ලොක් ඩවුන් මර උගුලෙන් මිදී දේශද්‍රෝහී විපක්ෂය නොක් ඩවුන් කරමු.
Posted on May 11th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ රටේ ඇත්තේ ඔලමොට්ටල විපක්ෂයකි. මේ විපක්ෂයට ඔවුන්ගේ හිතට එකඟ කිසිවක් කිරීමට නිදහස නැත. ඒ මෙරට විපක්ෂයේ සියලු දෙනාම සේවය කරන්නේ කුමන හෝ රටක න්‍යාය පත්‍රයකට අනුව කුලී දේශපාලඥයින් පිරිසක් ලෙස බැවිනි. විටින් විට විදේශීය හාම්පුතුන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට යාම නිසා මේ විපක්ෂය ජනතාව අතර හෑල්ලුවට ලක්වී නිකම්ම නිකම් කෝලමුන් බවට පත්ව ඇත.

මේ විපක්ෂයට මේ දිනවල කිරීමට බාරදී ඇත්තේ,

1. සංවර්ධන කටයුතුවලට එරෙහිව හඬක් නංවා එම කටයුතු අඩපන කිරීම.
2.කොරෝනා මර්ධන කටයුතු අඩාල කිරීම.
3.චීන විරෝධී හඬක් රටතුල නිර්මාණය කිරීම.
4.මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීම හා සුරකීම.
5.රාජපක්ෂ පවුලට එරෙහිව ජන මනස තුල විවිධ බීජයන් ස්ථාපනය කිරීම යන දේශපාලන කටයුතුය.

කොවිඩ් -19 යනු පරමාණු බෝම්බයක් තරම් ප්‍රබල අවියකි. මෙය ලොවට බිහිවුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමත් සමගය. අපේ භාෂාවෙන් කියනවා නම් මෙය දෙවියන්ගේ ලෙඩකි. මේ වෛරසය ජාත්‍යන්තරව අපට එරෙහිව සිටි සියලුම රටවල් මේ වෙනවිට ආර්ථික හා සමාජීය වශයෙන් අඩපන කොට, ඔවුන් සතුව තිබු ජාත්‍යන්තර බලය හීන කොට බිමට සමතලා කර දමා හමාරය. එපමණක්ද නොව අපට පක්ෂපාත රාජ්‍යන් වන රුසියාව, චීනය, වියට්නාමය, උතුරු කොරියාව, කියුබාව යන රටවල තත්වය ප්‍රබල කොට ඉහලට ඔසවා තබා ඇති බවද කිව යුතුය. දැන් නිර්මාණය වී ඇත්තේ අප කලක පටන් අපේක්ෂා කල අපට හිතවාදිවූ භූ දේශපාලන තත්වයකි. මේ වෛරසය අපේ සතුරන්ට පහර දෙනවිට අපේ මිතුරන් හා අපිටද එහි බලපෑමට මුහුණදීමට සිදුව ඇත. මේ වනවිට අපේ මිතුරන් මේ සටනින් ජය ගෙන ඇත. ඉන් නොනැවතී අපට උදව් කිරීමට සෘජුවම ඉදිරිපත්වී ඇත. මේ අනුව අපට ඉදිරියේදී අනිවාර්යෙන්ම කොවිඩ් 19 එන්නත් තොග ගණනින් මෙරටට ගලා එනු ඇත.

කොවිඩ් 19 වසංගත රෝගයට ඇති පිළියම් වන්නේ හැකි පමණ ප්‍රවේශම් වීම හා එන්නත් කාරණයයි. මේ වනවිට ඉතා සාර්ථකව මේ කටයුතු සඳහා සියල්ලක්ම සුදානම්ව සිදුවෙමින් පවතී. ජනතාවද ඉතා උනන්දුවෙන්  ස්වයං වාරණ දමාගෙන ගෙදරටම වී සිටින තත්වයක් අපි දකිමු. පාරේ පෙර මෙන් මිනිසුන්වත් වාහනවත් නැති කම අපට කියාපාන්නේ මෙරට ජනතාව කොතරම් බුද්ධිමත්ද යන්නයි. ඇමති තුමා කීවාට මෙරට දෙමව්පියන් තම දරුවන් පාසල් වෙත එව්වේ ඉතා විමසිලිමත්වය. 50% පමණ ජනතාව තත්වය බරපතල වෙන බව අවබෝධකර ගත වහාම තමන්ම තීරණය කොට දරුවන්ව පාසල් එවීම නවතා දැමුහ. මෙවන් මිනිසුන් ඉන්න රටක් මේ වෛරසයෙන්  බේරාගැනීම ඉතා පහසු කටයුත්තකි. මේ දෙමව්පියන් රටට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දුන්හ. එය නම් “මිනිසුනේ අවැසි නම් රජය ලොක ඩවුන් කරනතුරු බලා නොසිට අපිට වුවත් ලොක් ඩවුන් කිරීමට නිදහසක් ඇත”  යන්නයි. එක නිසා රජයෙන් ලොක් ඩවුන් කරපල්ලා යයි හඬක් නගන්නේ නැතිව අවැසි යට ලොක් ඩවුන් වෙයල්ලා යය කීමට පසුබිම නිර්මානයව ඇත. ඒ අනුව,

a.ලොක් ඩවුන් අවැසි යට ලෝක ඩවුන් වීමේ නිදහසත්.
b. වැඩකිරීමට අවැසි අයට පවතින නීති වලට අනුව යටත්ව තම කාර්යන් කරගෙන යාමට හැකි, තත්වයක් නිර්මානයව ඇත.

මුළු රටම් ලොක් ඩවුන් කාරල්ලා යන සටන් පාඨය නොෂේධ වී ඇත. නමුත් විපක්ෂයටත් අපට එරෙහි ලෝක ප්‍රජාවටත් මෙහි ලොක් ඩවුන් කිරීමක් අවැසිව ඇත. ඒ රට ලොක් ඩවුන් කිරීම තුලින් නිර්මාණය වෙන දේශපාලනික තත්වයන්ගෙන් ප්‍රයෝජන ලබාගෙන මෙරට ජනතාව රජයට එරෙහිව මෙහෙයවීමේ අරමුණෙනි. මේ සියල්ලක් සම්බන්ධවම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මනාලෙස අවබෝධ කරගෙන සිටින බැවින් එතුමා දැඩි ලෙස සිය නිවැරදි ස්ථාවරයේ පිහිටා කටයුතු කරගෙන යන බව, අවබෝධකරගත් ජාත්‍යන්තර හතුරෝ ඇමරිකානු විශ්ව විද්‍යාලයක් ආචාර්ය මඩුල්ලක් හරහා අලුත් මතයක් අපේ රටට එරෙහිව නිර්මාණය කර සමාජගත කොට ඇත. ඒ අනුව ලබන සැප්තැම්බර් මස වෙන විට මෙරට මරණ සංඛ්‍යාව 21,000ක් වෙනු ඇති බවයි.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය විටින් විට විශේෂඥයින් කුලියට ගෙන මේ ආකාරයේ මත ලෝකයට මුදා හරිම සාමාන්‍ය කරුණකි. ග්ලෝබල් විලේජ්, ග්ලෝබල් වෝර්මින් ඕසෝන් ස්ථරයේ හිල මෙවැනි පට්ටපල් බොරු කන්දරාවයි. මේ විශේෂඥයින් ඉතා පැහැදිලිව දන්නවා උත්තර්ධ්‍රාවයේ හා දක්ෂිනධ්‍රාවයේ සියලුම අයිස් කඳු දිය වුනත් මේ මුහුදේ එකද සෙන්ටිමිටරයක්වත් ජලය ඉහල නොනගින බව, නමුත් ඔවුන් මුදලට පට්ට පල බොරු සමාජයට මුදා හරින බැවින් මේ අපේ රටේ සැප්තැම්බර් මස අපේ රටේ කොවිඩ් හේතුවෙන් මියැදෙන සංඛ්‍යාව 21,000ක් වීම කෙසේ වෙතත්,10,000ක් වත් සිදු නොවන බව ඉතා පැහැදිලිය. සත්‍ය වශයෙන්ම මෙය මුසාවකි.

නමුත් එසේ කියා මිනිසුන්ව බියගන්වා නිවෙස්වලට ඉන්න තත්වයක් නිර්මාණය වීම හොඳය. නමුත් ඔවුන්ගේ අපේක්ෂාව  එවැනි හොඳ දෙයක් මිනිසුන් තුල ඇතිවීම නොවේ. මිනිසුන් බය ගන්වා, ඔවුන්ගේ පීඩනය රජය වෙත බලපෑමට සලස්වා, රට ලොක් ඩවුන් කරන තත්වයකට ගෙන ඒමය.

මේ රටේ ජනගහනය ලක්ෂ 210කි. ඉන් ලක්ෂ 44ක්වූ ශිෂ්‍ය පරපුර මේ වනවිටත් ලොක් ඩවුන් තත්වයක පසුවේ.මේ සමගම ගුරුවරු ලක්ෂ 3කට ආසන්න පිරිසක්ද ලොක් වුන්ය.(පෞද්ගලික අංශයේ ගුරුවරුද සමගය) මහලු ප්‍රජාව ලක්ෂ 25ක් වන අතර, ඔවුන්ද බොහොමයක් ලොක් වුන්ය. දැන් රටේ ජනතාවගෙන් ලක්ෂ 72ක් මේ වනවිටත් ලොක් වුන්ය.එවිට ඉතිර වන්නේ, රට ඉදිරියට මෙහෙයවන ලක්ෂ 138කි. දැන් විපක්ෂය ඉල්ලන්නේ මේ පිරිසත් ලෝක ඩවුන් කලයුතුය යන ඉල්ලීම බව ඉතා හොදින් පැහැදිලිය. මෙයට කියන්නේ රට ලොක් ඩවුන් කිරිඅ කියා නොව අර එකවරක් ගොන් වස්සන් රැලක් කළා මෙන් ආණ්ඩුව ලොක් ඩවුන් කිරීමය. එදා මහින්ද රාජපක්ෂයන්ගේ රජය ලෝක ඩවුන් කර එම රජය පෙරලා දැමු සෙල්ලමම මෙදා සිදු කිරීම ජාත්‍යන්තරයේ අරමුනයි. එකම දෙය දෙවරක් කිරීමට ඉඩ දිය යුතු නැත. අපි ස්වයංව අපව පාලනය කරගෙන ජනාධිපතිතුමා ගෙන යන නිවැරදි මාවත සම්බන්ධව තේරුම් ගෙන රටත්, ජාතියත් බේරා ගනිමු.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress