ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්
Posted on March 3rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා අද 2021.03.03 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා සිය නිල සංචාරය අතරතුර මෙලෙස අග්‍රාමාත්‍යතුමා බැහැ දුටුවේය.

එහිදී ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය පළ කරන බව එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවයක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබේ.

ඉන්දියානු ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයක් ලබා දෙයි.

ආරක්ෂක අංශයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව කියා සිටියේය.

2 Responses to “ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්”

  1. Ancient Sinhalaya Says:

    Indians can’t be trusted at all. They created barrel man hitler mala paharan’s Catholic tigers of Tamil drealam which cost 100,000+, mainly Sinhalese lives. Now Tamil diasporats, a byproduct of Indian-made terror wants to dismember Mother Lanka through greedy deshapaluwas in us, uk, Germany etc etc who are licking thei diasporats’ backsides for their votes.

    India has Tamils welfare at heart to secure ten support to get to the lokh sabha. Simply put they want decimate the Sinhalese and eventually annexe Sri Lanka to them to keep the their arch enemy, the Chinese, away for good from the Indian Ocean. Chinese presence in Sri Lanka will put a stop to Indian bully meddling with Sri Lanka’s internal affairs for good and guarantee the long term security and survival of the Sinhalese and Sri Lanka in one piece. Chinese are the best antibiotic for the Indian bully boy rash. What’s wrong with the Sinhalese? One side Tamil terror, one side fastest breeding religion aka religion of violence terror, one side religion of convenience who hates Sinhalese Buddhists. Mariana thunak athi

  2. Ancient Sinhalaya Says:

    Minihek pani Kaaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress