එදා සින්හලේ රජවරුන්ගෙන් මෙදා රටේ පාලකයින් උගතයුතු පාඩම්
Posted on May 16th, 2021

සුදත් ගුණසේකර. මහනුවර

සිරිසඝබෝ රජතුමා (ක්රි.. 252 – 254) රට හා රට වැසියන්  රක්තාක්ෂි රෝගයෙන් රටවැසියන් මියයන්ට වූ විට  (රතැසි යකාතම අධිෂ් ඨාන බලයෙන් සිරියහන් ගබඩාවට ගෙන්වාගෙන  තම රටවැසියන් නොකා තමා කනමෙන් කියා යකා දමනය කල හැටි එලු අත්තනගළු වන්ශයේ සඳන් වෙනවා. සිරිසඟබෝ රජතුමා එදා ඇමතිමණ්ඩලය රැස්කොට කීවේ

ඉමන් සරත්තන් පිසිතන් සරීරන්ධාරේමි ලොකස්ස හිතත්ත මේව (මේ ලේ මස් සහිත මගේ ශරීරය මම දරන්නේ මගේ රට වැසියන්ගේ හිතසුව පිණිසයි} කියලයී. නමුත් අද වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත නොවේද? ජනතාව චන්දය දීම පමණක් නොවෙයි සියළු දෙයක්ම කළයුත්තේ පාලකයින්ගේ හිතසුව  සහ  සුඛවිහරණය පිණිසයි.

තවත් එක් අවස්ථාවක රට නියන් සායෙන් පෙලී ගොවිතැන් පා ලුවෙන්ට පටන්ගත්තට පස්සේ රුවන්වැලිසෑ මලුවේ ගේට්ටු වසාදමා අරමිණිය ගොතාගෙන වාඩිවී වැහි වස්වා තමා උලුප්පනතෙක් මියගියත් නොනැගිටිමියි අධිෂ්ඨානකොට වාඩිවී සිට වැහි වැස නියන් පහවූ පසු ඉන් නැගිට රට වැසියා සුවපත් කල බව ජන කථාවල සඳහන් වෙනවා

අවසානයේදි ගෝඨභය කුමරුගේ බල ලෝභය නිසා සිහසුන අතහැර තපසට ගිය රජතුමාගේ හිස ඉල්ලීම නිසා ඝාතනයට ලක්වූ අහින්සක රටවැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තම හිස පවා සියතින් සිඳ ගොඨාභය රජුවෙත යැවීය. වසර දෙකක් පමණක් සිහසුනේ සිටි උදාර මිනිසා  මානව ඉතිහාශයේ ලෝකයේම ශ්රේෂ්ඨතර නරපතියා වශයෙන් නම්ලත් අසෝක අධිරාජ්යයාට පමණක් දෙවැනි රජතුමා වශයෙන් ඉතිහාස ගතවිය. ඔහුද, සින්හල බෞද්ධ රජෙකු විම සින්හල ජාතියට කොතරම් අභිමානයක්ද?

මහින්දාගමනයෙන් පසු මේ රටේ නව ශිස්ඨාචාරයක් බිහිකිරීමට මඟ  පෑදූ, මේ  මිහිතලය මත උපන් ශ්රේස්ඨතම අධිරාජ්යා වශයෙන් එච්. ජි. වෙල්ස් සඳහන්කල ධර්මාශෝක මහ රජතුමා සියළු රටවැසියන් තමාගේ දරුවන් වශයෙන් සැළකූ බවත් රජතුමා රාජසභාවේ, සිටියත්, අන්තහ්පුරේ සිටියත්, වැසිකෙලියේ  සිටියත්, සිරියහන්ගබඩාවේ සිටියත් ජනතාවගේ ප්රස්නයක්  ආවොත් තමාට වහාම  දන්වන මෙන් කී බව පොතපතේ සඳහන් වෙනවා. එසේම සියළු රට වැසියන් තම දරුවන් මෙන් සැලකූ බවත් (සවේ පුරිසා මම පජා) ඉතා ප්රචලිතයි. අනුවම යමින් මේ රටේ රජවරුනුත් ක්රියාකළ බවත් සඳහන් වෙනවා.

ළන්කා ඉතිහාශයේ ශ්රේෂ්ඨතර රජතුමා වශයෙන් සලකන දුටුගැමුනු මහරජතුමා කීවේ මාගේ මේ වියායාමය හුදෙක් රජසැප පිණිස නොවේ සම්බුද්ධ සාශනයාගේ චිරස්චිතිය සඳහායකියාය.

මෑත ඉතිහාසයේ 1948 දී අපට ලැබුණායයි කියන අතපයට මෙන්ම  මනසටද විලන්ගු දැමූ අදටත් අධිරාජ්යවාදී බ්රිතාන්ය ජාතිකයින්ගෙන් නිදහසක් නැති ඊනියා නිදහසින් පසු 1956 දී  පලමුවරට සින්හල බෞද්ධයින්ට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලබාදී 1815 න් පසු යලිත්  සින්හලයින්ට සින්හලකම ගැන අභිමානවත්ව සිතීමට අවස්ථාව ලබාදෙමින් මේ රටේ දේශපාලනයේ හැරවුම් ඉලක්කයක් සටහන් කල බන්ඩාරනායක ස්රීමතානන් ප්රකාශකලේමිනිසාගේ පරම  යුතුකම මිනිසාට සේවය කිරීමබවය.

මේ සින්හලේ රාජධානියේ එදා පැවැති රාජ්ය සම්ප්රදාය සහ රජවරුන්ගේ සහ එක් විරළ ජනනායකුගේ රාජ්ය දර්ශනයේ එක් පැතිකඩකි.

එහෙත් අද එසේ හිතන, පතන, ක්රියාකරන රාජ්ය පාලකයින් ඉන්නේ කොහේද?

1977 ජේ. ආර්. රජවීමෙන් පසු පොරොන්දුවූ  ධර්මිෂ්ඨ රාජ්යයේ වැඩ ආරම්භකලේ නව පාර්ලිමේන්තුවට ගෙන අන්ක 1 පනතෙන්ම මැති ඇමැතිවරුන්ට විශ්රාම වැටුපක් හදා ගැනීමෙන් . අවුරුදු පහක ඊණියා ජනතා සේවය වෙනුවෙන්. අනෙක් අතින් මුලු ජීවිත කාලයම ආණ්ඩුවට කඹුරන රජයේ සේවකයෙකුට විශ්රාම වැටුප ලබාගන්නට අවුරුදු 30 ඉන්ට ඕනෑ. ඊට පෙර විශ්රාම ගියොත් වයස අවුරුදු 55 වෙනතුරු විශ්රාම වැටුප ගන්ටත් බෑටික දව්සකින් විස්රාම වැටුප මන්ත්රී වරයාගේ නෝනාටත් හදාගත්තා. ඉන් නතර උනාද.නෑත. තව ටික දවසකින් මන්ත්රීවරයාගේ පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් සහ මාධ්ය ලේකම්ටද අවුරුදු පහෙන් විශ්රාම හදා ගත්තා. ඊටත් අමතරව වසර පහෙන් පහට තීරුබදු රහිත වාහනයක් ගෙන්නා ගැනීමටද අවසර දුන්නා නිල රථයට අමතරව. මේ කිසිවෙක් රථ ගත්තේත් නෑ.බලපත්තරය ලක්ස ගනන්වලට වික්කා. මැති ඇමතිවරුන්ගේ මේ මහජන මුදල් කොල්ල කෑමට බලය දෙන උසස් රජයේ සේවකයින් විරුද්ධවෙයි කියන බයට ඔක්කෝටමත් එම පහසුකම ලබා දුන්නා. මේ වැඩ පිලිවෙල අද දක්වාම අඛණ්ඩව පවතිනවා. ඊටත් අමතරව රජයේ කොන්ත්රාක්, මත්පැන් හල්, වැලි, පස්, ගල් බලපත්තර ඔක්කොමත් අය බෙදා ගන්නවා මේ රටේ දේශපාලනය ජාවාරමක් බවට පත්කලේ ඔහුය

දැන් ඔබට පහැදිළිව පෙනෙනවා නේද වර්තමාන පාලකයින් ප්රමුඛතාව දෙන්නේ තමන්ගේ බඩ ගෝස්තරයට සහ බලය රැකගැනීමට මිස රටට හෝ ජනතාවට සේවය කිරීමට හෝ සාශනයේ පැවැත්මට නොවෙයි කියන එක

1977 ජේ. ආර්. ආරම්භකළ ක්රමයෙන් පන්නරය ලැබු අද සිටින දේශපාලකයින් රටේ සහ ජනතාවගේ යහපත ගැන දක්වන  සැලකීමේ ප්රමානය කොවිද් 19 එන්නත ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ දැනට ඉන්න 224 දෙනාට ගහ ගැනීමෙන්ම පෙනෙනවා නේද? මේ පරපුටු 224 න් එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් සියලුදෙනාම මලත් රටට ලාභයක් මිස පාඩුවක් නම් නැති බව හය හතර නොතේරෙන කුඩා ළමයෙකුට උනත් තේරෙනවා.

හැබැයි රට භාරව සිටින ජනාධිපති වරයා, අගමැති වරයා සහ රටේ සෞඛ්ය සේවයේ සියලුම දෙනා, පාලන යන්තරය ක්රියාත්මක කරන ජාතික, දිසා, ප්රදේශ සහ ගම් මට්ටමේ රාජ්ය  සේවකයින්ත්රිව්ධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් වැනි අයට සහ රට ජාතිය හා සාශනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සින්හල ජාතියේ අනුපණ වැනි සන්ඝ රත්නයටද එය අනිවාර්යෙන්ම ඉස්සෙල්ලම දියයුතුයි මා සිතනවා. මන්ද රටත්  ජනතාවත් මේ රටත්  මේ වසන්ගතයෙන් බේරාගන්ට ඉන්නේ අය නිසා.

පා ර්ලිමේන්තුවේ සිටින දෙතුන්දෙනෙකු හැර සෙසු බොහෝ දෙනෙකුට නම්  රටේ ජනතාවට ඉස්සෙල්ලා ඒක දීමේ කිසිම තේරුමක් නෑ. ඔවුන් එය පලමුවෙන්ම ලබාගැනීම මිනිසු ඔක්කොම මලත් අපි ජීවත් වෙන්ට ඔනෑ කියන ආර්ත්මාර්ථකාමි ආකල්පයෙන් කළ වැඩක් කියන එකයි මගේ නම් අදහස

දැන් ඔබට පේනවා නේද මේ රටේ එදත් අදත් පාලකයින් අතර තියෙන වෙනස. ඉතින් කොහොමද රටක් ජාතියක් ඉදිරියට යන්නේ? සසුනක් බේරාගන්නේ ?

පේ රටේ පාලකයින් එදා රජකම් කළේ එහෙමයි. අද කටයුතු කරන්නේ මෙහෙමයි.

මෙම ජරාජීර්ණ දේශපාලන සන්ස්කෘතිය වෙනස්කොට දේශයේ ශිස්ඨාචාරය පදනම්කොට ගත් පෙරදා රජවරුන්මෙන් මේ රට සින්හල බෞද්ධ රට යන සිද්ධාන්තය පිළිගෙන අනුව දිවිහිමියෙන් ක්රියාකරණ දේශප්රේමී පාලකයින්ගෙන් යුත් පාලන ක්රමයක් බිහිකරන තුරු මේ රට කිසිදාක ගොඩගන්ට බැහැ.

එම පාලන ක්රමය සාර්තකව ක්රියාත්මක කිරීම සඳහා පහත සඳහන් කරුණු 12 අනිවාර්යෙන්ම සම්පූර්ණ කළ යුතුය.

1 පලමුවම 1948 සිට සියලුම දේශපාලකයින් සිදුකළ පරිදි, පචස්කන්ධයෙන් මිස මනසින් හා හදවතින්  මේ රටේ ජීවත් නොවෙන, මේ රට අල්ලාගැනිමට දිවා රාත්රි සිහින දකින  දෙමළ මුස්ලිම් සුළුජන චන්ද මත යැපීමේ දේශද්රෝහි ජාතිද්රෝහී කැනහිල්අජ ප්රතිපත්තිය දේශපාලකයින් දැන්වත් වහාම අත්හල යුතුය.

2 දෙවනුව 1987 දී අපගේ මව්බිම ඉන්දියාවට  නිර්ලජ්ජිතව පාවාදුන් 1987 ජූලි 29 ජේ ආර්, /රජිව් ගිවිසුම සහ ඉන් උපන් මේ රට 34 වසරක් පුරා ආර්ථික, පරිපාලන සහ සාමාජික වශයෙන් විනාශකළ තවමත් එම සාපයේ අවජාතක දේශපාලන  කඳපනුවා වූ පලාත්සභා සුදු අලියා සහ හුනියම අහෝසිකල යුතුය. එසේම දේශපාලන අනාතයින්ගෙන් පිරි එම කාලබෝම්ඹයේ තවමත් ශේෂව තිබෙණ  ඇටසැකිලිවන මේ රටේ සම්ප්රදායික දිසා පරිපාලනය 34 වසරක් පුරා අවුලෙන් අවුලට පත්කළ ඊනියා ආණ්ඩුකාරයින් සහ වසරකට කෝටි ගණනින් වසර 34 ක් පුරා කෝටි සහස්සර ගානක් රට්ට ජාතියට කිසිදු පලක් නැතිව මකරකටත යවාඇති ආයතන ජාලයද වහාම අහෝසි කළයුතුය

3 තෙවනුව දිසා, ප්රදේශ සහ ගම් මට්ටමේ පරිපාලන සේවාවන් පූර්ණ වෂයෙන්  ප්රතිසන්විධානයකොට, ශක්තිමත්කොට ඒවා මේ රටේ ප්රාදේශීය පරිපාලනයේ සහ සන්වර්ධනයේ සජීවී පදනම් බවට පත්කළ යුතුය .

4 සිව්වනුව ජාතික රාජ්ය සභාවේ නියෝජිත සන්ක්යාව පැරැණි චන්දකොට්ඨාශ මට්ටමින් ජනතාවගේ රිජු චන්දයෙන් පමණක් තෝරාගණු ලබන නියෝජිතයින් 150 කින් සමන්විත ජාතික රාජ්ය සභාවක් ස්ථාපිත කිරීම

5 පස්වනුව වසර 2500 ක් පුරා මේ රටේ තිබුනේ සින්හල ජාතිය  පමණක් නිසා අදත් මේ රටේ ජාතීය සින්හල බව ප්රකාශකොට සෙසු සියළු සියlu දෙනා  සුළුජන කොටස් වශයෙන් නම්කොට  එය විවස්ථා ගතකළ යුතුය.

6 හයවනුව මේ රට හා ජාතිය ආරම්භවූ දා සිටම පැවති පරිදි සින්හල භාෂාව යලිත් මේ රටේ රාජ්ය භාෂාව කිරිම

7 හත්වනුව එසේම දේවානම්පියතිස්ස රජ දවස සිට පැවති පරිදි නැවතත් බුධාගම මේ රටේ රාජ්ය ආගාම වශයෙන් විවස්ථාගත කිරිම

8 අටවෙනුව මේ රටේ ජනාධිපති, අගමැති, ත්රිවිධ හමුදාපති වරුන් සහ පොලිස්පති, අගවිනිසුරු, සහ නීතිපති අනිවාර්යෙන්ම සින්හලයින් වියයුතු බවට විවස්ථාගත කිරීම.

9 නවවෙනුව 1815 සිට මෙතෙක් පැවති පෘතුගීසි, ඕලන්ද, සහ ඉන්ග්රීසි සම්ප්රදායේ අච්චාරු ආණ්ඩුකරම විවස්ථා වෙනුවට මේ රටේ වසර 2500ක් පැරණි, ඉතිහාසය, දේශීය පාලන සම්ප්රදායන්, සිරිත් විරිත් සහ නීති සම්පදායන් අනුව මේ රටේ ශිෂ්ඨාචාර්යේ පදනම මත සකස්කෙරුණු ආණ්ඩුක්රම විවස්ථාවක් නිර්මානයකොට සම්මතකොට ගැනීම

10) දසවෙනුව එක නීතියක් යටතේ  රට පාලනය කිරීම

11) එකොලොස්වෙනුව මේ රට තවදුරටත් ඉන්දියාව, අමෙරිකාව, එන්ගලන්තය චීනය, රුසියාව හෝ වෙනත් කිසිම රටක අතකොලුවක් හෝ යටත් විජිතයක් නොවන පරිදි රටේ හා ජාතියේ පූර්ණ නිදහස, ස්වාධිපත්ය, ස්වරීභාවය භෞමික අකණ්ඩතාව සහ අභිමානය ආරක්ෂාවන පරිදි කිසිම බල කඳවුරකට නොබැඳී මධ්යස්ථ විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරන  ලෝකයේ ඔනෑම රටක් සමඟ සමතත්වයේ රටක් වශයෙන් ප්රකාශකිරිම

12) දොලොස්වෙනුව සියලුම මිත්ර රටවලින් ආධාර ලබාගෙන ස්ව ශක්තිය මත පණගැන්වූ ජනතාවක් මෙහයවා වසරකට නැව් 36,000 සහ ජාත්යන්තර වෙලදාමෙන් 30% එහා මෙහා යන ඉන්දීය සාගරයේ මුතු ඇටය බවට මේ රට නැවතත් පත්කොට, උපරිම වශයෙන් වසර 10 ක් තුල හෝ  21 වන සිය වසේ සමස්ථ ලෝකයේම වැදගත්ම ආර්ථික, දේශපාලනික, තාක්ෂනික හා සන්ස්කෘතික කේන්ද්රස්ථානය බවට පත්කිරීම.

2019 සහ 2020 මැතිවරණ වලදී චන්දයෙන් මේ රජය පත්කොටගත් 70 ලක් ෂයකගේ එකම අපේක්ෂාව සහ ප්රාථනාව එයයි!.

එම අරමුණ හිසේ මෙන්ම හදවතේද දරාගෙන වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා දර දිය අදිනලද මහාසඟරුවන ඇතුලු 70 ලක්ෂයේ එකම අපේක්ෂාව සහ ප්රාර්තනාව වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් දැනට පව්තින මේ රජයෙන් එම උත්තුන්ඝ ජාතික මෙහෙවර තමන්ගේ ජීවිත කාලය තුළදීම ඉටුවනු නෙත් සිත් පුරා දැකීමයි

වූ කලී 2019 ජන්නාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් පසු අනුරාධපුර රුවන්වැලි සෑ මහරදුන් ඉදිරියේදි ජනාධිපතිවරයා විසින් මහසඟරුවන සහ ජාතිය ඉදිරියේ දෙනලද ප්රතිග්නාව ඉටුකිරීම පමණක් බවද මෙහිදී සිහිපත් කරණු කැමැත්තෙමි.

මෙම රජය එය ඉටුකිරීමට අපොහොසත් වන්නේනම් ඔවුන්ගේ එම අපේක්ෂාවන් ඉටුකරවා ගැනීම සඳහා දළදා සමිඳුන් හා මහා සන්ඝරත්නය ඉදිරියේ ලිඛිතව දිවුරා සපථ කරණ  එසේම ඉටුකළ හැකී යයි ඔවුන් විශ්වාශකරන නව  සින්හල බෞද්ධ නායකත්වයක් යටතේ එවැනි රජයක් නුදුරේදීම පිහිටුවා ගැනීමට පියවර ගනු නොඅනුමානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress