රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත “සුව අවුරුදු නෑ ගමන්”
Posted on April 14th, 2021

තිසර සමල් – අනුරාධපුර

අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර  මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත  අවුරුදු අසිරිය  රැගෙන    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, රජරට සේවය හා කාගීල්ස්  ෆුඩ් සිටි ආයතනය  සමඟ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම රෝහල වෙත සුව අවුරුදු නෑ ගමන්” ගියහ.

රෝග බියෙන් තොර, සුව සම්පත සපිරි, නිරෝගී සම්පන්න වාසනාවන්ත සුව නව වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර  මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත අවුරුදු අසිරිය ගෙන එමින්  රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා අවුරුදු කැවිලි ලබාදීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර  මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

මෙත්සිරි සෙවන වෙත පැමිණි අමාත්‍යයවරයා ඇතුළු පිරිස මහත් හරසරින් රෝහල් කාර්ය මණ්ඩලය පිළිගත් අතර, රෝහල සඳහා අත්‍යවශ්‍යය උපකරණ රැසක් කොරෝනා රෝගීන්ගේ පරිභෝජනය සඳහා  කැවිලි වර්ග එහිදී රෝහල් කාර්ය මණ්ඩලය වෙත ප්‍රධානය කරනු ලැබීය.අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟින් අලුත් අවුරුදු කෑම මේසයේ රස බැලීමට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කටයුතු කළහ.

අනතුරුව කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබන රෝගීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ශබ්ද විකාශන ඔස්සේ ඇමතූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

කොරෝනා ආරම්භ වූ වෙලාවේම අපි ස්වෙච්චාවෙන්ම මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අවශ්‍යය කරන  මුහුණු ආවරණ අපි නිර්මාණය කරලා පරිත්‍යාග කළා,ඊට පස්සේ මේක මහා රැල්ලක් විදිහට හැමෝම හැදුවා, හැමෝම පරිත්‍යාග කළා.ඒ දේවල් බොහෝම සද්භාවයෙන් තමයි අපි රටක් ජාතියක් බේරා ගන්න, අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් තමයි අපි සියලු දෙනා ඒ  සත්කාරය කලේ,

ඒ වගේම තමයි විශේෂයෙන්ම ස්තූති වන්ත විය යුතුයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, සමහර අය ‌මේ ඉස්සරහින් යන්නත් සමහර විට භය වෙන්න පුළුවන් කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයක් නිසා,හැබැයි මම මේ පරිශ්‍රයට අවස්ථා කීපයකදීම ඇවිත් තියෙන නිසා දන්නවා වෛද්‍යවරුන්ගේ සිට කම්කරුවා දක්වාම තමන්ගේ ජීවිතයට අභියෝගයක් තමයි භාර ගෙන තියෙන්නේ, ඒ අභියෝගය භාර ගත්තේ නැත්නම් මේ නිළධාරින් අපිට මේ වැඩෙන්, මේ ලෙඩෙන් ගොඩ වෙන්න හම්බෙන්නෙත් නෑ, ඒ නිසා මේ වෙලාව අවස්ථාවක් කර ගන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රෝහල් අධ්‍යක්ෂවරු, වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයා දක්වා අපි ස්තූතිය පල කරන්න.

ඒ විශ්වාසය තියාගෙන  නිළධාරීන් කටයුතු කලේ නැත්නම් අපිට මේක පාලනය කර ගන්න බැරි වෙනවා, අපි දැකලා තියෙනවා අනෙක් රටවල් වල වෛද්‍යවරුන් පවා මේ වැඩේ අතහැරියා තමන්ට දරා ගන්න බැරිව මුල් කාලය තුළ, නමුත් ලංකාවේ මොන අඩුපාඩු තිබුණත් එසේ සිදු වුණේ නෑ, ලංකාවේ සෑම රෝහලක්ම සියලු පහසුකම් යටතේ නෙමෙයි මේ ප්‍රථිකාර කරන්නේ, බොහෝ අඩුපාඩු යටතේ තමයි ඔවුන් සේවය කරන්නේ,මේ සියලු අඩුපාඩුකම් යටතේ වූවත්, මේ නිළධාරීන් තමන්ගේ දරුවෝ, බිරින්දෑවරු, ඥාතීන්, හිතවතුන් මේ සියලු දෙනාගේම ජීවතත් යම් අනතුරු තත්වයක තියාගෙන තමයි මේ සේවය කරන්නේ.ඒ නිසා ඒ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.ඒ සියලු දෙනාටම ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කොරෝනා රෝගයට ගොදුරු වෙලා  ප්‍රථිකාර ලබන  සියලුම රෝගීන්ට ඉතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් තමන්ගේ පවුලත් සමඟ වෙනදා වගේම කටයුතු කරන්න, රාජකාරී කරන්න ශක්තිය, දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.කොරෝනා රෝගීන් ඉක්මනින් සුව වෙලා,රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන, පුද්ගලික සෑම ජීවිතයක්ම,ව්‍යාපාර කරපු, ස්වයං රැකියා කරපු, ස්වෙච්ජාවෙන් ස්වාධීනව ජීවත් වූ,සියලු දෙනාගේම අනාගතය සුභවාදී වේවායැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ්-19 ප්‍රථිකාර මධ්‍යස්ථාන භාර නිළධාරී වෛද්‍ය චින්තක රත්නප්‍රිය, රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා, ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද නිළධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හා රජරට සේවයේ ආයතන ප්‍රධානී ලාල් ආනන්ද අබේධීර මහතා, රජරට සේවයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ගුණතිලක පතිරාජ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress