2014 වර්ෂයේ කැබිනට් අනුමැතිය පමනක් ලද ව්‍යාපෘතියට 2021 දී රාජ්‍ය අමාත්‍යවරිය යලි පන දේ.
Posted on March 19th, 2021

වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල හා පාසැල් වල මෝටර් කාර්මික අංශයේ දියුණුවට පොලීස් සහය හිමිවේ.

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගෙන වෙන්දේසි කිරීමට නියමිත ගර්භිත රථ වාහන ගාස්තු අය කිරීමකින් තොරව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෙත ලබා දීම අද දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සහභාගීත්වයෙන් අද දින අත්තිඩිය ­­­­පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සදහා මුලින්ම කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් 2014 වර්ෂයේදී යොමු කර අනුමැතිය හිමිවී ඇතත්, 2021 වර්ෂය තෙක් ක්‍රියාත්මක නොවීය. රාජ්‍ය අමාත්‍යතුමියගේ මැදිහත්වීම මත මෙය ප්‍රථම වතාවට අද දින ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන ලදි.

    මෙම ගර්භිත වාහන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල මෝටර් රථ කාර්මික අංශයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා, පාසැල් වල .පො.. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා යොදා ගැනීමට නියමිතවේ. මෙහිදී සංකේතකාත්මකව තෝරා ගත් පාසැල් හා වෘත්තීය පුහුණු ආයතන කිහිපයකට වාහන පිරිනැමීම සිදු විය.එනම් ලුම්බිණි මහා විද්‍යාලය, කොටහේන මධ්‍ය මහා විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලය, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය,කටුකුරැන්ද ධර්මපාල මහා විද්‍යාලය සහ වෘත්තීය පුහුණු ආයතන වශයෙන්, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුණිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය, යන වෘත්තීය අධ්‍යාපන ආයතන සදහා අද දින වාහන පිරිනැමීම සිදු විය.

 මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පද්මා රාජපක්ෂ මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන්, බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා  ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

(මාධ්‍ය ඒකකය)

නිපුණතා සංවර්ධන,

වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress