අපි මේ මහා වසංගතයෙන් ගැලවෙන්නේ කෙසේද?
Posted on April 30th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අප ජිවත් වන්නේ ආශිර්වාද ලත් රටක් තුලය. අපට ලෙඩ රෝග නැතිව ජිවත්විය හැකි භූමියක් ස්වභාවය විසින් නිර්මාණය කරදී ඇත. සුද්දා මේ රටට ඇතුළුවන විට මෙරට තුල ඉතා හොඳ සෞඛ්‍යමත් ජනතාවක් හා සෞඛ්‍ය පද්ධතියක් තිබුනද, අද මෙන් රෝහල් රට පුරාම තිබුනේ නැත. දැන් රට පුරාම රෝහල් තිබුනද හොඳ නිරෝගී ජනතාවක් නැති බව පැහැදිලිව දිස්වේ.

එදා සෑම පවුලකම පවුලේ වෛද්‍යවරයා වුයේ මවය.ඇය පවුලේ සෞඛ්‍ය කටයුතු මැනවින් කළමනාකරණය කිරීම විදිමත්ව ඉටු කරන ලදී.එදා සෑම ගෘහනියක්ම සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත්වූ අතර ඇය උයන පිහන ආහාර වල ඇති ගුණ අගුණ සම්බන්ධව මැනවින් දත්හ.අද එසේ නැත. උයන්නට ඉගෙන ගන්නේ,පාර්මපාරික ඥානයෙන් නොවන බැවින් මුළු රටම රෝගීන්ගෙන් පිරි ඇත. මෙවන් තත්වයක් පවතින අතරවාරයේ, මිට වසරකට පෙර කොවිඩ් වසංගතයද මෙරටට කඩාවැදී විශාල විනාශයක් සමාජය තුල සිදුකරමින් සිටි.

දැන් අපිට ඇති ප්‍රබල ගැටලුව වන්නේ මේ වසංගතයෙන් මෙරට ජනතාව ගොඩ ගන්නේ කෙසේද යන්නයි. කොවිඩ් යනු  වෛරස් රෝගයකි. මෙයට මෙතෙක් බෙහෙතක් නිර්දේශ කර නැත. මෙම රෝගය මාරාන්තිකය. මරණය උරුම කරවන්නේ පෙනහළු අඩපන කිරීම තුලිනි. බොහෝවිට නිව්මෝනියාව මරණයට හේතුව වශයෙන් සටහන් වේ. එයට කොවිඩ් නිව්මෝනියා ලෙස නමක්ද පටබැදි ඇත. මරණය වළකාලීම සඳහා සිදුකල යුත්තේ නිරෝගී පෙනහළු දෙකක පවත්වාගෙන යාම හා රෝගියාව ඔක්සිජන් සපිරි පරිසරයක් තුල ස්ථානගත කල යුතුය.

රෝගියාව රෝහලට ගෙනයාම තුලින් සිදුකරනුයේ, රෝගියාගෙන් සමාජයට රෝගය පැතිරීම වළකාලීම බව ඉතා පැහැදිලිය. දෙවන කරුණ වන්නේ රෝගියා යම්හෙයකින් අසාධ්‍ය තත්වයට පත්වුවහොත් ඔක්සිජන් සැපයීමේ හැකියාවද රෝහල් වල පවතින බැවිනි. නමුත් පැහැදිලිවම රෝගයට මෙතෙක් බෙහෙතක් නැති බව සිහිතබා ගත යුතු වැදගත්ම කරුණක් වේ.

මේ වන විට රෝගයේ උපරිම බලපෑම ඇත්තේ අසල්වැසි ඉන්දියාවටය. සිදුවෙන සිදුවීම් දෙස බලන විට රෝගීන්ව රෝහල් කරා මිනිසුන් රැගෙන එන්නේ, බෙහෙතක් නැති රෝගයකට පිලියමක් අපේක්ෂාවෙනි. අසාධ්‍ය තත්වයෙන් රැගෙන එන රෝගීන්ට දිය හැකි එකම පිළියම ඔක්සිජන් ලබාදීමයි. නමුත් තත්වය තවත් බරපලවී ඇත. අවැසි තරම් ඔක්සිජන් නැති කමින් හා රෝගීන්ට පිළියම් කිරීමට තරම් රෝහල් කාර්ය මණ්ඩලයක් නැති කමින් ඉතා උග්‍ර ලෙස මිනිසුන් මරණයට පත්වීම සිදුවේ.

මේ සිදුවීම් මාලාව අපට පෙන්වා දෙන්නේ, මෙතරම් මරණ සංඛ්‍යාවක් සිදුවීමට බලපාන්නේ,
1.කොවිඩ් 19 වෛරසය.
2.ඔක්සිජන් හිඟ කම
3.රෝගීන්ට සාත්තු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලයට ශක්තියක් නැති කම, ලෙස හඳුනා ගත හැක.

මේ වනවිට ඉන්දියාවේ,ජනගහනයට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයින් 0.025%ක් වාර්තාවෙන අතර ශ්‍රී ලංකාවේ එය 0.007% ලෙස සටහන් වේ. මෙය තරමක තර්ජනයක් පෙන්නුම් කරන අතර, මේ තත්වය අප බුද්ධිමත්ව කටයුතුකර සමනය කර ගත යුතුය. මෙය රජයට පමණක් කල නොහැක, රජයට කල හැක්කේ රෝහල් පද්ධතිය පුළුල් කරමින් තවතවත් මිනිසුන්ට රෝහල් පහසුකම් සම්පාදනය කරදීම හා එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරලීමයි.

රජය මේවනවිටත් එම ක්‍රියාවලිය අඛණ්ඩ සිදුකරමින් සිටි. නමුත් රජයට අවැසි වෛද්‍යවරුන් හා පුහුණු හෙද හෙදියන් ක්ෂණිකව නිර්මාණය කල නොහැක. තවද රෝගීන් වැඩිවීමත් සමග දැනට සේවය කරන වෛද්‍යවරුන්ගේ හා හෙද හෙදියන්නේ, මානසිකව සිදුවෙන ගරාවැටීම නතර කිරීමද ඉතා අපහසු දෙයකි. වෛද්‍යවරුන් මෙතරම් උපදෙස්දී තිබියදීත් මෙරට මිනිසුන් ඉතා සරල උපදෙස් වන මුඛ ආවරණ නොපලදීම සිදු නොකරන්නේ නම් වෛද්‍යවරුන් හා හෙද හෙදියන් තුල ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීමද යන්න ජනතාවට වැටහිය යුතුය. මේ සටන් ගෙන යන්නේ සියල්ලන්ගේම සතුරකුට එරෙහිව බැවින් මුළු රටේම ජනතාව එකාවන්ව නැගී සිටිමින් තමන් විනය ගරුක පුරවැසියන් ලෙස හැසිරිය යුතුය.

මීළඟට ඇති වැදගත් කාරණය වන්නේ,මිනිසුන්ට පහසුවෙන් මිලදී ගත හැකි, ගුවන් යානාවල ස්වසන අපහසුතා ඇතිවන මගින් සඳහා භාවිතා කරන කුඩා ඔක්සිජන් සිලින්ඩර්ස් ඉතා පහසු මිලට ගත හැකි මධ්‍යස්ථාන තාවකාලිකව නිර්මාණය කිරීම හා ඒවා පාවිච්චි කරන ආකාරය සම්බන්ධව පුහුණුවක් ජනතාවට ලබාදීමයි..මේ මගින් අනාගතයේදී ඉන්දියාවේ වර්තමානයේ සිදුවෙන දෙයට සමාන දෙයක් සිදුවීම වලකාලිය හැක. කෙසේ හෝ තමන්ගේ රෝගීන්ට ප්‍රතිකාරකිරීමට තමන්ම ඉදිරිපත්වෙන පරිසරයක් ගොඩ නැගිය යුතුය. අපට මේ සටන ජය ගත හැක. සියලුම බලවේග අප සමග පෙළ ගැසී සිටි. නිරෝගිමත් හෙට දවසක් අපට උරුමය. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! අමනකම් පිටුදකින්නෝ වෙත්වා!

2 Responses to “අපි මේ මහා වසංගතයෙන් ගැලවෙන්නේ කෙසේද?”

  1. Ancient Sinhalaya Says:

    Atheesareta amuda gasimak. That’s what’s happening all over the world.

    Polluted air to breathe,
    Chemicals in drinking water,
    All sorts of chemical in food as result of burgeoning population to feed cheap and profitably by food producers,
    Eating meat which the most dangerous creature not supposed to devour in vast quantities.

    Is there any wonder then? Beat Covi19 and there will be its more deadly siblings waiting in the wings since viruses also evolves. Limit 2 children to a family to give time for the planet to recover. Stop mussie baby farms who are creating a problem the world over. Leave the poor creatures alone who give their lives by billions to fill the stomachs of the most dangerous creature on the planet.

    Population explosion and religions of conveniences which don’t regard sins as sins and encourage people to sin are responsible for the mess we are in today. This pandemic has shown the world gods are really myths since there was no help at all from them. And a lot of people are realising they live in 21st century.

    Buddhism gives solutions to most problems, maybe all the problems.
    All the sins (crimes) any creature can do:
    1 killing (animals included? Only in Buddhism of course. No. Then they take revenge. Give you Covid19, SARS etc. Plus numerous cancers
    2 stealing
    3 sexual misconduct
    4 lying
    5 alcohol/drug abuse

    Refraining from the above five is Buddhism’s Five Precepts and all the countries under the sun use them as the basis for their penal codes. Fix is Buddhism, Buddhism and Buddhism and science. Science can fix but then the most dangerous creature create even bigger problems. Buddhism can fix the root cause! Covid19 maybe the beginning of the end for the mythical gods!

  2. dingiri bandara Says:

    I have mentioned this before. To those who believe in creation this is a message fro from the almighty creator and to those who believe in evolution , it is a message from nature that humans need to change their behavior for the better and live like good humans. Stop polluting the earth,its atmosphere , water, the oceans etc, stop extra greed hatred and so on. To
    those who believe in the bible, this virus is the new Sodom and Gomorrah in another form.
    Don’t ignore! next time it could be worse !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress