කොළඹ වරාය නගරයේ පූර්ණ හිමිකාරීත්වය මෙරට සතුයි පාලනයෙන් ගිලිහී නැහැ (වීඩියෝ)
Posted on April 18th, 2021

උපුටා ගැන්ම  හිරු පුවත්

කොළඹ වරාය නගරයේ පූර්ණ හිමිකාරීත්වය මෙරට සතු බවත්, වරාය භූමියේ කොටසක් වෙනත් පාර්ශවයකට පැවරූ බවට ගෙන යන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ ව්‍යාපාරික සංගමය ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ කොළඹ වරාය නගරය තුළ ශ්‍රී ලාංකිකයින්ට ද ආයෝජනය කිරීමේ හැකියාව පවතින බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යනු වරාය නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය, කළමනාකරණය සහ නියාමනය සඳහා පිහිටුවන්නක්. කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර හෝ සේවා සැපයීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට අපේක්ෂා කරන්නේ එමගින්.

මුහුද ගොඩ කරමින් ඉදිවන කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්.

කෙසේ වෙතත්, මේ දිනවල කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පිළිබදව දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේ ද දැඩි අවදානයට යොමුව තිබෙනවා.

එමෙන්ම, සමාජය තුළ වරාය නගර ආර්ථික කොමිසම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙන පසුබිමක මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.

එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් සමඟ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සංවාදයක නිරත වුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress