පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරුවෝ
Posted on May 17th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

මුළු ලොවම තලන පෙලන අපරාධකරුවෝ පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරුවෝය .ඒ අන්කිසිවෙක් නොව මානව හිමිකම් සමුළුවේදී සෘජුවම අපට එරෙහිව නැගී සිටින ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, නොර්වේ, බෙල්ජියම, ස්විට්සර්ලන්තය යන රටවල් සියල්ලේම එකමුතුව විසින් මේ රට තුල මුස්ලිම් අන්තවාදය ස්ථාපනය කොට පවත්වාගෙන යාම, කටාර්හා  සවුදි අරාබිය යන රටවලට බාරදුන් ප්‍රබල වගකීමකි. මෙය පිටුපස තුර්කියේ ප්‍රබල සම්බන්ධතාවයක්ද තිබේ. මේ සියලු කාරයන් සිදුකරන ලද්දේ, ඔවුන්ගේ ලාංකීය ඒජන්තයින් හරහාය.

මේ මහා මොලකරුවෝම දෙමල කොටි සංවිධානයද නිර්මාණය කර ඉන්දියාව උපයෝගීකරගෙන මේ රට තුල වසර 30ක කාලයක් පුරා මහා විනාශයක් සිදු කරන ලදී. ඔවුනගේ වසර ගණනක මහා ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් විනාශ කර දැමීමත් සමග දැඩි ලෙස උරණවූ මොවුන්, වහ වහ මුස්ලිම් අන්තවාදය මේ රට තුල ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කටයුතු කරන ලදී. එහි පළමු ප්‍රහාරය පාස්කු ඉරිදා මෙරට සිදුකල මහා විනාශයෙන් එලි දක්වන ලදී.එය පළමුවන මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය මිස අවසන් ප්‍රහාරය නොවන බව අප සිහි තබාගත යුතුය.

වසර දෙකකට පසු අපි යලිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ මේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම්  වාර්තාව ප්‍රකාශයට පත්ව සියලුම වාර්තා නීතිපති දෙපාර්ත මේන්තුවට බාරදී ඇති පසුබිමක් තුලය. දැන් රටේ ජනතාව බලා සිටින්නේ නඩුව ආරම්භ වෙන දිනය තෙක්ය. නමුත් මේ මොහොතේ ලැබුන ප්‍රවෘත්තියකට අනුව නීතිපතිතුමාට විශ්‍රාම යාමට පෙර පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බව පැවසේ. මේ ලිපියේ අරමුණද මෙම කටයුත්ත ජනාධිපතිතුමාට අවශ්‍ය වුවද එයට එරෙහි බලවේගයන්ගේ බලය ඉතා ප්‍රබල බව පෙන්වා දීමයි. එබැවින් මේ සියල්ලක්ම මනාව තේරුම් ගෙන මෙරට ජනතාව මේ කුප්‍රකට දේශපාලන ක්‍රියාවලිය අවසන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිය යුතුවාක් පමණ නොව ඒ සඳහා පුර්ණ දායකත්වයද ලබාදිය යුතුය.

මේ වාර්තාව කියවන ලද අයට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ කෝ මහා මොළකරුවෝ යන්නයි.
කවදාවත් අප කිසිවෙකුටත් ලඟා විය නොහැකි මේ මහා මොළකරුවන් සම්බන්ධව අපට කල හැකි දෙයක් නැත. කල හැක්කේ නිවටයින්සේ ඔවුන් ඉදිරියේ දණගසා ඔවුන් කියන කියන දේ සිදුකරමින් සිටීම හෝ ඔවුන් ඉදිරියේ අභිමානවත් ලෙස නැගී සිටීමයි. මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් ඉදිරියේ නැගී සිටීමේ පලය ලෙස කොටි ත්‍රස්තවාදය විනාශ කර දැමු අතර, අතුරු පලයක් ලෙස ඔහුට අත්වුණේ, 2015 ජනාධිපතිවරණ පරාජයයි. ඔවුන් ඉදිරියේ දණගසා ඔවුන් කියන කියනදේ සිදු කිරීමේ පලයක් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරයේ මුළු වගකීම දැරීමටත් ඊට අමතරව 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ වරමද අහිමිවීමේ ප්‍රතිවිපාක උරුම විය.
 
 මහා මොළකරුවන්ට ඇත්තේ තමන්ගේ අරමුණු කරා ගමන් කිරීමට මෙරට දේශපාලඥයින් මෙහෙයවීමේ කටයුත්තයි. ඔවුන්ට රැකීමට කිසිදු මිතුරෙක් නැත. ඔවුන්ට සතුරා හෝ මිතුරා කියා එකද දේශපාලඥයෙක් මෙරට නැත. ඇත්තේ ඔවුන්ගේ කාර්යයන් කිරීමට යොදාගන්නා දේශපාලන කුලී කාරයින් පමණි. ඔවුන් 2015 මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ ජනාධිපතිවරණය සඳහා සම්පුර්ණයෙන්ම වියදම් කල අතර ජනාධිපතිතුමා වියදම් කරපු එකාගේ දේශපාලන කුලිකාරයෙක් බවට පත්විය. එවිට ඔහුට ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කල නොහැක. ඔහුට කල හැක්කේ කුලිකාරයෙක් ලෙස කටයුතු කිරීමයි.ඔහු සිදුකලේ එම කාර්ය බැවින්, ඔහු පාස්කු ප්‍රහාරයට වගකිව යුතුය. ඔහුට ඒ වගකීමෙන් කිසිම ආකාරයකින් පලා යා නොහැක. එදා මෛත්‍රිපාල සිරිසෙනවා බලයට ගෙන ඒමට කටයුතු කල ඔවුන්ට මෙදා ඔහුට කුමක් වුවද කම් නැත. ඔවුන්ට රක ගැනීමට අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ මුස්ලිම් නායකයින් සුරැකීම පමණි.

පාස්කු ප්‍රහාරයේ  මහා මොළකරුවෝ කවුදැයි මුලින්ම මෙහි සඳහන් කළෙමු. අපි එහෙම කීවට ඔබට බැහැ එහෙම විශ්වාස කරන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඔබව දැනුවත් කරන්න.අපි හැමෝම දැනගත යුතුයි,.ශත වර්ෂ ගණනාවක් පැවැත්වූ පාස්කු පුජාවන්ට බෝම්බ ගැසීමට තරම් මෙරට ජනතාවට මානසික රෝගයක් නැති බව..නමුත් මෙරට මුස්ලිම් ජනතාවගෙන් කණ්ඩායමක් සහභාගී කරගෙන මේ කාර්ය සිදුකලේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පෙනී සිටින රාජ්‍ය පද්ධතියයි. මේ රටවල් ටිකට තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාල බලයක් ඇත්තේ. ඒ අනුව ලෝකයේ සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම් වලට රැකවරණය සැලසීමේ කටයුතුද මේ සංවිධානය හරහා සිද්ධ වෙනවා. මෙතරම් බලවත් මහා මොලකරුවන්ව අපිට කිසිදු අධිකරණයකට ඉදිරිපත් කිරීමට බැහැ.

මොවුන් අපේ රටේ මරා දමන ලද එකම ජනකණඩායම පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන් පමණක් නොවේ. ඔවුන් මෙරට සිදුකල මහා මිනිස් සංහාරයන් රාශියක් ඉතිහාසය පුරාම සනිටුහන්ව ඇත.

නිදහසින් පසු අපට මොවුන් සිදුකර ඇති දේ දෙස බුද්ධිමත්ව බලන්න

1.පළමු අගමැති තුමා බලයට ඇවිත් ඉතා කෙටිකාලයකින් අනතුරකින් මියැදෙනවා.

2.දෙවනුව බලයට එන එතුමාගේ පුතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් බැහැරව බලයෙන් පහ කරනවා.

3.1956 විශිෂ්ඨ ජයක් ලැබූ බණ්ඩාරනායක මහතාව ඝාතනය කරනවා.

4.මීළඟට බලයට පත්වූ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ බලයෙන් පහ කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුකරනවා.

5. එක අසාර්ථක වීමත් සමග පෙරට පනින මේ මහා මොළකරුවෝ නඩු කටයුතු ඉවර වෙනකම් සුපිරි පහසු කම් වලින් යුත් සිරගෙයක් කුමන්ත්‍රණ කරුවන් වෙනුවෙන්ම නිර්මාණය කරලා දෙනවා.

6.කුමන්ත්‍රණය අසාර්ථක වුවද, දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකොට 1964දී සිරිමා බණ්ඩාරනායක රජය පෙරලා දමනවා.

7. 1965 බලයට පත් එකසත් ජාතික පක්ෂය සියලුම 1962 කුමන්ත්‍රණකරුවන්ව නිදහස් කිරීමට කටයුතු සලසනවා.

8. ඒ කුමන්ත්‍රණකරුවන්ට රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු පුද කරනවා.

9. 1970දී බලය ලබාගත් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයට, ජනතා විමුක්ති පෙරමුණ වසරක් ගතවන විට පහර දීමක් සිදුකරනවා.

10. රටේ සිටිය බුද්ධිමත් මරණයට බිය නැති, ඕනෑම අවස්ථාවකදී ඇමරිකන් අධිරාජ්‍යවාදයට හා ඉන්දීය ව්යාප්තවාදයට එරෙහිව නැගී සිටීමට සුදානම් තරුණ තරුණියන් රාශියක් ඝාතනය වෙනවා.

11.ඒ විනාශය මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව මෙහෙය වනවා. මැතිනිය අන්ත පරාජයකට පත් කරවනවා.

12. ජයග්‍රාහි එක්සත් ජාතික පක්ෂය පොලිසියට නිවාඩු දෙනවා.ඒ සමග රටපුරාම විරුද්ධවාදීන්ට එකවර පහරදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. එය ජග්‍රහණය බුක්ති විදීම ලෙස හදුන්වනවා.

13.මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකරනවා.

14.විදේශීය සමාගම් සතු ඉඩම් රජයට පවරාගෙන තරුණයින් දමා ආරම්භ කල සියලුම ගොවි ගම්මාන වසා දමා ඒ ඉඩක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා හා හිතවතුන් බෙදා ගන්නවා.

15.රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් එකතුව පිඩනයට එරෙහිව 1980දී කල වැඩ වර්ජනයේදී, 40,000කට වැඩි සේවකයින් සංඛ්‍යාවක් සේවයෙන් පහ කර හරිනවා.

16. කොටි සංවිධානයේ කටයුතු ප්‍රවර්ධනය කරනවා. වේගය වැඩි කිරීමට දෙමල සිංහල ගැටුමක් නිර්මාණය කිරීම සඳහා, දෙමල පැත්තෙන් තරුණ කණ්ඩායම් කීපයක්ම ගොඩ නගනවා.

17. සිංහල අන්තවාදය පෝෂණය කිරිමට සිරිල් මැතිව් ප්‍රමුඛ බල කණ්ඩායමක් නිර්මාණය කරනවා.ඔහු සිංහල අන්තවාදය පෝෂණය කරන්නාගේ භූමිකාව සඳහා යොදවනවා.  

18.. මේ අය දෙමළ ජනතාව කුලප්පු කිරීම සඳහා, 1981දී යාපනය පුස්තකාලයට ගිනි තබනවා.

19.දෙමළ ජනමනස සිංහලයින්ට විරුද්ධව නිර්මාණය කරවනවා. එත් සිංහල දෙමල ගැටුමක් එන්නෙම නැති තරම් දැන් දෙමල මිනිස්සුන්ව බය කරමින් සිටි දෙමල තර්ස්ත්වාදින්ට සිංහල මිනිසුන්ට පහරදීමට උපදෙස් ලැබෙනවා. ඒ අනුව  හමුදා සොල්දාදුවන් 13 දෙනෙක් උතුරේදී ඝාතනය කරනු ලබනවා.

20. දැන් ආණ්ඩුවේ මැරයන් රටපුරාම දෙමල මිනිසුන්ට පහර දීම ආරම්භාකරනවා.මරා දමනවා,  කඩ ගිනි තියනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස දෙමල ජනතාව උතුරට පලා යනවා, දෙමල මිනිසුන් LTTE සම්බන්ධ වෙනවා..

21.. දැන් පැහැදිලි සටන් පෙරමුණක් හැදෙනවා. බටහිර මහා මොළකරුවෝ සෘජුවම කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ඔවුන්ගේ ඉලක්කයට අනුව සිදුවෙන දෙයක්.

22.මේ බව වටහා ගත්  ජනාධිපති. ජේ.ආර්.ජයවර්ධන පුදුමයට පත් වෙනවා. ඔහු සෘජුවම මේ ගැටලුව සම්බන්ධව කතා කිරීම සඳහා ඇමරිකා ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා හමුවෙනවා. රොනල්ඩ් රේගන් මහතා කෙලින්ම කියනවා කොටි සංවිධානයේ කටයුතු ඇමරිකාව තුල තහනම් කරන්න බැහැ කියලා.

23..මේ සමගම 1983 කළු ජූලියේ ප්‍රහාරයේ වගකීම වාමාංශික දේශපාලන පක්ෂ මත පටවා ඒවා තහනම් කරණවා.

24. දැන් සිංහල තරුණයින්ව මරා දැමීමට පසුබිම නිර්මාණය වෙනවා. ඒ සමගම කොටි සංවිධානය බලවත් කිරීමත් සිදු කරනවා.

25.විශාල් ලෙස සිංහල තරුණයින්ව මර දැමීමත්, කොටි සංවිධානයට ආයුධ හා මුදල් දීමත් ප්‍රේමදාස රජය ලවා සිදුකරවනවා.

26 ප්‍රේමදාස ජනතා අප්‍රසාදයට පත්වෙනවා. කොටින්ට යුධ අවි හා මුදල්දීම සම්බන්ධව ගැටීම නිර්මාණය වෙනවා.

27. ප්‍රේමදාසගේ ඒ කටයුතුවලට එරෙහිවූ ලලිත් ඇතුලත් මුදලි මහතාව ඝාතනය වෙනවා.

28.ප්‍රේමදාසට මහමොලකරුවන්ට අනුව කටයුතු කිරීමට සිදුවෙනවා. ඔහු මුදල් හා ආයුධ කොටි සංවිධානයට දෙනවා. මෙය ඔහුගේ දේශපාලනයට තදින්ම බලපානවා.නමුත් ඔහු දැඩිව සුද්දන්ට එරෙහිව නැගී සිටිනවා. බ්‍රිතාන්‍ය තානාපති සමග ගැටෙනවා. මහා මොළකරුවන් සෘජුවම ප්‍රභාකරන් දෙස බලනවා. ප්‍රේමදාසගේ මළකඳ මහා පාරේ අද වැටෙනවා

29.. නායකයෙක් නැති  එක්සත් ජාතික පක්ෂය මහමොලකරුවන්ට අවැසි විදියට ශුද්ධ කිරීම ආරම්භ කරනවා.නායකයින් රැසක් මරනවා.

30 මහා මොළකරුවෝ රටේ ජනතාව සමගින් බද්ධව චන්ද්‍රිකාව ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා. මහා මොලකරුවන්ගේ රූකඩයක් වූ  චන්ද්‍රිකාව ජනතාවට  විහාරමහා දේවියක් ලෙස පෙන්වනවා.

31 චන්ද්‍රිකා වැඩි චන්ද එකකින් ජය ලබනවා. මහා මොළකරුවෝ අගේ රජය ආරක්ෂා කරගෙන, කොටි බලය ප්‍රවර්ධනය කරනවා.

32. මේ වනවිට රටේ සිංහල තරුණයින් රාශියක් මරලා, දැන් එඩිතර තරුණයින් ඉන්නේ හමුදාවේ. චන්ද්‍රිකාගේ පාලන කාලය තුල හමුදාව තුල ඉන්න හමුදා සොල්දාදුවන් බුරුතු පිටින් මරනවා. චන්ද්‍රිකා ගේ පාලනයත් කොටින්ට සහය දෙනවා.

33.දැන් රාජ්‍ය ආරක්ෂාව හොදටම දුර්වලයි. චන්ද්‍රිකාව පන්නා දමා රනිල්ව පෙරට ගැනීමට මහා මොළකරුවන් තීරණය කරනවා.

34. ආණ්ඩුවේ කණ්ඩායමක් ගලවා එක්සත් ජාතික පක්ෂයට එකතු කරනවා.

35. 2002 මහා මැතිවරණයෙන් රනිල්  වික්‍රමසිංහ මහතා අගමැති වෙනවා.

36. කොටු සංවිධානය බලවත් කරන්න මිලේනියම් සිටිහි පිහිටි බුද්ධි අංශ මධ්‍යස්ථානය ලොවටම හෙළි කොට හමුදාව හා හමුදා බලය දුර්වල කරනවා. හමුදාව බාර ජනාධිපතිනිය මේ සම්බන්ධව වචනයක් වත් කතා නොකර රනිල්ට අවැසි විදියට හැම දෙයක්ම සිදුවෙන්න ඉඩ දෙනවා.

37.ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට චන්ද්‍රිකා සමග හිටගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ හිතනවා චන්ද්‍රිකා ප්‍රගතිශීලි පෙරමුණේ කියා.

38. එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකාගේ රුද්ගලිකත්වයට හා අභිමානයට හානිදායක් ලෙස හැසිරෙනවා. මෙය චන්ද්‍රිකාට මානසිකව දැඩිව බලපානවා.

39 ජවිපෙ චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව විසුරුවන ලෙස.

40. සියලුම දෙයින් ගොඩ එම සඳහා හොදම විසදුම එය බව වැටහෙනවා. රනිල්ගේ ආණ්ඩුව චන්ද්‍රිකා විසුරුවනවා.

41.මැතිවරණයෙන් සමගි පෙරමුණ බලය ලබා ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ආසන 41ක් දිනා ගන්නවා.

42. මහා මොළකරුවෝ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සතුරු බල කඳවුරක් ලෙස දකිනවා, ආදරයෙන් පැලවත්තේ පක්ෂ කාර්යාලයට ඇමරිකානු තානාපතිනය ලඟා වෙනවා.

43.2005 ජනාධිපතිවරණය ලඟා වෙනවා.මහින්ද රාජපක්ෂ ජනපති බවට පත්වෙනවා.

44. මහින්ද බලයට පත්වුණා මොහොතේම, මහින්දව හැරයාමට ජවිපෙට සිදුවෙනවා. මහින්දව බලයට ගෙන එන්ට ගෙන් ගෙට ගිය ජවිපෙ සාමාජිකයෝ පුදුමයට පය්හ් වෙනවා මේ මොකද උනේ කියලා. ඒ ය දන්නේ නැහැ ජවිපෙ  අධිරාජ්‍යවාදීන්ට විකුනලා කියලා.

45. පළමුවන වසර මහින්ද උත්සහ කරනවා සාකච්චා තුලින් යුද්ධය නවත්වන්න. මහා මොළකරුවෝ ඊට ඉඩ ලබාදෙන්නේ නැහැ.

46.මාවිල් ආරු සොරොව්ව කොටි සංවිධානය වැසීමත් සමග යුද්ධය ඇවිලෙනවා.

47.සැබෑ යුද්ධය ආරම්භ වෙන්නේ 2006 වසරේ අගදී වන අතර,අවුරුදු තුනකට අඩු කාලයක් තුලදී යුද්ධය නිම කරනවා,

48.උතුර සංවර්ධනය ඉක්මනින් ආරම්භ කරනවා. රටම සංවර්ධනය වෙනවා..

49.2010 ජනාධිපතිවරණය ලඟා වෙනවා. මහා මොළකරුවෝ දන්නවා තමන්ට බලය නොලැබෙන බව, නමුත් ඒ අවස්ථාවේදී කල හැකි ඉහලම දක්ෂතාවය ඔවුන් පෙන්වනවා. යුද්ධය නිම කිරීමට හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාව තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහා මොළ කරුවෝ තෝරා ගන්නවා.

50.මහා මොළකරුවන් කොතරම් ප්‍රබලද යත් දෙමල මිනිසුන්ව සමුහ ලෙස ඝාතනය කලැයි චෝදනා කල හමුදාවේ හමුදාපති තුමාට සියලුමකොටි හිතවාදී දෙමල චන්ද ලබාදීමට තරම් හැකියාවක් ඔවුන්ට ඇති බව පෙන්වා දුන්නා. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරදිනවා. නමුත් ඔවුන් ඒ තුලින් සරත් ෆොන්සේකා මහතාට දඩුවමක් දුන්බව පැහැදිලිය. ජනතා හදෙ සිටි ඒ යුධ විරුවා මරා දැමීම මේ සමගම සිදුවිය.

51. රට සීඝ්‍ර සංවර්ධනයක් ලොවටම පෙන්වනවා. .

52.මහා මොළකරුවෝ මහින්ද රාජපක්ෂ යුගයේදීම මුස්ලිම් අන්තවාදය මෙරට ස්ථාපිත කිරීම ආරම්භ කරනවා.

53. මුස්ලිම් අන්තවාදීන් මහින්දගේ බලකණු ලෙස හිටගන්නවා.

54. විල්පත්තු සංහාරය ආරම්භ කරනවා. බුදු දහමට එරෙහිව අන්තර් ජාලයේ මුස්ලිම් අන්තවාදීන් ප්‍රකෝප කිරීම් ආරම්භ කරනවා.

55. 2015 ජනාධිපතිවරණය ලඟා වෙනවා. මහාමොළකරුවෝ මෙවර ජනතා චන්දයට වඩා මැතිවරණ කොමසාරිස්ව විශ්වාසකරනවා.

56. ලංකා ඉතිහාසයේ, ඇති විශාල වැඩ කොටසක් කල මහින්ද රාජපක්ෂ පරදිනවා. ඒ චන්ද පෙට්ටි අද ගනින්න පුළුවන් නම් රහස් රාශියක් හෙළිවෙනවා. මේ හැම දෙයක් පිටු පසම සිටින්නේ ඒ මහා මොලකරුවනුයි.

57.මේ වන විට මහා මොලකරුවන්ට අයිති නැති එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ පක්ෂයේ පාලනයත් ඔවුන් අතට ගැනීමට මහා මොළකරුවන් තීරණය කරනවා. ඒ සඳහා, ජනාධිපත් මෛත්‍රිපාල සිරිසේන මහතාව මෙහෙයවනවා. එහි පාලනයත් ඔවුන් හිමි කරගන්නවා. මේ වනවිට මෙරට ජනතාවට අයත් කිසිම දේශපාලන පක්ෂයක් නැති තත්වයක් මතු වෙනවා.

58 එක අපි දකිනවා අපි හඬ නගා මෙසේ කියනවා.http://www.lankaweb.com/news/items/2015/07/06/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/

59 අපි කිව දෙය කිසිවෙකුටත් ඇහෙන්නේ නැත. අපි කිව ලෙසම සියල්ලක්ම සිදුවෙනවා. පසුව අපි ඉල්ලු ආකරුඅටම නව දේශපාලන පක්ෂයක් පිහිටුවනවා.

60. රටේ අනාගතය හසුරවන පුද්ගලයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව අපි හදුනාගෙන සිටියෙමු අපි පමණක් නොව මහා මොලකරුවන්ද ඒ බව හදුනාගෙන ඔහුව නිතිය තුලින්ම විනාශ කිරීමට වෙර දරනු දැක මෙසේ හඬ නගා කීවෙමු.http://www.lankaweb.com/news/items/2015/12/02/%e0%b6%b4%e0%b7%94%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%94-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%ad%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84/

61.යහපාලන සාමය තුල මුස්ලිම් අන්තවාදයට තටු ලබාදී තිබුණි. මෙය මැනවින් අධ්‍යනය කල අප අනාගතයේදී පාස්කු ප්‍රහාරය වැනි පහරදීමක් සිදුවෙන බව දුටුවෙමු. අප නිහඬව නිසිට ඒ බවද හඬ නගා කීවෙමු. ඒ මෙසේය.http://www.lankaweb.com/news/items/2016/06/13/%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94/

62.අප අපේක්ෂාකළ ප්‍රහාරය. 2019 පාස්කු ඉරිදා සිදුවිය. මහා මොළ කරුවෝ අපේක්ෂා කල සියල්ලක්ම නිශේධ කර දමන ලද්දේ ගරු මැල්කම් රන්ජිත් අගරදගුරු තුමන් විසිනි. උන්වහන්සේගේ ක්‍රියාව ඇති විශේෂිතය.

63.2019 ජනාධිපති ජයග්‍රහණය මැතිවරණ කොමසාරිස්තුමාටවත් වලකාලිය හැකි තත්වයක් නොතිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්හ.

64.ඒ සමගම ලෝකයේ කොවිඩ් 19 පැතිරීමද ආරම්භ විය. එතුමාට තිබුනේ ජනාධිපති බලතල පමණකි. එයද 19 වෙනි ව්යාවස්තා සංශෝධනයෙන් බාල කර තිබු බලතලය

65.පාර්ලිමේන්තුව මහමොලකරු හිතවාදීන්ගේ විය.

66. කොවිඩ් මර්ධනයට මුදල් සම්මත කරගත හැකි පාර්ලිමේන්තුවක් එතුමාට නොතිබිණි.

67. පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන පාස්කු ප්‍රහාරයේ වගකීමද ඉටුකිරීමට වෙර දරමින් සිටින අවස්තාවක් තුලින් රට ගමන් කරමින් තිබේ.

68.පාස්කු ප්‍රහාරයේ, වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇති මේ අවස්ථාවේදී රජය පමණක් නොව මෙහි මහා මොළ කරුවන්ද වෙහෙසෙමින් සිටි.


දැන් මේ මහා මොළකරුවන් චුජිතයින් වෙනුවෙන් කටයුතු කරමි සිටින අතර, රජය චුජිතයන්ට එරෙහිව කරුණු සම්පාදනය කරමින් සිටි. ඒ අනුව අපි පැහැදිලිව වටහා ගත යුත්තේ, නඩු දැමිය හැක්කේ මහා මොලකරුවන්ට නොව ඔවුන්ගේ ඉත්තන්ට බවය.නමුත් මේ ඉත්තන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. අපි එසේ කියන්නේ, යුක්තිය ඉටුකරවා ගැනීමට මෙරට මලකදන් රාශියක් පෙල ගැසී සිටින බව දකින විටය.

මේ පෝලිමේ, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි, රන්ජන් විජේරත්න, ආර්. ප්‍රේමදාස වැන්නවුන් සිටිනු දකින විට මේ මිනිසුන්ගේ අපරාධකාරයන්ට දඩුවම් දිය හැකිදැයි සැකයක් ඇතිවේ, නීතිපතිතුමා කල ප්‍රකාශය දුටුවිට එම සැකය තවත් වැඩිවේ. මේ අපරාධකාරයින්ට දඩුවම් දිය යුතුය. ඔවුන් මෙරටට ආනයනය කරන ලද කදු සියල්ලකම් සොයාගෙන නැත. එමෙන්ම ඔවුන්ගේ ආවුධ මුළු රට පුරාම සඟවා තිබිය හැකිය, ඔවුන් සමග ගොස් මේවා සොයා ගත යුතුමය. එවිට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකලා වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress