රටට මොකක්ද වෙන්නේ?
Posted on May 10th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රටපුරාම සිඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිරෙනවා. උගතුන්, විශේෂඥයින්, මෙන්ම සාමාන්‍ය ජනතාවද හොඳටම කලබල වෙලා, විවිධ ආකාරයේ උපදෙස් දීමට පටන් අරන්. කොටසක් කියනවා මුළු රටම ලෝක ඩවුන් කරන්න කියලා. විශේෂයෙන් මේ ඉල්ලීම කරන්නේ ආණ්ඩු විරෝධී විපක්ෂයයි. විශේෂඥයින්ගෙන් කොටසක් ලොක් ඩවුන් කිරීම අනුමත කරනවා. නමුත් ජනාධිපතිතුමා නිහඬව සිටිමින් මේ හැමෝටම සවන් දෙමින් අධිෂ්ඨානශිලිව සිය කටයුතු සැලසුම් සහගතව සිදුකරමින් සිටිනවා.

මේ වෛරසයට බටහිර වෙදකමේ බෙහෙතක් නැත. නමුත් මේ වනවිට එන්නත් වර්ග කීපයක්ම සොයාගෙන ඇත. මේ එන්නත් මගින් කල හැක්කේ මෙම ලෙඩය ජනතාවට වැලදීම 80%කින් අඩු කිරීමයි. මේ වනවිට මෙරට ජනතාවගෙන් ලක්ෂ එකහමාරකට පමණ රෝගය වැලදී ඇත. ඉන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සුවයද ලබා ඇත. මරණ සංඛ්‍යාවද ක්‍රමයෙන් දහසට ලඟා වෙමින් පවතී. ලක්ෂ 210ක්වූ ජනතාවගෙන් ලක්ෂ එකහමාරකට රෝගය වලදුනා යයි කියන්නේ සුළුපටු සංඛ්‍යාවක් නොවේ. ඉන් ලක්ෂයකට අධික පිරිසක් සුවය ලබා පිටව ගියා කියන්නේද ලොකු සංඛ්‍යාවකි. මේ සියල්ල දෙස බලා සිටින ජනාධිපතිතුමාට මේ රට වෙනුවෙන් වැඩ කිරීමට ලබාදී තිබෙන වසර 5ක කාලයද ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. ජනාධිපතිතුමාට කොවිඩ් වසංගතය පාලනය කිරීම හා රට සංවර්ධනය කිරීම යන දෙකටයුත්තම සිදු කිරීමට සිදුව ඇත. එතුමා මේ බැරෑරුම් කර්තව්‍යන් දෙකම මනාව ඉටුකරමින් සිටිනවා.

පළමුව කල යුත්තේ රෝගය වැඩියෙන් ව්යාප්තවෙන පළාත් වල ජනතාවට සංවිධානාත්මකව එන්නත් කිරීම සිදුකිරීමයි. මේ සඳහා විදිමත්ව එන්නත් ලැබීමත්. ඒවා ලැබුන වහාම ජනතාවට විදිමත් සිදු කලයුතුය. කොළොඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කයන් පළමු ඉලක්කයන් කොට මේ එන්නත ලබාදෙනවිට, වෛරසය වැඩි පළාත් තුල ජනතාවට එය වැලදීම පාලනය වේ. ජනාධිපතිතුමාගේ ඉලක්කය මෙය බව ඉතා පැහැදිලිය. එතුමා මේ සඳහා අවශ්‍ය සියලුම එන්නත් කුමන ආකාරයකින් හෝ මෙරට ජනතාවට ලබාදෙනු ඇත. හොඳම උදාහරණය වන්නේ චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අටවා තිබු කෘතීම තහංචිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා හා සෘජුවම කතා කොට ඉවත්කරලීමයි.  දැන් මෙරටට නිදහසේ ඕනෑම එන්නතකට පැමිණිය හැක. ඒවා මෙරට රජයට සිය මිතුරන් වන චීනය හා රුසියාව හැකි සෑම අවස්තාවකදීම ලබාදෙනු ඇත. මේ අවස්ථාවේදී මේ සාර්ථක එන්නත් ලංකාවට ලැබෙන්නේ ශ්‍රී ලකාවේ සැබෑ මිතුරන් හා මේ රාජ්‍ය පාලකයින් අතර පවත්නා හොඳ හිත නිසා බවද පැවසීමට සිදුව ඇත. මේ සියලුම අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ලෝකයේ කොරෝනා සඳහා එන්නත් ලබාගත් විශාලම ප්‍රතිශතයකින් යුත් ජනතාවක් සිටින රට බවට පත්වෙනු ඇත. කෙසේ නමුත් මෙ වසර අවසානයේදී කොරෝනා මර්ධයේ විශාල ප්‍රගතියක් අපි ලබාගන්නා බව පැහැදිලිය. ඒ අප රට තුල පාලනය කරන බුද්ධිමත් නායකත්වයේ තීරණ ගන්නා ආකාරය බැලුවිට පෙනෙන සත්‍යයි.රටවාසින්වන අප සිදු කල යුත්තේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, හැකි පමණ සේවය කරන සේවාදායකය කවුරු වුවද වේගවත්ව වැඩ කිරීමය. එසේ කිරීම තුලින් ඇමරිකාවේ සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට අනාගතයේදී දිනකට 200ක මල කඳන් ගොඩ ගැහෙන රටක තත්වයෙන් අපට මිදිය හැක. අප නිවට ජාතියක් නොවේ. කොරෝනාවද අපිට අභියෝගයක්ද නොවේ, ජනතාවනි මේ අවස්ථාවේදී ඔබේ පවුලේ රැකවරණය වෙනුවෙන් විශාල වගකීම් සම්භාරයක් ඔබ කරමත පැටවී ඇත. ඒ වගකීම් වෙනත් කවුරුගෙන් හෝ අපේක්ෂා නොකරන්න. ඔබම පෙරමුණට විත් ඔබේ වගකීම ඉටු කරන්න. ජග්‍රහණය නියතයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress