සබුද්ධි කවයේ NLSL සබුද්ධි පොත්ගුල අනුරාධපුරයට…
Posted on March 23rd, 2021

සබුද්ධි කවය

සබුද්ධි කවය සංවිධානය කරන, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය (NLSL) හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන ශක්තියෙන් එක් වෙන ”NLSL සබුද්ධි පොත්ගුල” මාර්තු වැඩසටහන අනුරාධපුරය මහවිලච්චිය තක්ෂිලා මහා විද්‍යාලයේදී ලබන සිකුරාදා පැවැත්වේ. ඒ විද්‍යාලීය විදුහල්පති චමින්ද සේමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. වැඩසටහන උදෑසන 07.45ට ආරම්භ වෙයි.

NLSL සබුද්ධි පොත්ගුල ක්‍රීඩාව සහ කියවීම යන තේමාව යටතේ සබුද්ධිමත් පුරවැසියකු බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නකි. එහි පළමු වැන්න හම්බන්තොට උඩමළල මහා විද්‍යාලයේදී පසුගිය මස 09 වැනිදාපැවැත්විණි. අනුරාධපුරය මහවිලච්චිය තක්ෂිලා මහා විද්‍යාලයේදී මේ මස 02 වැනිදා පැවැත්වෙන්නේ එම දෙවැනි වැඩසටහනයි. හුවමාරු පුස්තකාලය, කියවීමේ කඳවුර, සිතුවම් කඳවුර සහ නිර්මාණ කඳවුර NLSL සබුද්ධි පොත්ගුල වැඩසටහනේ ප්‍රධාන අංගයන් වේ. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපති සොනාල ගුණවර්ධන, එහි සහකාර අධ්‍යක්ෂ මිහිර අරවින්ද, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර,
රජරට ගුවන්විදුලියේ ප්‍රධානී ලාල් ආනන්ද අබේදීර, ගීපද රචක තුෂාන් නිසංසල, සාහිත්‍යවේදීනි ආශා රැළපනාව, පරිසරවේදී සඳුන් ජයවර්ධන සහ සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ, සබුද්ධි සභාපති සාහිත්‍යවේදී ම. ප. තමීර මංජු යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනට සම්පත් දායකත්වයෙන් එක් වෙයි.  මාධ්‍ය නිවේදනය මේ සමඟ අමුණා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress