අමාත්‍යංශයේ නව ලේකම්තුමිය වැඩභාරගැනීම
Posted on March 17th, 2021

ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය

කේ. ඒ. ඞී. නිශාන්ති ජයසිදහ මහත්මිය අද දින ජාතික උරුම ප‍්‍රාසංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ගරු. ලේකම්තුමිය ලෙස අමාත්‍යංශයේ දී 2021-03-16 දින ධූරයෙහි වැඩ භාරගනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා වැඩම කොට වදාළ ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති දොඩම්පහල රාහුල නාහිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රඹාවැවේ පණ්ඩිත නාහිමි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කෙහෙල්වල විපස්සි නාහිමි
යන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කොට එතුමියට ආශීර්වාද කරනු ලැබුවා.

කලකට ඉහතදී හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම්තුමිය ලෙස කටයුතු කළ ඇය පසුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන* ධුරය හෙබවූවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප‍්‍රසම්පාදන* ධුරයේද එතුමිය කටයුතු කලා.

නව ලේකම්තුමිය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාව සඳහා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනෝජා පී ගුරුගේ , අධ්‍යක්ෂ සැලසුම් පුෂ්පාදජලී කුලතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී වයි.එම්.එස්. ගුණසේකර සහ ප‍්‍රසම්පාදන හා ඉදිකිරීම් අංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහාගි වුණා.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යංශයේ අනෙකුත් කාර්ය මණ්ඩලය ද ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීන් ද අමාත්‍ය විදුර වික‍්‍රමනායක මැතිතුමා ද නව ලේකම් තුමියට සුභ ප‍්‍රාර්ථනා කිරිමට එක් වී සිටියා.

කංචක අසේල ගාල්ලගේ
මාධ්‍ය ලේකම්,
ජාතික උරුම,ප‍්‍රාසාංග කලා හා
ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress