සෑම අයකුටම නිලනිවාස, පඩිණඩි,යාන වාහන සහ වෙනම නිලධාරින් ඇතුලු කාර්යාල සහ ගෘහසේවකයින්ද පත්කෙරේ. ප්‍රස්නය ඇත්තේ මේසා විශාල වියදමක් දරා මොවුන්ගෙන් රටට සිදුවන සේවය කුමක්ද කියන එකය.මොවුන් හුදු දේශපාලන් පින්කාරයින් පමණි. අනෙත් අතින් ආණ්ඩුකාරයින් කියන්නේ කෙලින්ම් බලයේ සිටින රජයේ ජනාධිපති වරයාගේ නියෝජිතයෝය එමනිසාම ඔවුන් ක්රියා කරන්නේ තම පලාත තුල ජනාධිපතිඅරුන් මෙනි ඒ නිසාම නිලධාරින්ද තම තමන්ගේ රැකියාවන් බේරාගැනීම සදහා ඔවුන් කියන දේම කරයි. ඔවුන් තොරතුරු ලබාගත යුත්තේද තීරන ක්රියාත්මක කලයුත්තේද මා මුලින් කී රාජ්ය නිලධාරින් හරහාය. නිලධාරින් ඔවුන් දෙස  බලන්නේත් දේශපාලකයකු වසයෙන්.  ආණ්ඩුකාරයින් නිතරම තිරණ ගන්නෙත් ඔහු අයත් දේසපාලන පක්ෂය වෙනුවෙන් මිස අපක්ෂපාති ජනතා හිතවාදී ඇසකින් නොවේ. මේ නිසා ජනතාවට ඔවුන්ගෙන් සාධාරන හෝ අපක්ෂපාති සේවයක්ද කිසිසේත් බලාපොරුත්තු විය නොහැක.මේ තුල සමස්ථ ක්රියාදාමයම පක්ෂ  දේසපාලනය විසින් ගිලගෙන ඇති බැවින් එවැනි ක්රමයක් තුල පක්ෂ අනුව බෙදුණු ජනතාව්කට සාධාරන සහ යුක්තිසහගත සේවයක්ද අපේක්ෂා කල නොහැක. මෙම ක්රමය තුල මෙවැනි ඌනතා සහ ගැටලු රාසියක් ඇති නිසාද එය අසාර්ථක අථදා බැලිමකි. ඒ අනුව බලනවිට දේශපාලකයින්, නිලධාරීන් සහ රාජ්ය විදම් වැඩිවීම සහ ඒ තුලින් නාස්තිය සහ දුෂනය වැඩිවීම් මෙන්ම සමස්ථ රාජ්ය පාලන ක්රමයම අද  අවුලෙන් අවුලට ගොස්  ඇති අතර ඊට සම්බන්ධ් දේශපාලකයින්ඟෙන්ද රටට හෝ ජාතීයට  කිසිදු යහපතක් සිදුවී ඇතැයි කිව නොහක.  පලාත්සභා වසා දමීමේ ඇති අවස්යතාවට මෙයද ඉතා ප්රබල හේතුවකි.  

 තවදුරටත්  මේ රටේ ජාතික ධනය 30 වසරක් පුරා මකර කටට ඇද දැමූ එසේම මේ රටේ  දිසා පාලනය විනාශකලාවූද, රාජ්ය පාලන යාන්තරනය අවුලෙන් අවුලට පත්කලාවූද,  මේ රටට ආණ්ඩුකාරයින්  9 දෙනකු, මහ ඇමැති වරුන් 9 දෙනකු සහ පලාත් සදහා තවත් ඇමැති වරුන් 36 දෙනකු පලාත් සභා මන්ත්රිවරුන් 700 පමනද  අමතර නිලධාරීන් 12,000 පමනද පත්කොට, සුකෝපභෝගී ගොඩනැගිලි , යාන වාහන සහ අමතර උපකරන ආදිය සදහා කෝටි ප්රකෝටි ගනන් ජාතික ධනය නාස්ති කරමින් 13 යටතේ පිහිටුවා තිබුණු පලාත් සභා නැමැති හූනියම සහ රටට සතයකවත් සේවයක් නොවෙන අමතර පරපුටු දේශපාලන හමුදාවක් බිහිකළ මේ ජරා  දේශපාලන, ආර්ථික හා සමාජ සුදුඅලියා දැන්වත් දේශපාලන වනසණ්ඩයත එලවා දැමිය යුතුය.  සදහා මූලිකව පෙරමුණ ගතයුත්තේ ජනාධිපති වාරයායයි මම සිතමි. මන්ද මේ රටේ මිනිසුන් 69.5 ලක්සයකට වැඩි පිරිසක් ඔහුට චන්දය දුන්නේ මේ අයිතිහාසික වෙනස ඔහු විසින් කරණු ඇතැයි යන දැඩි බලාපොරොත්තුවෙන් නිසාය.

එසේ නොකලොත් දිසා පාලනය මුලුමනින්ම බින්දවැටී මේ රට අරාජක වී මුලු රටම එකම් පිස්සන් කොටුවක් වන දිනය වැඩි ඈතක නොවන බව ඉස්ථිරවම කිවහැක.

මෙම ක්රමයෙන් වසර 33 ක් තිස්සේ දායාදකොට ඇති පරිපාලන, ආර්ථික, දේසපාලන සහ සමාජ අවුල් ජාලය අද රට මහා දේශපාලන ගිනිකන්දක් මුදුනට ගෙනවිත් ඇත. කුමන මොහොතේ එය පුපුරා යාවිදැයි කිව නොහැක.එය පිපුරූ දාට ගිනි නිවීම සදහා ඉන්දියන් සාගරයේ ජලයද මදි විය හැක.

එදාට සින්හල, දෙමල සහ මරක්කලයින් උනුනුන් මරාගෙන මැරෙන  දේශයක් බවට මෙ පින් බිම පත්වනු කිසිවෙකුට වැලැක්විය නොහැකිවනු ඇත. එහි අවසාන ප්රතිපලය වනුයේ දේශීය හා විදේසීඅය වශයෙන් මුදල්, ආයුද බලයෙන් සින්හලුන්ට වඩා ඉදිරියෙන් සිටින දෙමලුන් සහ මරක්කලයින් සහ කවදාත් මේ රටට සහ සින්හල බෞධයින්ට විරුද්ධ බටහිර ලෝකයේ, ඉන්දියාවේ සහ උන්ගේ ආවතේව කාරයින්ගේ සහයද ඇතිව සින්හලුන් සමූලඝාතනයකොට මේ රට උන්ගේ රටක් බවට පත්කගැනීමය.

එමනිසා දැනට රට තුල ක්රියාත්මක්වන මේ දේශපාලන පරිහානිය සහ සින්හල බෞද්ධ විරෝදී කුමන්ත්රණකාරී වැඩ පිලිවෙල   වහාම පාලනය නොකලොත් වසර 2500 කට වැඩි කාලයක් මේ මිහිපිට බැබලෙමින් පැවති සින්හල ජාතිය සදකාලිකවම මිහි පිටින් අතුරුදන්වන දිනය නුදුරේදීම ලගාවනු ඇත. එසේ වූ දත එහි සම්පූර්ණ වගකීම වෙලවේ බලයේ සිටින පාලකයින් මත පැටවෙන බව අයිතිහාසික සන්සිද්ධියකි. 

මා මෙහි පෙන්නදී ඇති කරුණු යමෙකුට විස්වාශ කිරීම අපහසුනම්, පලාත් සභා ආරම්ඹ්හ වූ 1987 සිට මේ දක්වා පලාත් සභා වෙනුවෙන් නාස්තිකළ ජාතික ධනයේ ප්රමානය සහ ඒවායින් රටට  සිදුවූ සේවය පිලිබන්ද ජනාධිපති කොමිසමක් මගින් අපක්ෂපාතී තක්සේරුවක් කොට බලා ඉන් පසු  මා කියනතර්කය වැරැදි බව ඔප්පු උවහොත්  ඉන්දියාව විසින් ජාතකකොට දුන් මේ අබ්බාගාත පලාත් බබා යලිත් මහජන මුදලින් කවා පොවා රැක ගැනීම මැනවයි මම සිතමි.

අද රටේ තිබෙන ප්රධානම ප්රශ්නය පලත්සභා චන්දය පැවැත්වීමද

මෙම ලිපිය අවසන් කිරීමට පෙර රජයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් මම මෙ ප්රශ්නය අසමි.ඇත්තවස්යෙන්ම අද රටේ තිබෙන ප්රධානම ප්රශ්නය පලත්සභා චන්දය පැවැත්වීමද.  මේ අවජාතක දරුවගේ පීතෘත්වය හිමි ඉන්දියවේ අගමැති වරයා”හැකිපමන ඉක්මනින් පලත්සභා චන්දය තියන මෙන් කී අවස්ථාවේදි නිහන්ඩව සිටි අගමැතිවරයා හදිසියේම අප්රේල් මසට පෙර පලාත්සභා චන්දය තිබිමට පියවර ගන්නා මෙන් මැති වරණ කොමිසම්ට උපදෙස් දුන්නේත් ඒ වෙනුවෙන් අමාත්ය මන්ඩල පත්රිකාවකුත් කඩි මුඩියේ ඉදිර්පත්කලේත් මන්ද යන ප්රස්නය මම අසමි.පලාත් සභා චන්දපැවත්ව්විමට හදිසියේම තීරණය කලේ  09/12/2020 දිවයින පුවත් පතේ  මාගම්පුර” යටතේ පලවු පරිදි  එදින එම රැස්වීමේදි හිටපු පොදුපෙරමුණ පලාත්සභා මන්ත්රී වරුන් සමන්ග කෙරුණු සාකච්චවක ප්රතිපලයක් අනුවදැයි අපි නොදනිමු

එය සත්යයක් නම්, ඔබතුමාලාට වඩා වැදගත්, මේ රජය පිහිටුවීමට චන්දය දුන් 70 ලක්සයක ජනතාවගේ යහපත සහ  මේ රට සහ ශ්රේෂ්ඨ ජාතිය බේරා ගැනිමද එසේ නැතිව ඔය බඩගොස්තරවාදි ආත්මර්තකාමී පරපුටු පලාත්සභා පින්පඩි ලබන ණඩය සතුටු කිරීමද යන ප්රස්නය හදවතට  තට්ටුකර හැන්ගීමෙන් නොව බුද්ධියෙන් විමසා බලන මෙන් අපි ඉල්ලමු.ඔබ සවන්දියයුත්තේ පලාත් සභාවල රැකියාව අහිමිවීම නිසා හන්ඩාවැටෙන පලාත්සභා පරපුට්ටන් කීප දෙනාටද එසේ නැත්නම් ඔබ බලයට පත්කල70 ලක්ෂයක් පමණවූ ජනතා ගන්ගාවටද.

දැනටමත් අමාත්ය මන්ඩලයේම මොලේ ඇති කීපදෙනකු මේ යෝජනාවට විරුද්ධත්වය  ප්රකාශකොට ඇති බව අපි දුටිමු.. ඊටත් වඩා මේ රජය බලයට පත්කිරීමට පෙරමුන ගෙන කටයුතු කල ඇල්ලේ ගුණවන්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමල්පේ සෝභිත , මැදගොඩ අභයතිස්ස, ඉන්දුරාගාරේ ධම්මරතන වැනි ස්වාමීන් වහසේලා ප්රමුඛ සමස්ථ සන්ගරුවනද එසේම රට ජාතියට ආදරය කරණ ගුනදාස අමරසේකර වැනි විද්වතුන්ද ඊටත් වඩා ඔබට චන්දයදුන් අප ඇතුළු 70 ලක්ෂයක ජනතාවද පලාත්සභාවලට දැඩිසේ විරුද්ධව සිටියදී ඒ සියල්ල.නොසලකා පොදු ජනමතයට විරුද්ධව ජනතාවරමට පිටුපා ඔවුන් පාවාදී අලුත් විවස්ථාව යටතේ පලාත් සභා අහෝසිකරනවා වැනි සුරන්ගනා කථා කියමින් ඔබ මේ සූදානම් වන්නේ දේශපාලන වශයෙන් සියතින්ම ගෙල සින්ඩ ගැනීමටදැයි අපි ප්රස්න කරමු. අනෙක අලුත් විවස්ථාවෙන් එය ඉවත්කිරීමට අවන්කවම අදහස් කරන්නේනම් අවුරුදු පහක කාලසීමව්කට බලය ඇති මේ කෙහෙම්මල මේ හදිසියේ නැගිට්ටුවන්නේ ඇයි. දැනමම ඒවා ඉවත් නොරන්නේ ඇයි.

රට පුරා බුර බුරා නගින මේ ජනමතයට කන්දී ඔය කෙහෙල්මල් පලාත් සභා කුණුමස්කද අවශ්යනම් එහි නිර්මාතෲවරුන් වන ඉන්දියාවටම අහුලා ගැනීම සදහා ඉන්දියන් සාගරයට  දමනමෙන් අපි තරයේ ඉල්ලමු. 

දැනට මිහිදන් කොට ඇති , හතර අතින් ඕජස් ගලාබහින එසේම  දුගන්ද හමන පලාත් සභාවලට පණදීමට පෙර  ප්රතමයෙන්ම මේ මොහොත වනවිට රට ජාතිය මුහුනපා  තිබෙන තීරනාත්මක ගැටලු විසදා ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදි ලබාගත් ජනතා ප්රසාදය ආරක්ෂා කරගන්නාමෙන් රට ජාතිය වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු

අප දකින අන්දමට අනෙක් සියල්ල පසෙක තබා මේ මොහොතේ රට ජාතිය මෙන්ම රජයද මුහුනපා සඉටින වහාම විසදුම් සෙවියයුතු අතිශයින්ම තීරනාත්මක හා උග්ර ගැටළු කීපයක් පහතින් දක්වමු. අපට පෙනෙන අන්දමට එහි ප්රමුඛතාව මෙසේ වියයුතුයයි සිතමු.

ප්රමුඛතා එක : ජාතික හා සාමාජික වියශනය කොවිද් පිටුදැකීම සහ එම වියශනයෙන් ජනාතාව බේරාගැනීම සහ මෙම වසන්ගතය නිසා පීඩාවට පත්ව සිටින සියලුදෙනාට අවස්ය වයිද්ය, ආහාර සහ බෙහෙත්හේත් ඇතුලු පහසුකම් සපයා පලමුව ජනතාව රැකගැනීම.

2 ප්රමුඛතා දෙක; රටේ ජනගහනයෙන් 80% පමන වු අසරන ජනතාවගේ දැරිය නොහැකි අහස උසට ණග ඇති ජීවන වියදම පහත දමීම සදහා බඩුමිල අඩුකිරීම, සාධාරන මිලකට රජය මගින් ඒවා සැපයීම. මෙහිදී සහල්මිල ගැන විශේෂ අව්ධානයක් යොමුකළ යුතුය. රටේ ඔනෑතරම් වී තිබියදී සහල් මිල මෙතරම් වැඩි වන්නේ සහල් මෝල් හිමියන්ගේ මාපියාව නිසා නොවේද. රටක රජයකට වඩා සහල්මෝල් හිමියන් බලවත් වන්නේ කෙසේද එවැන්නක් පවා පාලනය කිරීමට නොහැකිනම් එවනි රජයකින් ජනතාවට ඇති ප්රයෝජනය කුමක්ද . මිනිසුන් රජය නමැති සන්විධ්හානයක් මුලින්ම හදාගත්තේ මෙවැනි පුද්ගලයින්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට නොවේද.එබැවින් ඉතා  කඩිනමින් මේ ප්රස්නය නොවිසදුවොත් මහමග දිගේ මිනිසුන් හාමතේ මැරෙන දවස නොදුරේදීම උදාවිය හැක.එවන්නක් ඇති නොවීමට වගබලාගනීම රජයේ වගකීමය.

3 ප්රමුඛතා තුන: රටේ දේශපාලන ස්ථාවර හාවය, නීතිය හා සාමය ස්ථාපිත කරගැනීම. මේ සදහා අනෙකුත් කරුණු අතර දේශපාලන, වර්ගවාදී හා ආගම් අන්තවාදයන් මර්ධනය කලයුතුය.

4 ප්රමුඛතා හතර : පලාත් සභා අහෝසි කිරීම.

රටට හෝ ජාතියට කිසිදු වැඩක් නැති මේ රටේ දේශපාලන, ආර්තික, ආරක්ෂක හා සාමාජික වශයෙන් අඝාධයටම ගෙනයන එසේම බෞමික අඛන්ඩතාව එක්සේසත් බව, විනාශකරණ පලාත් සභා අතුලු ජාතික ධනය මකර කටට යවන ආයතන සියල්ල වහාම අහෝසි කොට ඒ මුදල් රටේ සන්වර්ධනයට යෙදීම. 2020 රාජ්ය බදු ආදායමෙන් 84% ක්ම දේශපාලකයින් සහ රජයේ නිලධාරීන් නඩත්තුකිරීම සදහා වැය කොට ඇතිබව වාර්තා විමෙන්ම රාජ්ය මුදල් නාස්තිකෙරෙන අකාරය සිතාගත හැක. මෙවැනි තත්වයක් යටතේ රටක සන්වර්ධනයක් සිදුවන්නේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට වටහාගත හැක.

 මේ අවස්ථාවේ රට වැටි ඇති ආර්තික අගාධයෙන් බේරාගැනීම සන්දහා දේශපාලකයින් හා රාජ්ය සේවකයින් නඩත්තුව සදහා සිදුකෙරෙන මේ අධික වියදම වහාම අඩුකොට ජාතික ආදායමෙන් වැඩි ප්රතිශතයක් රටේ සන්වර්ධනයට හා ජනතාවගේ සුභසෙතට යෙදිය යුතුය.ඒ වගේම  රජයේ සියලු ආටෝප සාටෝප වියදම් නවතාදමා සෑම සතයක්ම රට ගොඩගැනීමට වැය කලයුතු වෙලාවක රජයේ සීමිත අරමුදල් අරපිරිමැස්මෙන් වියදන් කිරීමේ අවස්යතාව සහ අනවස්ය වියදම් කපා හැරීම. 

මෙවැනි දුර්වල  ආර්තික අහේනියකකට  රට මුහුනපා සිටියදී පලාත් සභා චන්දයක් තැබීමට යාම ගහෙන් වැටුණු මිනිහාට ගොනාත් ඇන්නා වැනිය. මෙවැනි තත්වයක් යටතේ රටට හෝ ජාතියට තඹදොයිතුවක  වැඩක් නැති පලාත්සභා මැතිවරණයක් තැබීමට සිතීම පවා සිහිමොලේ ඇති කිසිවකු අනුමත නොකරයි. පවතින තත්වය යටතේ  තවත් අමතර  දේසපාලුවන් සහ නිලධාරී නඩයක් සහ අනවස්ය ආයතන රාශියක් නඩත්තු කිරීම සන්දහා වැයකරන මහා ජාතික ධන්ස්කන්ධය වහාම නතරකල යුතුය. වසර තිස්තුනක් තිස්සේ ජාතික ධනය පොලව යටට අදිනලද මේ දේශපාලන ඉන්දීය බහිරවයා ශ්‍රී ලන්කාව හා සින්හල ජාතිය මුලුමන්[ම ගිලදැමීමට පෙර දැන්වත් වහාම විනාශකල යුතුය. එසේම එම මුදල් රටේ සන්වර්ධනයට යොදා ගැනීමට වහාම  පියවර ගත යුතුය.

 මෙහිදී  පලාත්සභා උණ්ඩුක පුච්චය නඩත්තු කිරිම සදහා 2017 වසරේදී පමණක්  රුපියල් 28,60,31,000  (විසිඅටකෝටි හැට ලක්ෂ තිස් දාහක්) වැයකොට තිබීම අනුව 1987 සිට මේ දක්වා මේ හූනියම සහ සුදු අලියා නඩත්තුකිරීම සන්දහා කොපමන ධනස්ඛන්ධයක් නාස්තිකොට ඇත්දැයි අපට සිතාගත හැක.වසරකට සාමාන්ය ගනන 25,00.00,000 ක් බැගින් පසුගිය වසර 33 සදහා එය කෝටි 825 පමන වෙතැයි උපකල්පනය කළහැක.එම මුදල්කන්දරාව රටේ .සන්වර්ධනයට යෙදුවේනම්   මොනතරම් ආර්ථික සමුර්ධියක් මේ වනවිට ලබාග්ගැනීමට තිබුණේදැයි අපට උපකල්පනය කළ හැක. එසේම පිට රටින් අධික පොලියට ලබාගත් ණය කොතරම් අඩුකර  ගැනිමට තිබුනේද. පයින් යාමටවත් පාරක් නොමැති ගම් වලට පාරවල්, පාසැල්. රෝහල්, ඇල අමුණු කීයක් ලබාදීමට තිබුනේද.මේ රටේ දේශපාලකයින්  දැන්වත් මේ අන්දමින් සිතන්ට පුරුදු විය බ්යුතුයයි අපි සිතමු.

පසුගිය මැතිවරණය දෙකට රුපියල් කෝටි 300 ක් (එකකට 150 බැගින්- (බිලියන 15×2 බිලියන 30ක්) වැයවී ඇති බැවින් පවතින කොවිද් වසන්ගත තත්වය යටතේ කොපමන මුදලක් යෝජිත පලත්සභා මැතිවරණයට වැයවේදැයි සිතාගැනීමට්වත් නොහැක. දැනට රට තුල පාව්තින කොවිද් වසන්ගතය නිසා මැතිවරණයක් පැවැත්වුවහොත් සදහා යටත් පිරිසෙයින් මෙම මුදල  මෙන් දෙගුනයක්වත් වැය කිරීමට සිදුවිය හැක.  පවතින ආර්ථික අහේනීය යටතේ එක් අතකින් මුදල් ලබාගන්නේ කෙසේද. ඒකත් පිටරටකින් ලබාගන්න නයකින්ද. අනෙක් අතින් මුදල් අපි වැය කරණුයේ කුමන ප්රතිලාබ්භයක් සදහාද යන්න ගැන ගැඹුරින් සිතා බැලියයුතුය.ඇත්තවශයෙන්ම වියදම දැරීමට සිදුව ඇත්තේ රටට හෝ ජාතීයට කිසිදු වැඩක් නැති දේසපාලන හොර මුලකගේ සුඛවිහරණය සදහා නොවේද. එය කොතරම් අපරාධයක්ද.

තවද නැවතත් චන්දයක් තබා මේ මර උගුල අටවා ගත්තොත් තවත් වසර 5ක් සන්දහා යටත් පිරිසෙයින් තවත් කෝටි 250-300 ක් පමණ ජාතික ධනයක් මකර කටට අපි යැවිය යුතුය.  .එවැනි පසුබිමක රටට හෝ ජාතියට සත පහක වැඩක් නැති දේකට මෙතරම් ධනස්ඛන්ධයක් නාස්තිකරන්නේ ඇයි යන ප්රස්නය අපි මේ රජයෙන් විවුර්තව අහමු.

මීට අමාතරව රටේ දේශපාලන ස්ථාවර හාවය, නීතිය හා සාමය ස්ථාපිත  කරගැනීම හා ආර්තික සන්වර්ධනයට ශක්තිමත් පදනමක් දමා රට ඉදිරියට ගෙනයාමට නම්  පහතින් දක්වෙන ගැඨළු වලටද කඩිනමින් විසදුම් යෙදිය යුතුය.භාඪාවකින් තොරව රට ඉදිරියට ගෙනයා හැක්කේ එසේ කලහොත් පමණි

පලාත් සභා මල ප්‍රේතයින්ට ගොටු දීම ගැන සිතීමට පෙර ඉටුකලයුතු  තවත් ප්රමුඛතාවන් කීපයක්

1 රට පුරා නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සහ නීතියේ ආධිපත්ය තහවුරු කිරීම. තවද රටේ සියලු දෙනාටම එක් නීතියක් ක්රියාත්මක කළ යුතුය ඒ අනුව තේශවලමේ සහ මුස්ලිම් නීතියට අදාල ෂාරිය, මද්රාසා පාසැල්, හිකාබ් වැණි ඇදුම් යන සියල්ල වහාම තහනම් කලයුතුය. රටේ නීතිය හරියාකාරව ක්රියාත්මක් කළහැක්කේ එසේ කළහොත් පමණි රටේ සයුක්ය විසේස්ජය්ග්නයින්ගී උපදෙස් අනුව් හෑම මල මිනියකම භූමධානාය් කාල්යුතුය. ඊට විරුද්ධවන්නන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කල යුතුය.

2 මත්කුදඩු වසන්ගතය තුරන් කිරීම

මෙය සාර්ථක  කොට ගැනීමට නම් මත්කුඩු භාවිතා කිරීම, වෙලදාම, ලගතබාගැනීම, විකිණීම යන සියලු වරදට මරනීය දන්ඩනය දීමෙන් මත් ද්රව්ය සමාජයෙන් තුරන්කල යුතුය. ඒ සදහා සින්ගප්පූරුවේ මෙන් මරණ දණඩුවමම  දියයුතුය. මන්ද එසේ නොකොට වරද කරුවන් හිරේ දැමමිමෙන් සිදුවන්නේ නිරපරආදේ විශාල මුදලක් ඔවුන් නඩත්තු කිරිමට වැයවන අතර ඊටත් වඩා මත්කුඩු විසේෂග්නයින් සිරගෙවල්තුල පුහුනුවී මත්කුඩ් සම්බන්ධ අපපරාධ තවත් වැඩිවීමය.

3 මුස්ලිම්, දෙමල මෙන්ම සින්හල උවද සියළු ත්රස්ථවාදී කටයුතු මුලිනුපුතා දැමීම.

දේශ්පාලනික

4 දැනට පආර්ලිමේන්තුවේ සිටින සියලුම මැති ඇමැති වරුන්ට පෙර පරිදි දිසාවල ආසය බැගින් පැවරීම. එවිට එකී ආසනවල චන්දදායකයින්ට මසකට වරක් හෝ දෙවරක් තම දුක් ගැනවිලි ඉදිරිපත්කිරීම සදහා මන්ත්රීවරයෙක් ලැබේවි

ආණ්ඩු ක්රම් විවස්ථාව වෙනස් නොකොට ඉවත් කළ හැකිනම් ඊනියා ජාතික ලැයිස්තුවේ මන්ත්රීන් 29 දෙන ව හාම් ඉවත් කිරීම. විවස්ථාමය හේතු නිසා එසේ නොකල හැකිනම් ජාතික ලැයිස්තුවෙන් පත්කොට සිටින සියලුම ඇමතිවරුන් සහ රාජ්ය ඇමතිවරුන් තනතුරු වලින් ඉවත් කිරීම. එසේ කලයුත්තේ ඔවුන් කිසිවෙකු ජනතා නියෝජිතයින් නොවන නිසා ජනතාවට වග නොකියන බැවිනි. තවදුරටත් මේ පත්වීම් සියල්ල නියෝජ්ය ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම වලටද ඉන්දුරාම පටහැණිය. ඔවුන් පත්කරනුයේ පක්ෂ නායකයින් නිසා ඔවුන් පක්ෂනායාක්යින්ගේ නියොජිතයින් මිස ජනතාඅ නියෝජිතයින් නොවේ.

6 සියලුම දේශපාලකයින්ගේ මෙන්ම වරප්රසාද ලත් නිලදරුවන්ගේ තීරිබදු රහිත වාහන, සහ සියලුම අමතර දීමනා සහ අසිමිත වරප්රසාද ආදිය ඉවත් කිරීම. එවිට දේශපලනය ජවාරමක් කරගෙන සිටින අය ඉවත්ව ගොස් සැබෑ ජනතා සේවකයින් පමණක් මැතිසබේ ඉතිරිව  කෝටිගානින් මුදල්ද රජායට ඉතිරිවනු ඇත.

7 දැන්වත් වහාම සියලුම මැති ඇමතිවරුන්ට නිස්චිත කෙටි කාලයක් තුල ඔවුන්ගේ වත්කම් පර්ලිමේන්තුවට ප්රකාශකරනමෙන් බලකිරීම හා එසේ නොකරන අය මන්ත්රී ධුරවලින් නෙරපීම

8 සෑම මන්ත්රිවරයකුට සතියකට එක් දිනක් හෝ ඔහුට හිමි ආසනයට ගොස් ජනතාවගේ ගැටලු විසදීමට පියවර ගන්නා වැඩපිලිවෙලක් ඇතිකිරීම.

9 සෑම මන්ත්රීවරයෙකුටම රජය යටතේ කිසිම කොන්ත්රකුවක් කිරීම, මත්පැන් හල් ලබාගැනිම හා වෙනත් එවැනි මුදල් උපයන වැඩවලට සම්බධවීම සපුරා තහනම් කිරීම සහ එවැනි කටයුතු වලට බලපෑම් නොකරණ මෙන් නීති පැනවීම..

10 මැතිඇමති වරුන් සහ සියලුම රජයේ සේව්කයින්ට දයිනිකව කිසියම් නිස්චිත වැඩැකොටස්ක් නියම කිරීම සහ මාස තුනෙන් තුනට හෝ ප්රගතිය ස්මාලොචනය කිරීම; ඉලක්ක සපුරා ලීමට අපොහොසත්වන අය තනතුරුවලින් ඉවත් කිරීම.

11 දැනට මේ රටේ වසරකට රජයේ නිවාඩුදින ඇතම් වසරවල 130 ඉක්මවන අවස්ථා ඇති බැවින් ලෝකයෙ දියුණුයයි සම්මත සියලුම රටවල පවා පවතින සාමාන්ය රජයේ නිවාදු දින ගනන වන දින 12 දක්වා එය අඩු කිරිම ( මෙම වැඩ පිලිවෙල මවිසින් මීට පෙරද පුවත්පත්වලට දී ඇති බැවි රජට එය අවශ්යනම් ලබාදිය හැක)

12 මේ රටේ දැනට තිබෙන  TNA, SLMC  ආදී ජනවර්ග,ආගම් අආදිය සහ පෙදර්ල් වනි බෙදුම්වාදය පදනම්කොට ගෙන ඇති සියලුම දේශපාලන පක්ෂසහ තහනම් කලයයුතුය.

13 මේ රටේ අභ්යන්තර පරිපාලනයේ අත්තිවාරම වු ග්රාම සෙවා කොට්ඨාස සහ ග්රාම සේවාව වහාම පරතිසන්විධානය කළයුතුය.මෙවා බිද වැටීම නිසා ග්රාම මට්ටමේ අපරාධද වැඩිවී ඇත. දවසේ පැය 24 තම වසම තුල ග්රාම සේවක සිටිය යුතු වුවද අද එය සන්චාරක සේවයක් බවට පත්ව ඇති බැවින් ග්රාම සේවාව සම්පුර්ණයෙන්ම අද බිදවැටි ඇත ග්‍රාම සේවා නිලධරිය යන ආයතනය ගමක පන්සලේ ලොකු හාමුදුරුවෝ,ගමේ වෙදමහත්තයා සහ ගාමේ පාසැලේ මුල්ගුරුතුම වැනි ගවුරවනීය තතවයකටැ පත්කල යුතුය.

14 දැනට පවතින පහල ස්රේණිවල රජයේ සෙවකයින්ට දී ඇති දේශපාලන අයිතිය වහාම අයින්කළ යුතුය. මන්ද දේශපාලන අයිතිය නැති ඉහල ස්රේණිවල නිලධාරීන්ට  එය ඇති පහල ස්රේණිවල නිලධාරීන් පාලනය කිරීම ගැටලුවක් වී ඇති බැවිනි. රාජ්ය සේවයේ නිලබල අධ්හිකාරියද බිද වැටී ඇති නිසා රාජ්ය සේවයේ විනය මුලුමනින්ම බිදවැටී ඇත.

15 ජනාධිපතිවාරයාගේ සිට් සියලුම පුරවැසියන් රට වෙනුවෙන් කිසියම් කැපකිරීමකට සුදානම් නොවි කිසිදිනක මේ රට ගොඩගත නොහැක. ආදර්ශය පටන්ගත යුත්තේ ඉහලිනි. වර්තමාන ජනාධිපති තුමා එය දැනටමත් කරන නිසා මෙවැනි වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීම එතරම් අපහසු නොවනු ඇත

16 ස්‍රීමත් ජනාධිපති තුමනි ගරු අග්මැති තුමනි මෙම ඉල්ලිම් ඉටුකොට හෙට මැතිවර්නයක ගියොත් යටත්පිරිසෙයින් තව වසර 25 කටවත් ඔබගේ රජය මේ මිහිපිට කිසිවෙකුට හෙල්ලිය නොහැක. මන්ද එවිට එය එක් දේශපාලන පක්ෂයක රජයක් නොව සමස්ථ ජනතාවගේම රජයක් වන නිසාය.  

තවදුරටත්

ඉන්දියාව අමනාප වෙයි කියන මිත්යාව නිසා රජය පලාත් සභා අහෝසි නොකරන බවට මතයක් රටේ පවතී.හේතුව එයනම් ඉන්දියාව ලන්කාව සමග මනාපයෙන් සිටියේ කවදාදැයි මම අසමි. ධර්මාශෝක සම්යේ  බුද්ධාගම ලැබීම, එතුමාගේ පුතා සහ දියනිය ධර්ම දූතයින් වසයෙන් මෙහි එවීම ජය සිරිමහා බෝධිය වැඩමවීම් සහ දන්තධාතූන් වහන්සේ ආරක්ෂාව  සදහා මෙහි එවීම යන ත්‍රිවිධ සිද්ධීන් හැර ඉන්දියාවෙන් ඉතිහාසය පුරාම අපට ලබුණු දායාදය කුමක්දැයි මම අසමි. සිදුවූ යහපත කුමක්දැයි මම අසමි.

ප්‍රාග් අයිතිහාසික  රාම රවණා යුගයේ සිටම භාරතය ලන්කාවට කලේ ද්‍රෝහිකම්ම නොවේද? එදා සිටම මේ රම්ය දිවයින අල්ලාගැනීමට වෙර දැරුවද මේ දක්වාම එම සිහිනය ඉටුකොට ගැනීමට ඔවුන්ට නොහැකිවී ඇත.ක්‍රිස්තු ව 543 දී උතුරු භාරතයෙන් විජය නම්වූ ආක්‍රමනය සිදුවුවද ඔහුගේ පිරිස හෙලයන් සමග අන්තර්ග්‍රහනය වූවා මිස ඔවුන්ට මේ රට ඉන්දියාවේ කොටසක් කරගැනීමට නොහැකි විය පසුකාලීනව දකුණු භාරතයෙන් සිදුවූ කිසිදු චෝල, පාණ්ඩි ආක්‍රමණයන්ටද මේ සින්හල දේශය කිසිදිනක මුලුමනින්ම අල්ලා ගැනීමට නොහැකිවිය. ඉතිහාසය පුරාම ආක්‍රමනිකයින් වශයෙන් හා විවිධ ආකාරයේ සන්ක්‍රමනිකයින් වශයෙන් පැමිණ මෙ රටතුල නතර වූවන් සින්හලයින් සමග අන්තර්ග්‍රහනය වී සින්හලයින් වූවා මිස මේ රට තුල වෙනත් ජාතියක් වසයෙන් පෙනී සිටීමට උත්සාහ නොකාරණ ලදී.

මේ රටතුල වෙනම ජාතියක් වශයෙන් පෙනී සිටීමට සහ මෙහි ඔවුන්ට නිජ බිමක් තිබේයයි කීමට පෙළඹුණේ 1505 පසු බටහිර අධිආජ්ය වාදීන් ඔවුන්ගේ වහල් මෙහෙයට දකුනු භාරතයෙන් මෙහි ගෙන ආවුන්ගෙන් පසුවය. ඔවුන්ද එසේ කිරීමට පෙළඹවූයේ මේ සින්හල බෞද්ධ රාජ්ය සහ සින්හල ජාතිය විනාශ කිරීම සදහා උගුල් ඇටවූ සුද්දන් විසින්මය.

ඈත ඉතිහාස කතාව එසේ වන අතර මෑත ඉතිහාසයේ පලමුවෙනම සමස්ත සින්හල දේසයම (EELAM සින්හලයින්ගේ රට) යන නමින් දෙමල රාජ්යක් බවට පත්කරගැනීම සදහා කොටින් ලවා සටන් කෙරෙව්වෙද මෙම දකුනු ඉන්දිය දෙමලුන්ගෙන් පැවැත එන දේශපාලකයින් වූ මලබා ඉන්දීයානු වැසියන්මය. රට මැද වතුකරයේ සිටින දෙමල ජනයාගේ අභිලාෂයද එයයි.වර්තමාන ඉන්දීය රජයේ බලපොරුත්තුවද එයමය. මොවුන් කිසිවෙක් මේරට සින්හල බෞද්ධයින්ගේ රට වසයෙන් පිලිගනේද නැත. ඉන්දීය දේශපාලකයින්ද සිට්න්නේ එම ස්තවරයේමය.වෙනෙකක් තබා අපි නිදහස් ස්වාධීට රටක් බව හෝ ඉන්දියාව  පිලිනොගනී. ඔවුගේ කල්පනාව ලන්කාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ ප්‍රාන්තයක් වසයෙන් සිටිය යුතු බවය. විශේෂයෙන්ම 1987 තෙන් පසු රජිව් ගාන්ධි ලන්කා අහස් කලාපය ආක්‍රමණය කොට,ගුවනින්  පරිප්පු දමා, දික්සිත් ලවා ජේ ආර්  භයගන්වා  රජීව්/ජේ  ආර් ගිවිසුමෙන් සිදුකලෙත් එම බල පරාක්‍රමය ප්‍රදර්ශනය කිරීමය. එම අක්‍රමනිකයින් අප රට් සෑම දෙයට්ම ඇගිලි ගහන, දැන්ටමත් කොලඹ හම්බන්තොට, මහනුවර සහ යාපනයේ පිහිටුවා තිබෙන ඔවුන්ගේ තානාපති උප කාර්යාල වලින් දිවා රෑ සිදුකරණුයේ ඔවුන්ගේ බලය ලක් පොලවේ තහවුරු කර ගැනීම, ඔත්තු බැලීම සහ අපගේ බෙල්ල හිර කිරීම නොවේද. වර්ග සැ 25,000 වන මේ කුඩා රටේ තානාපති කාර්යාල හතරක් අනවශ්ය බව හෝ පෙන්වා දීමට තරම්වත් පිටකොන්දක් අපේ කිසිම රජයකට නැත. මෙවැනි පසුබිමක් තුල මෙම ලිපියේ ඉහතින් පෙන්වාදී ඇති පරිදි අපගේ මවුබිමේ ස්වාධීනත්වය, නිදහස, ඒකීය භාවය, බහුමික අකන්දතාව සහ පර්මාධිපත්තිය  තුට්ටුවකට නොසලකන ඉරහද පෑයූදා සිටම අපට හතුරුකම් කල එසේම දැනටත් පරම සතුරකම් කරණ, දියරෙද්දෙන් අපේ බෙල්ල කපන    ද්වේශයෙන් ක්‍රියාකරණ රටක් සමග ඇති සුහදකම කුමක්දැයි මටනම් නොතේරේ.මේ අනුව ඉතිහාශයේ කිසිම  දවසක අප සමග නොසිටි ඉන්දියාව  රජිව්/ ජේ ආර් ගිවිසුම අනුව් අප ක්‍රියා කිරීමට එකන්ග උනා කියා අප රටට හිතවත්ව ක්‍රියා කරයි කියා තිබෙන සහතිකය කුමක්ද.අනෙක එම ගිවිසුමෙන් සහ 13 වන සන්සෝධනය යටතේ දැනටමත් සිදුව ඇති විනාසය සහ එය තව දුරටත් පවත්වාගෙන ගියහොත් මේ රටට.සින්හල ජාතියට හා  සම්බුද්ධ සාශනයට සිදුවන මහා විනාශය අපේ මේ දේසපාලක්යින්ට නොපෙනෙන්නේ මොන කරුමයක් නිසාද.ජනාධිපති තුමනි  අගමැතිතුමනි  ඔබට වඩා වැදගත් බලයේ රැදී සිටීම සදහා තවදුරටත් පලාත් සභා ක්‍රමය පවත්වාගෙන ගොස් අප දෙරට ඇතිවූදා සිටම නොපැවැති එසේම කිසිදිනක නොලැබෙන ඉන්දියාවෙ හොද හිත නැමැති මිරිගුව පසුපස දිවීමද එසේ නැතිව  ජේ.ආර්.රජිව් ගිවිසුම ඉරා දමා පලාත් සභා අහෝසිකොට මේ සින්හල දේශය,සින්හල ජාතිය සහ සම්බුද්ධ සාසනය රැක ගැනිමද යන ප්‍රස්නය අපි ඔබ දෙදෙනාගෙන්ම විවුර්ථව අසා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress