රන්ජන් රාමනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගෙන්,ජනාධිපති සමාව ඉල්ලුවිට සිදුවෙන දේ!
Posted on May 4th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ විශ්වය තුල සිදුවෙන දේ ඉතා ගුප්ත ජනකය. ස්වභාවය, ස්වභාවයේ ධර්මතාවය,තේරුම් නොගෙන අයාලේ යන සියල්ලන්ම යතාර්ථය ඉගෙන ගන්නේ මහා විනාශයක් ලංකරගෙනය. හැමවිටම සිදුවන්නේ ධර්මය රකින්නා ධර්මය විසින්ම සුරැකීමයි. මේ රට පාලනය කිරීම සඳහා සුදුසුකම් ලත්, සේනානායක පවුල, බණ්ඩාරනායක පවුලට පසුව රට උදෙසා නිර්මාණය වුයේ රාජපක්ෂ පවුල පමණි. ස්වභාවය විසින් අවබෝධකරගෙන නිර්මාණිත මේ පවුල මේ වනතෙක් මේ රට සුරකින පවුල බව රටත් විදේශීය මිතුරු රටවලුත් අපේ රටට එරෙහිව කටයුතු කරන සතුරු රටවලුත් මනාව තේරුම්ගෙන ඇත. එවන් තත්වයක් තුල සතුරු බලමුළු රාජපක්ෂ පවුලට හා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන චරිත වලට පහර් දෙන්නේ නිර්ධය ආකාරයටය. අශිෂ්ඨත්වයේ උපරිම ආකාරයට ගෝඨාභය චරිතයට පහරදීම සඳහා නළුවෙක්වූ රන්ජන් රාමනායකව තෝරාගෙන මැතිවරණ වේදිකාවේදී, ගෝඨාභයගෙන් යමක් ඉල්ලුවිට ලැබෙන පිළිතුර මේ යයි රඟ දක්වා පෙන්වුයේ මෙලෙසය.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්ව ඇත. රන්ජන් රාමනායක මහතා සිරකරුවෙකු බවට පත්ව ඇත. එදා විනිසුරුවරුන්ට ටෙලෙෆෝන් කරමින් මිනිසුන්ව සිරගත කිරීමට උපදෙස් දුන් රන්ජන් රාමනායක සිරගතවීම ස්වභාවය විසින් ගන්නා ලද තිරණයක පලයකි. අනුන් සිරගතව දුක්විදින ආකාරය දැක සතුටු වූ රන්ජන් රාමනායකට සිරගෙදර එපාවී ඇත. දැන් තමන් විසින් නිර්ධය ලෙස, අපහාසාත්මක ගැරහු ජනාධිපතිවරයාගෙන් තමන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලීමට සිදුව ඇත. ගෝඨාභයගෙන් යමක් ඉල්ලුවිට ලැබෙන පිළිතුර මේ යයි රඟ දක්වා පෙන්වූ ඔහුට එදා ඔහු පෙන්වා දුන් පිලිතුරම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දෙන්නේ එය මෙරට වැසි ජනතාව ඉතා ඉහලින් අගයනු ඇත. නමුත් එය ජනාධිපතිවරයාගේ අභිමතය අනුව සිදුවිය යුතුබව ජනතාව මනාව දනී. ඔහු රඟ දැක්වූ ආකාරයට සිදුවුවහොත් රන්ජන් රාමනායක මහතාද මනාව සත්‍ය දුටු අයෙක් ලෙස ඔහුගේ පාර්ශවය තේරුම් ගන්නා අතර, අපද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් හා ඇති බැදිම තව තවත් තරකරගනිමු.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress