අලි සබ්රි ඇමති මාවත-2
Posted on March 5th, 2021

විමල් පටබැඳිගේ
(ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

දෙමළ කථා කරන ජනයා දිනා ගැනීම
දෙමළ භාෂාව කථා කරන ජනයා දිනා ගැනීම, ‘සංහිඳියාව’ සඳහා අධිකරණ ඇමතිට ඇති උනන්දුව අගය කළ යුතු ය. එයට හරස් වී ඇති බාධාව ඉවත් කිරීමට ඔහුගේ පිළියම අපූරු ය. ‘දෙමළ භාෂා විශේෂ සුදුසුකම’ සහිත නීතිඥයන්ගෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ‘නීතිඥ සිඅයිපිලා’ බඳවා ගැනීමෙන් හෝ මහේස්ත‍්‍රාත් අධිකරණ ‘නීතිඥ සේවාව’ ආරම්භ කිරීමෙන් බාධාව ඉවත් කළ හැකි ය’යි සීතීම ‘කෑපත රෝගෙට ඇලවුනාම’ දකින දවල් සිහිනයකි. සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ නීතිඥයන් 150 දෙනා පීසිලා ලෙස බඳවා ගැනීම ය. නීති ක්‍ෂේත‍්‍රයේ ‘පීසි’ ලෙස වරදවා ගත යුතු නැත. පොලිස් කොස්තාපල් නිලධාරීන් ලෙස ය. සිංහල, දෙමළ වෙනසක් නැතිව මහජනතාව පළමුවෙන් හමුවෙන්නේ පොලිස් සේවාවේ පීසි, එස්අයි, අයිපි නිලධාරියෙකි. ඒ නිසා ඇමති ඔවුන්ට ඉහළින් පත් කරන ‘නීතිඥ සිඅයිපිලා’ට දිනා ගැනීමට කෙනෙක් නැත. කැමැති නම් ‘තමන්ගේ ගිණුමට’ දමා ගැනීම සිරිත ය. කෙසේ වෙතත් බාධාව කුමක් දැ’යි අධිකරණ ඇමතිට සිහිනෙන්වත් පෙනී නැති බව නම් පැහැදිලි ය.

‘සංහිඳියාව’ වසර දහයකට වැඩි කාලයක් තිස්සේ මානව හිමිකම් කොමිෂම ශී‍්‍ර ලංකාවට අණකොට බල කරන නිමක් දැකිය නොහැකි, කළ නොහැකි තනි අතින් අත්පුඩි ගැසීමේ ‘තර`ගය’කි. ඒ සඳහා අධිකරණ ඇමති දක්වන දෙවෙනි අරමුණ වූ ‘දෙමළ භාෂාව කථා කරන ජනයා දිනා ගැනීම’ බයිලා ගැයීම ලෝකය ම එක් වී ගිල්ලවා ඇති දාර කඹය කි. ඒ ජන කොටස පමණක් දිනා ගැනීමෙන් එය ඉටු වේ ද? ‘සංහිඳියාව’ සඳහා සිංහල ජනතාව දිනා ගැනීමට අවශ්‍ය නැද් ද?

‘සිරිපතුල් ගල්’ මිරිස් ගල් ලෙස, බුදු පිළිම ශීර්ෂ ‘පුලලෙයාර්’ ලෙස, පුරාණ ‘කොරවක් ගල්’ ශිව ලිංග ලෙස තබාගෙන, පුරාණ බුදු පිළිම පුලූස්සා අඵ කරමින්, බිඳ වැටුණු පුරාණ බුදු මැදුරු විහාර මත ‘එඵ කොටු’, ‘ගවගාල්’ දමමින්, පුරාණ වෙහෙර විහාර බිඳ ඒ මත පල්ලි, කෝවිල් ඉදි කරමින්, ඒ ස්ථානවල තිබූ බෝගස් කපා පුඵස්සා මුලිනුපුටා දමමින්, පෙර රජුන් සග සතු කොට පූජා කළ නිශ්චල දේපල කොල්ලකමින්, සෙල්ලිපි සහිත පුරාණ භික්‍ෂු ආරාම වූ ගල්ලෙන් බෝර දමා පුපුරුවා හරිමින්, සෙල්ලිපි පුවරු සිමෙන්ති බදාම ඇනීමට යොදා ගනිමින්, පුරාණ බෞද්ධ සිද්ධස්ථානවල ඇති සෙල්ලිපි රසායන ද්‍රව්‍ය (ඇසිඞ්* දමා විනාශ කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය ඩෝෂර් කරමින්, සිංහල නිවසක වහල සෙවිලි කරගැනීමට හරස් වෙමින්, සිංහල බෞද්ධයන්ට අනේක විධ තහංචි, ගැරහිලි, අවලාද කරමින්, සංහිඳියාවට කැප වූ භික්‍ෂුවකගේ ආදාහනයට පවා තහංචි දමමින් කරන සංහිඳියාව හරි අපූරු ය. සිංහල ශිෂ්ටාචාරය සහ සිංහල බෞද්ධ සංස්කෘතිය අකාමකා දැමීම, සිංහලයන්ට වෛර කිරීමට පුහුණු කිරීම, පෙළඹවීම සංහිඳියාව සඳහා ඇති ම`ග ලෙස දෙමළ කථා කරන ජනයාගේ නායකයන්, දේශපාලකයන් සිතා ඇති සේ ය.

සිංහල සහ දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි භක්තිකයන් එපා ද?
‘දෙමළ කථා කරන ජනයා’යි කියන කොටසට ඇතුළත් වෙන්නේ හින්දු සහ කතෝලික/කි‍්‍රස්තියානි දෙමළ ජනයා පමණක් නොවේ. ’නුඹලා ගොනාට වඳිනවා. අපි ගොනා මරා මස් කනවා’යි ගාන්ධි තුමාට කී අලි ජින්නාගේ සනුහරේට අයත් ලංකාවේ සිටින අය ද ඇතුළත් ය.

සිංහල සහ දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි භක්තිකයන් සමග සහජීවනයකින් තොරව ගොඩනගන ‘සංහිඳියාව’ කුමක් ද? ඔවුන්ගේ ආගමික වශයෙන් ඉතාමත් වැදගත් පාස්කු දින පල්ලිවලට මරාගෙන මැරෙන මිනීමරු බෝම්බ කරුවන් යොදවා බැතිමතුන් සිය ගණනක් ඝාතනය කරමින් තවත් සිය ගණනක් තුවාලකරුවන් සහ ආබාධිතයන් බවට පත් කිරීමට මුස්ලිම් අන්තවාදීන් තෝරාගෙන ඇති සංහිඳියා මග අපූරු ය. පළමුව ආගමික අන්තවාදී උමතුව ‘සමනය’ නොකොට, එසේම තමන්ගේ ආගමිකයන් ‘නිකාය’ අනුව බෙදී එකිනෙකා මරාගැනීම සහ තමන්ගේ පල්ලි කඩු කිණිසි පොලූ මුගුරු ගබඩා ලෙස භාවිත කිරීම නතර නොකොට, මූලිකව ම මුස්ලිම් ලබ්දිකයන් අතර සහජීවනය ඇති නොකොට මුස්්ලිම් නායකයන්, දේශපාලකයන් ‘සංහිඳියාව’ ජප කිරීම රැුවටිල්ලක් නොවේ ද?

සිංහල සහ දෙමළ නායකයන්, දේශපාලකයන් සහ බෞද්ධ, හින්දු, සිංහල සහ දෙමළ කතෝලික/ කි‍්‍රස්තියානි සහ මුස්ලිම් නායකයෝ, දේශපාලකයෝ විරසකයක් නැතිව 100%ත් වඩා උපරිමයෙන් ‘සංහිඳියාව’ භුක්ති විඳිති. ඔවුහු බෙදා ගනිති. එකට හිඳ කති, බොති, නටති, ගයති. අබමල් රේණුවක තරමින් හෝ ඔවුන් අතර සංහිඳියාව පලූදු වී නැත. කොඩි දමා මහල් තලවල වැජඹීම සඳහා ඔවුන්ට දෙමළ කථා කරන සාමාන්‍ය ජනයා පමණක් නොව සිංහල සාමාන්‍ය ජනයා ද දිනා ගැනීම නැතිව බැරිය. සියල්ල ලබා දෙන දේව¥ත චරිතයෙන් සිරික්කිය දාගෙන, උරහිසේ ඇඳිලි බැඳ ‘ආයුබෝවන්’, ‘වනක්කම්’, ‘සලාමලෙයිකුම්’ මතුරමින් වසර පහෙන් පහට ‘කතිර’ කන්ද ල`ගට යාමට නොහැකි ය.

ඊළාම් කොටි සමග සම්බන්ධයක් නැත. කොටි ත‍්‍රස්තවාදී කි‍්‍රයා අනුමත කරන්නේ නැතැ’යි බේගල් දෙසමින්, දෙමළ කථා කරන දහස් ගණනක් මරා දැමූ, කණිටු පාසල් වලින් අහිංසක කුඩා දරුවන් දහස් ගණනක් පැහැරගෙන ගොස් සයනයිඞ් බෙල්ලේ එල්ලා තුවක්කු දී වෙඩි උණ්ඩවලට බිලිදුන්, ඊළාම් දෙමළ මහ කොටින්ට මල්මාලා දමා පහන් දල්වමින්, කොටින් වෙනුවෙන් පෙනී සිටිමින් සාමාන්‍ය දෙමළ ජනයා දිනා ගැනීමට දෙමළ ජනයාගේ ගැලවුම්කාර වෙස් මුහුණු බැඳ ගෙන සිටින වෙල්ලාල දෙමළ දේශපාලකයන් සහ තමන්ගේ මවුබස ම කථා කරන සහ ආගමික ජන කොටසක් සමූල ඝාතනය කරන මුස්ලිම් අන්තවාදී උම්මත්තකයන් සමග එකගෙයි කන මුස්ලිම් දේශපාලකයන් දෙමළ කථා කරන ජනයා දිනා ගැනීමේ පෙරමුණේරාළලා වී ඇත. ‘දෙමළ කථා කරන ජනයා දිනා ගැනීමේ’ දේශපාලන විගඩම් නාඩගමේ වෙස් මුහුණු බැඳගත් ඔ`ඵබක්කෝ ය.

දිනාගත යුත්තේ ඇයි?
‘දෙමළ කථා කරන ජනයා’ දිනාගත යුත්තේ ඇයි? ඔවුන් රටේ සතුරන් ද? සිංහලයන්ගේ සතුරන් ද? කවුරුන් විසින් ද? සිංහලයන් විසින් ද?

කිසිවක් නිසි ලෙස නොසොයා, නොබලා දේශපාලන සහ ආගමික ත‍්‍රස්තවාදී, අන්තවාදී උන්මත්තක මනස් සහිත සමහර දෙමළ, මුස්ලිම් නායකයන් සහ දේශපාලකයන් ‘දෙමළ කථා කරන ජනයා දිනා ගැනීම’ දේව යාදින්නක් මෙන් තොරතෝන්චියක් නැතිව මතුරමින් ඇත. ඔවුන් සමග එකගෙයි කන ඔවුන්ට ‘ආවඩා, ආයුබෝ’ෟ කියන සමහර සිංහල දේශපාලකයන් ද ඇත.

දෙමළ කථා කරන සාමාන්‍ය ජනයා ශී‍්‍ර ලංකා සමාජ සතුරන් නම් සිංහල බෞද්ධ, සිංහල සහ දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි, හින්දු සහ මුස්ලිම් අය එකට කෑම බීම ගන්නේ කෙසේ ද? ලෙඩක, දුකක, මරණයක, මගුලක දී දුක සතුට බෙදාගෙන එක ගමක එක නගරයක ජීවත් වෙන්නේ කෙසේ ද? එක ම පාසලේ එක ම පන්තියේ සමානව එකට වාඩි වී ඉගෙනුම ලබන්නේ කෙසේ ද? පාඩම් හුවමාරු කරගන්නේ කෙසේ ද? දෙමළ කථා කරන සාමාන්‍ය ජනයාගේ දරුවන්ට තමන්ගේ මවු භාෂාවෙන් සරසවි අධ්‍යාපනය පවා ලබා ගැනීමට මග සැලසුවේ සිංහලයන් බව අමතක කළ යුතු නැත. සිංහලයන් සහ දෙමළ කථා කරන සාමාන්‍ය ජනයා මිතුරන් මිස ඔවුනොවුන්ගේ සතුරන් නොවේ.

දෙමළ ජනයා රටේ සතුරන් නම්
‘දෙමළ කථා කරන ජනයා’ රටේ සතුරන් නම් දිනාගැනීම අනිවාර්ය ය. සිංහලයන් තනිව නොවේ. සිංහල, දෙමළ, මුස්ලිම් දේශපේ‍්‍රමීන් හැම එක් රැුසක් වෙමිනි. බාධා කරන, ‘දිය යටින් ගිනි ගෙනයන’ යම් නායකයෙකු, දේශපාලකයෙකු වේ නම් ඔහු ජාතිවාදියෙකි. දේශද්‍රෝහියෙකි. ත‍්‍රස්තවාදියෙකි. අන්තවාදියෙකි. ත‍්‍රස්තවාදී, අන්තවාදී උන්මත්තකයන් නම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී කිසි වෙනසක් නැතිව මර්ධනය කිරීම සහ රටෙන් සමාජයෙන් අතුගා දැමීම රජයේ ප‍්‍රමුඛ වගකීමකි. අලි සබ්රි අධිකරණ ඇමති කළ යුත්තේ තමන් දිවුරුම් දී ශපථ කළ ‘එක ම රටක් එක ම නීතියක්’ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පදනම සකස් කිරීමේ වගකීම අවංකව ඉටු කිරීම මිස ‘දෙමළ කථා කරන ජනයා දිනා ගැනීමේ’ බොල් බයිලා ගැයීම නොවේ. ඔහු ‘රැුහේ එකෙක්’ මනසින් යුතු නම් ‘දිය යටින් ගිනි ගෙනයන’ රැුලට වැටේ.

වෙනම ‘දෙමළ පාසල්’ සහ ‘මුස්ලිම් පාසල්’ ආරම්භ කොට, මෑතක සිට ‘මද්‍රාසා’ පාසල් සහ ‘ෂරියා සරසවි’ අරඹා, පාසල් සමයේ සිට ගොඩ නැගෙමින් තිබූ සිංහල දෙමළ මුස්ලිම් සහෝදරත්වය විනාශ කිරීමේ වගවීමෙන් මිදීමට දෙමළ සහ මුස්ලිම් ලොක්කන්ට, දේශපාලකයන්ට හැකි නොවේ. සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජනතාවගෙන් දහස් වරක් සමාව යැදීමෙන් පවා ඒ පාපයෙන් මිදීමට ඔවුන්ට නොහැකි ය. (වාර්ගික පාසල් ක‍්‍රමය, අධ්‍යාපන ආයතන අහෝසි කළ යුතුය.*

දෙමළ සාමාන්‍ය ජනයාගේ සතුරෝ
ඇත්තට ම දෙමළ කථා කරන සාමාන්‍ය ජනයාගේ සතුරන් කවු ද? වෙන කවුරුන් හෝ නොවේ. දෙමළ වහල් හිමියන් වූ වෙල්ලාල කුලයේ අයයි. දෙමළ කථා කරන ජනයාගේ ම ලොක්කන් ය. දේශපාලකයන් ය. එකට කෑම බීම ගැනීම තබා දෙමළ සාමාන්‍ය ජනයාට පිපාසයට බීමට තමන්ගේ ලිඳකින් වතුර පොදක්වත් නොදෙන වෙල්ලාල ශුද්‍රයන් ය. (තමිල්නාඩුවේ ද මේ තත්වය එසේම ය.* තමන් යන කෝවිලකට දෙවියන්ගේ පිහිට යැදීමට දෙමළ සාමාන්‍ය ජනයාට ඇතුඵ වීමට පවා ඉඩ නොදෙන වෙල්ලාලයන් ඔවුන්ගේ සතුරන් ය. ඕනෑම බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුල් වී දැක බලා ගැනීමට, අභිමතය පරිදි වැඳ පුදාගැනීමට උසස් පහත් කිසි ම භේදයක් නැතිව දෙමළ ජනයාට ඇති නිදහස වෙල්ලාලයන්ගේ කෝවිලක නැත. කුලහීන, හීනජන්මී දෙමළ කාන්තාවන්ට ඡුන්ද බලය හිමිවීම වැළැක්වීමට කාන්තාවන්ට ඡුන්ද බලය නොදෙන ලෙස බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා සිටියේ ජී.ජී. පොන්නම්බලම් ඇතුඵ දෙමළ වෙල්ලාලයන් මිස සිංහලයන් නොවේ.

ඊළාම් කොටි සමග සම්බන්ධයක් නැත. කොටි ත‍්‍රස්තයන් කළ දේ අනුමත කරන්නේ නැතැ’යි ශපථ කරමින් ඊළාම් සඳහා සටනින් මියගිය 25,000 ක පමණ කොටින්ගේ ‘මහාවීර’ පවුල්වල පිරිස තම සුඛවිහරණය සහ පැවැත්ම සඳහා තමන් වෙත රඳවා ගැනීමට, ‘ආමේන්’, ‘ ඕම් ශිවාය නමඃ’, ‘ ඕම් ගණේෂාය නමඃ’ සගවාගෙන, ‘ ඕම් පිරිබාහරන් නමඃ’ මතුරමින් වෙල්ලාල දේශපාලකයෝ දෙමළ ජනයාගේ ගැලවුම්කාරයන් බව හගවමින් කොඩි ලෙලවමින් පියාඹති. වැඩි දෙනා සිංහල ලොක්කන් සම`ග වැජඹෙති. සාමාන්‍ය දෙමළ ජනයා ඉදිරියේ බණින ඒවා ගණන්ගන්න එපා ය’යි කියති.

තමන්ට කරන මරණ තර්ජන පවා නොතකා සාමාන්‍ය දෙමළ ජනයා, දෙමළ දේශපාලන පක්‍ෂ සංධානය ටීඑන්එ, ‘ෙටෙගර් නොමිනේටඞ් ඒජන්ට්ස්’ යනුවෙන් ප‍්‍රසිද්ධියේ හඳුන්වමින් වෙල්ලාල නායකයන් සහ දෙශපාලන පක්‍ෂ කෙරෙහි පිළිකුල ප‍්‍රකාශ කරමින් ප‍්‍රතික්‍ෂේප කරති. පෙළපාලි යති.

‘රටේ සැමට එක ම නීතියක්’ තීන්දුවට වසර 140 කි.
වහල් සේවාව තහනම් කිරීම නිසා කුලහීන, හීනජන්මී දෙමළ සාමාන්‍ය ජනයා තවදුරටත් වෙල්ලාල වහල් හිමියන්ගේ වහලූන් නොවී ය. 1844 වසරේ සිට නිදහස ලැබූ මිනිස්සු ය. එහෙත් වෙල්ලාලයන් තවමත් ඔවුන් තමන්ගේ වහලූන් ලෙස සලකා ඔවුන්ට කරන කෲරකම් නවතා නැත. මළබෙර ගසමින් තම බිරිඳගේ මළ සිරුර මිහිදන් කිරීමට ගෙනයන විට ’කුලහීනයන්’ තලා පෙලූ වෙල්ලාල මැරයන් දඬුවමින් මුදා ගැනීමට, නිදහස වෙනුවෙන් පෙනී සිටි පෙරමුණේරාළ කෙනෙකු ලෙස සලකනු ලබන සර් පොන්නම්බලම් රාමනාදන් වෙල්ලාලයන්ගේ ‘පරම මහෝත්තම අයිතිය’ තහවුරු කිරීමට 1882 අභියාචනයේ දී තේසවලමෙයි නීතියෙන් ඉදිරිපත් කළ සියලූ නීති තර්ක ප‍්‍රතික්‍ෂේප කරමින් බර්න්සයිඞ් අග විනිසුරු රටේ සැමට අදාල වෙන්නේ එක ම නීතියක් බව තහවුරු කළ බව වසන් කළ යුතු නැත. වසර 140 ට පෙර අධිකරණය ප‍්‍රතික්‍ෂේප කරන ලද තේසවලමෙයි නීතිය තව දුරටත් නීති ක‍්‍රමය තුළ තබා ගැනීම දෙමළ සාමාන්‍ය ජනයාට කරන අකට යුත්තකි. ඔවුන්ගේ ව්‍යවස්ථාපිත හිමිකම් උල්ලංගණය කිරීමකි. (ඒ වෙල්ලාලයන්ගේ කපාපු පලූ වසර 140ට පසුවත් යාපනේ ජෝගි නටයි.*

එංගලන්තයේ කිරීට නීතිය යටතේ 1925 දී සහ සෝල්ස්බරි ‘පාලන අත්පොත’ (ව්‍යවස්ථාව* යටතේ 1960 දී ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී ලෙස තීන්දු කරන ලද මුස්ලිම් විවාහ සහ දේපල නීතිය කාති උසාවි ක‍්‍රමය, මුස්ලිම් ජනතා විරෝධතා ඇතත්, 3% ක පමණ සුඵ කොටසකගේ වාසියට පැලැස්තර අලවමින් පවත්වා ගැනීමට මුස්ලිම් නායකයන් දේශපාලන බලයෙන් දඟ දමමින් ඇත. දමනක හා කරටක සිගාල චරිත
සිංහල සහ දෙමළ කථා කරන සාමාන්‍ය ජනයා අතර හොඳ මිත‍්‍රත්වයක් සහෝදරත්වයක් කලෙකට පෙර පැවතුන බව අමතක කළ යුතු නැත. ඒ සහෝදරත්වය නොරිස්සූ, දමනක හා කරටක සිගාල චරිත සහිත යාපනේ වෙල්ලාලයන් සහ ඔවුන් වැනි සිංහල සහ මුස්ලිම් ලබ්දික ‘ලොක්කන්’ පිරිසක් රටවැසියන්ගේ සිත් ¥ෂ්‍ය කරමින් බඩ වඩාගත් බව ද රහසක් නොවේ. ඒ සිගාල චරිත අදත් සිටිති. මේ ‘ලොක්කන්’ සූඛර ගති පිරි ජාතික සහ ජාත්‍යන්තර එන්ජීඔ නඩ සමග එකතුව බිඳ දැමූ ඒ සහෝදරත්වය ඊලාම් කොටින්ට බිලි විය. මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයන්ගේ ගොදුරු විය. ‘අවසාන සිංහලයා හමගසා ඒ හමෙන් සෙරෙප්පු මසා පය ලා ගන්නා තෙක් නින්ද යන්නේ නැතැ’යි මහා උද්දාමයෙන් සිංහල වෛරය පෝෂණය කරමින් කොළඹ ජීවත් වූ අමිර්තලිංගම් නෝනාගේ ස්වාමියා වූ දෙමළ විමුක්ති නායකයා, ඔහුට ‘අපේ කොල්ලන්’ වූ ඊලාම් කොටින්ගෙන් ත‍්‍රස්ත වෙඩි සම්මාන ලැබීම දෛවයේ සරදමක් වැනි ය.

‘මියෙම්වායි, රැුකෙම්වායි’ ඊලාම් කොටින්ගේ වෙඩි උණ්ඩ කාගෙන, දෙමළ කොටි සහ දෙමළ නායකයන් අතහැර, තමන්ගේ වධකයන් ලෙස දසක ගණනාවක් පුරා තමන්ට හඳුන්වා දෙමින් තිබුණු සිංහලයන් ළගට ආරක්‍ෂාව, රැුකවරණය පතා ලක්‍ෂ තුනක් පමණ දෙමළ කථා කරන සාමාන්‍ය ජනතාව පැමිණියේ ඔවුන්ගේ හදවත් තුළ රැුඳී තිබූ ඒ සහෝදරත්වය යළි මතු වීමෙනි. ඔවුන්ට මුවා වී පැමිණි, නන්දිකඩාල් කලපුවෙන් ඉච්ඡුා භංගත්වයට පත් කොටි ත‍්‍රස්තයන් දහස් ගණනකගෙන් විශාල පිරිසක් තුළ ද ඒ සහෝදරත්වය ලියලමින් ඇත. ‘බැටඵ හම් පොරවා ගත් වෘකයන්’ සිහිපත් කරවමින් කොටි හම වසා ‘සුදු පිරුවට’ පොරවාගත් දෙමළ ජනතාවගේ ‘එකම නායක’ තහඩුව ගසාගත් දෙමළ වෙල්ලාල සහ මුස්ලිම් නායකයෝ, දේශපාලකයෝ තවමත් සිංහල විරෝධී වෛරය පතුරුවති. පුහුණු කරවති. උතුර සහ නැගෙනහිර පළාත්වල ශේෂව ඇති දහස් ගණනක් පුරාවස්තු සහ ස්ථාන වනසමින් පුරාණ සිංහල බෞද්ධ සංස්කෘතික සංහාරයක යෙදී සිටිති. මුහුදින් එතෙරට ‘කොළපත’ අල්ලාගෙන තමන්ගේ ‘ඔලගු’ පුරවා ගනිති.

වෙල්ලාල වහල් හිමියන් විසින් පාගා ගෙන සිටි සහ වසර තිහක් ඊළාම් කොටි ත‍්‍රස්තයන් මැර බලයෙන්, උණ්ඩයෙන් මර්ධණය කරගෙන සිටි දෙමළ කථා කරන සාමාන්‍ය ජනයාගේ සැබෑ අවංක හඬ යළිත් වැළලීම සඳහා ‘ෙටෙගර් නොමිනේටඞ් ඒජන්ට්ස්’ වෙල්ලාල දේශපාලකයෝ වෙර දරති.

භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණ
රාජ්‍ය සේවාවේ කවර ශ්‍රේණියකට බැඳුන ද සිංහල සේවකයන් දෙමළ භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණය සහ දෙමළ සේවකයන් සිංහල භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණය සමත් වීම අනිවාර්ය රීතියක් විය. එය වැටුප් වර්ධක සහ සේවා උසස්වීම් සඳහා ද සලකා බලනු ලැබීය. සිංහල සහ දෙමළ රතු, වාමාංශික දෙශපාලකයන් ‘ජාත්‍යන්තරවාදයෙන්’ මුසපත්ව, රුවන්වැළිසෑය වැනි පූජනීය ස්ථාන ගොඩනැගූ ගැමුණු රජු වැනි සිංහල රජුන් ‘ගඩොල් මෝඩයන්’ ලෙස දුටු නිසා දෝ රාජ්‍ය භාෂා පනතට සමගාමීව ක‍්‍රියාවට නැගූ මේ පිළිවෙතෙහි අගය නොදුටු අතර බොහෝ සිංහල දේශපාලකයෝ ‘සිංහල රාජ්‍ය සේවකයන් දෙමළ ඉගැනීමේ’ අගය ගැන අඳ ගො`ඵ බිහිරි වූහ.

ස්වභාෂා සහ නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූ වෙල්ලාල දේ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්ශපාලකයෝ දෙමළ කථා කරන සාමාන්‍ය ජනතාව තුළ සිංහල විරෝධී වෛරය කාවැද්දීමට සහ ඔවුන්ගේ ගැලවුම්කාරයන් වී ඔවුන් තමන්ගේ වහලූන්් මෙන් මෙහෙයවීමට මෙය හොඳ තුරුම්පුවක් කරගත්හ. බලහත්කාරයෙන් ‘සිංහල භාෂාව උගන්වමින් දෙමළ ජනතාව මර්ධනය කරනවෝ’යි තමන්ගේ ‘තැන’ රැුක ගැනීමට මොර දෙමින් ඔවුහු දෙමළ ඡුන්දවලින් තමන්ගේ ‘ඔලගු’ පුරවා ගත්හ. සිංහල වෛරය ගජරාමෙට වැපිරූහ. බටහිරයන්ගෙන් අපමණ ‘අනුග‍්‍රහ’ ලැබූහ. දෙමළ නායකයන්ගේ ලණුවේ අනෙක් කෙළවරේ එල්ලූණු සමහර කපටි ‘අපි සිංහල’ නායකයෝ මතුපිටින් ‘සිංහල පමණක්’ වූහ.

‘ක‍්‍රවුන් සිටිසන්ස්’ මානසික වහල්ලූ
සිංහල සහ දෙමළ භාෂා, ගොඬේ බයියන්ගේ සහ හීනජන්මීන්ගේ භාෂා ලෙස, ‘කුස්සියේ භාෂා’ ලෙස සැලකූ ඔවුන්ට සහ ඔටුනු පැළඳි සිංහල සහ දෙමළ නිලධාරී පැළැන්තියට සිංහලයක් හෝ දෙමළයක් උවමනා වූයේ නැත. ඔවුන්ට උවමනා වූයේ ‘රැුජිනගේ කඩුව’ පළඳනාවක් කරගැනීම ය. ‘ක‍්‍රවුන් සිටිසන්ස්’ මානසික වහලූන් වී සිංහලයන් ඉදිරියේ ‘පිජන් සිංහල’ කථා කළහ. වලානේ සිද්ධාර්ථ, හික්කඩුවේ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ටිබෙට් එස් මහින්ද, අනගාරික ධර්මපාල, හෙන්රි පේදිරිස්, වලිසිංහ හරිශ්චන්ද්‍ර ආදි පැවිදි ගිහි උතුමන් අගුපිලට දමා ‘නිදහසේ පිය පදවිය’ ලියා ගත්හ.

1945 වෙන විට බි‍්‍රතාන්‍යයට රැුකගැනීමට හැකිව තිබූ පෙරදිග යටත් විජිත දෙක තුනෙන් එකක් වූ අපේ රට බි‍්‍රතාන්‍ය ‘ඇබිත්තයන්’ ටිකකට 1948 ‘පාලන අත්පොත’ සමග භාරදී සෝල්ස්බරි සාමි රටේ කිරීට නියෝජිතයා විය. ජාත්‍යන්තර තලයේ රටට ලැබුණු ‘බි‍්‍රතාන්‍ය ඇබිත්තයා’ පට්ටම අවුරුදු හතක් ගතවෙන තෙක් ගැලවුනේ නැත. අපේ රටේ මෙතෙක් ලැබී නැති හෝ ලබාගෙන නැති ‘නිදහසේ උප්පැන්න සහතිකය’ තමන්ගේ නම්වලට ලියාගත්, විසිවෙනි සියවසේ නිදහස් ව්‍යාපාරයක නොසිටි (ඔවුන් කළ නිදහස් ව්‍යාපාරයක් තිබුණේ නැත.*, අපි නිදහස දිනාගත්තෙමු’යි කී සිංහල, දෙමළ නායකයෝ, දේශපාලකයෝ ‘පිජන් සිංහල’ සහ ‘පිජන් දෙමළ’ කථා කළහ. පාර්ලිමේන්තු යාමට කතිර ලබා ගැනීමට මාතෘ භූමියට නොව ‘මුත‍්‍රා භූමියට’ ආදරය කරන බව කී දේශපාලකයන් ද සිටි බව නො රහසකි.

උප්පැන්නය අනුව ‘නිදහස’ 74 වෙනි වසර ලබා ඇති මහල්ලෙකු බවට පත් ව ඇතත් තවමත් ‘පිජන් සිංහල’ සහ ‘පිජන් දෙමළ’ කථා කිරීම නතර වී නැත. ‘ප‍්‍රභූ’ පට්ටමෙන් වැජඹෙන්නට තිබූ තමන්ගේ ‘තැන’ රැුක ගැනීමට රාජ්‍ය භාෂා පිළිවෙතට වින කළහ. වත්මන් පරපුරේ බහුතරයක් ‘පිජන් සිංහලයන්’, ‘පිජන් දෙමඵන්’ (මුස්ලිමුන් ද ඇතුඵව* බව රටේ හැම දෙසින් ම දැකිය හැකිය. එයට සකලවිධ මාධ්‍ය සහ බොහෝ ‘උගතුන්’ පාවඩ එළමින් හොරණෑ පිඹින බව දැකිය හැකි ය. සි.ඩබ්.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දිනා දුන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ගෝලයන් දැකීම දුලබ ය. මැකෝලි, සෝල්ස්බරි සහ ජෙනිංග්ස් ගෝල පරපුර අපමණ ය. ‘රැුජින මරණවෝ’ යනුවෙන් මොර දෙති. තමන් පරගැතියන් බව සහ මානසික වහලූන් බව සනාථ කිරීමට ඒ ප‍්‍රකාශය ම ප‍්‍රමාණවත් බව තේරුම් ගැනීමට බැරි තරමට ඔවුන් දුප්පත් වී ඇති බව නොදැනීම අභාග්‍යය කි.

භාෂා යොදා ගෙන සිංහල දෙමළ වෛරය වැපිරුවේ පරපුටු දෙමළ වෙල්ලාල සහ සිංහල නායක, දේශපාලක පාපියෝ ම ය. ඔවුන් සමග එකගෙයි කන පටිසෝතගාමී සිංහල කරණම්කරුවන් ද දැන් දැකිය හැකි ය. අමාත්‍යාංශ ඇතු`ඵ රාජ්‍ය ආයතන සියල්ල තුළ පමණක් නොව පෞද්ගලික අංශයේ ආයතන තුළ ද මේ භාෂා පිළිවෙත විධිමත් ව කි‍්‍රයාත්මක කළ යුතුව ඇත. අධිකරණ ඇමතිගේ ප‍්‍රකාශිත අරමුණු දෙක ම සම්පූර්ණ වෙනු ඇත. ‘දෙමළ භාෂාව කථා කරන ජනයා දිනා ගැනීම’ බොල් බයිලා ගැයීම අවශ්‍ය නොවෙනු ඇත.

පුරවැසියන් 95%ගේ භාවිත භාෂාව සිංහල
රටේ 77%ක පමණ පුරවැසියන්ගේ මවු භාෂාව වෙන සිංහල භාෂාව, පුරවැසියන් 95%කට වඩා වැඩි ජනතාවක් එදිනෙදා කථා කරන, ලියන, කියවන සිංහල භාෂාව අධ්‍යාපන ආයතනවලින් ඉවත් කළේ සංහිඳියාව සඳහා දෙමළ කථා කරන ජනයා දිනා ගැනීමේ අලි සබ්රි ඇමතිගේ අරමුණ ඉටු කරගැනීමට ද? සිංහලය විනාශ කිරීමේ අප‍්‍රකාශිත අරමුණ වෙනුවෙන් ද? ඉංගිරිසින්ගේ ‘බ‍්‍රවුන් හෙඞ් වයිට්ස්’ ව්‍යාපෘතියේ අ`ඵත් කොන්තරාත්කරු වීම නිසා ද? වසර දෙදහස් හයසියයක කාලයක් පුරා භාවිත කරන සිංහල භාෂාව කුමන හෝ අධ්‍යාපන ආයතනයකින් කපා හරී නම් එයට මුල්වෙන, සහාය දක්වන සියල්ලෝ ම ‘සිංහල ඝාතකයෝ’ ය. ‘තමන්ගේ රැුලේ’ අන්තවාදියෝ ය.

දෙමළ විශේෂ සුදුසුකම සහිත ‘නීතිඥ සීඅයිපීලා’ බඳවා ගැනීමෙන්, මහේස්ත‍්‍රාත් අධිකරණවලට පත් කිරීමෙන් සහ නීති විද්‍යාලය ඉංගිරිසියට පමණක් සීමා කොට අධිකරණය සාමාන්‍ය ජනයාගෙන් කොන් කිරීමෙන් අරමුණු ඉටු වෙතැ’යි සිතන අධිකරණ ඇමති කුමකින් හෝ මත් වී ඇති සේය. ඒ යෝජනා ඉවත් කරගෙන ව්‍යාජ අරමුණු ප‍්‍රකාශ කළ සටකපටයෙකු වීමෙන් ඔහුට වැළකිය හැකිය. අප‍්‍රකාශිත අරමුණු, ඉලක්ක වේ නම් බොඳවීම ගැන ඇමති සාධාරණ නම් නොතැවෙනු ඇත.

දේව වරම් ලැබූ අධිකරණ ඇමතිලා
පේ‍්‍රමදාස ජනපති කාලයේ එ.සි.එස්. හමීඞ් අධිකරණ ඇමති වීය. ඔහු ඒ පදවිය ලැබූ පළමු මුස්ලිම් භක්තිකයා ය. හැට දහසක් තරුණ මළ සිරුරු ගංගාවල ගලාගිය, ටයර් මත පිළිස්සුණු පේ‍්‍රමදාස භීෂණ යුගයේ අධිකරණ අමාත්‍යාංශයෙන් කුමක් සිදු වී දැ’යි දැනීමක් නැත. ඔහු ජේ.ආර්. ජනපති සමයේ විදේශ ඇමති ලෙස තමන්ගේ රට ගැන ලොවට දුන් ‘චිත‍්‍රය’ නම් හරි අපූරු ය. දිනපතා පාසල් ළමුන් සහ ලෝක සංචාරකයන් නරඹන, දැනුම ලබා දෙන ලන්ඩනයේ පිහිටි පොදු රාජ්‍ය මණඩල මධ්‍යස්ථානයේ ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන කුටියේ රටේ ප‍්‍රධාන භාෂාව, රාජ්‍ය භාෂාව සහ අක්‍ෂර මාලාව හඳුන්වා දීම සඳහා නිත්‍ය ප‍්‍රද්රශනයට තබා තිබුණේ මුද්‍රිත අමාවතුර හෝ පුරාණ පුස්කොළ පොතක් නොවේ. ‘‘සිංහල භාෂාවෙන් මුද්‍රිත කුරාණය’’ ලේබලය (ඉංගිරිසි* සහිත පොත කි. (21 වෙනි සියවසේ හෝ වෙනස් වී දැ’යි නොදනිමි.* කලක් රටේ උසස් අධ්‍යාපන ඇමති තනතුර ද දැරූ ඔහු සමහරවිට අමාවතුර, සද්ධර්මරත්නාවලිය හෝ සිංහල වෙනත් පොතක් ගැන අසා හෝ දැක නොතිබෙන්නට ඇත.

මහින්ද ජනපතිගේ දෙවෙනි වාරයේ රඋෆ් හකීම් අධිකරණ ඇමති විය. ඒ කාලයේ නීති විද්‍යාලයේ වසර එකසිය පනහක පමණ ඉතිහාසය තුළ ඇතුළත් වීමේ විභාගයක දී පළමුවරට මහා හාස්කමක් සිදු විය. අධිකරණ ඇමති නියෝජනය කරන හත් දෙනෙකු ඇතුඵ දහහතරදෙනෙකුගෙන් සමන්විත නීති අධ්‍යාපන සභාව මගින් පවත්වන ඉතාමත් තරගකාරී විභාගයෙන් වසරකට තෝරාගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් භාගයකට ආසන්නව, එකසිය හතළිහක් පමණ, මුස්ලිම් ලබ්දික සිසුන් ඉතා ඉහළින් නීති විද්‍යාලයට ඇතුළත් වීමට දෙවියන්ගෙන් ආශීර්වාද ලබා තිබුණි. දිවයිනේ අධිකරණවල ‘ඝෝෂක’ (නඩු අඬගසන*, තෝල්ක තනතුරුවලට සහ භාෂා පරිවර්තක තනතුරුවලට බඳවා ගත් සිය ගණනක් පිරිසෙන් වැඩි දෙනෙකු ‘තමන්ගේ’ අය බව රහසක් නොවේ. එපමණක් නොව ගම්බද සිංහල මහා විද්‍යාලවලින් උසස් පෙළ සමත්, තර`ග විභාගයෙන් නීති විද්‍යාලයට ඇතුළත් වෙන සිංහල මාධ්‍ය සිසුන්ගේ ඉගෙනුමට හීනියට ඉංගිරිසි ‘වලක්’ කැපීය. මුස්ලිම් පුණ්‍යායතන පනත් කොපමණ ගණනක් පාර්ලිමේන්තුව තුළ සම්මත වී දැ’යි ගණන් බලා නැත.

අලි සබ්රි අධිකරණ ඇමති තනතුර දරණ තුන්වෙනි යා ය. දිවුරුම් දී ‘එක ම නීතියක්’ ශපථ කළ ඔහු පියවර නගන මග සගයන්ගේ මගට වඩා සැගවුන මගක බව ඇමති වී මාස කීහිපය තූළ කළ කී දෑ තුළින් හෙළි වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂේප කොට ඉවත දමා තිබියදීත් මිනී වළ කරට ගෙන අන්තවාදීන්ට උඩගෙඩි දුන්නේය. ඇමති ලෙස වැඩ ඇරඹූ විගස, රඋෆ් හකීම් නීති ශිෂ්‍යයන්ට කැපූ ඉංගිරිසි වලේ, ඉංගිරිසිය අනිවාර්ය කොට කොන්කී‍්‍රට් තාප්පයක් බැඳ සිංහල මාධ්‍ය සිසුන් දඬුකඳේ ගැසීය. රාජ්‍ය භාෂා පනත සහ ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් සිංහල මාධ්‍ය අධ්‍යාපනය කපා හැර ‘පරම මහෝත්තම’ මනසින් යළිත් සිංහල භාෂාව කුස්සියේ ‘උඩහල්ලට’ දමා ඇත.

අලි සබ්රි ඇමති ජනතාවගේ සංවේදී කරුණු පිළිබඳව වරින් වර එකිනෙකට පරස්පර ප‍්‍රකාශ කරමින් සටකපට චරිතයක රංගණයක යෙදෙයි. දිවුරුම් දී ‘එක ම රටක් එක ම නීතියක්’ ශපථ කළ බව අමතක කොට ඇත. පවතින නීති පනත් 100ක් පමණ සංශෝධනයට සූදානම් ය. සංශෝධනය කරන වචනයක් පාසා වැඩි අවදානය යෙදීම අවශ්‍ය ය. 1970 යුගයේ සම්මත කළ නීති 1978 න් පසු කපා දමා ‘වික්ටෝරියානු’ නීති අනුවර්තන යළිත් එක් කළ බව අමතක කළ යුතු නැත. මොහොමඞ් උවයිස් අලි සබ්රි මොහොමඞ් ඇමති රට අගාධයට හෙළන අ`ඵත් ගැටලූ නිර්මාණයට මුල පුරා ඇත. ‘තණ කොළේ නොව පොල්පැලේ ගොබේ ම’ කෑමට හැරෙන බව පෙනේ. ජනපතිට සහ ආණුඩුවට ගුණ දායක නැත.

මේ මාස පහ හයට කළ කී දේ ප‍්‍රශ්න සහගත ය. ඇමතිගේ ගමන සැක සහිත ය. ගොඩ නැගෙන විරෝධය බරපතල වීමට පෙර ගරුසරු ඇතිව ඇමති තනතුරෙන් ඉවත් වී පුරුදු වෘත්තියේ නිරත වීම ඉතා හොඳ ය.
එසේ නොවේ නම් ජනපති ඔහුට වෙනත් තනතුරක් පවරන්නේ නම් යහපතකි.

One Response to “අලි සබ්රි ඇමති මාවත-2”

  1. Ancient Sinhalaya Says:

    It is said under 15 mussie population exceeds the Sinhalese already. Sinha lease is running out soon for the Sinhala modayas. Thanks GooandPee and the rest of the Sinhala deshapaluwas for halaling Sri Lanka. Mussie baby farms converted old Buddhist Iran, Afghanistan, Pakistan, Bangladesh, Malaysia and Indonesia within a few hundred years of their arrivals in those countries with their baby machine wives (BMWs?). Sri Lanka is on the way to join the former Buddhist countries club. Ali sora driving the final nails to the coffin of the Sinhala modayas, Buddhism and Sri Lanka.

    Truth, human rights etc etc decided by the number of votes. Religions are same. No of votes decides which is true in this corrupt world. Covid19 is animals’ revenge. But mythical gods say it’s okay to eat them. It gives Covid19, CJD, bird flu etc etc plus numerous cancers. Still the deciding factor is the votes. If you have trees and sands you have two options. If you have sand only (not even thanakola gus) option are very very limited. Actually there is only 1 option. Then again, if you have a lot of baby farms, of course you can demand what you like. 21st century still mythical gods live on.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress