අලුතින් ඉදිවන මීතොටමුල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට VTA ආයතනයෙන් ඇඳන් 500 ක්
Posted on May 20th, 2021

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ

මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයේ පැරණි වී ගබඩා පරිශ්‍රය කොවිඩ් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  ලෙස වෙන් කර ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය සියලුම ඇඳන් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ අනුබද්ධ ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරීය මගින් නිෂ්පාදනය කර ලබා දිම සිදුකෙරේ.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇඳන් 500 ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මුලික අදියර වශයෙන් අද දින  ඇඳන් 90 ක ප්‍රමාණයක් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ලබා දෙන ලදි.

මෙම ඇඳන් නිෂ්පාදනය ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ ඔරුගොඩවත්ත කොරියානු අභ්‍යාස ආයතන පරිශ්‍රයේ සිදු කරන අතර එම ආයතනයේ වෘත්තීය පුහුණු උපදේශකවරුන්, ආධුනිකයින් විසින් ශ්‍රමදායකත්වය සපයනු ලබයි. මෙම ඇඳන් වල විශේෂ්‍යත්වය වන්නේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන ආකාරයට ප්‍රමිතිගතව නිෂ්පාදනය වන අතර අවශ්‍ය මොහොතකදි නැවත ගලවා සවිකිරිමටද හැකියාවක් පවති.

මෙම ඇඳන් ප්‍රමාණය ප්‍රතිකාර මධ්‍යස්ථානයට ලබාදීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමිය විසින් ඔරුගොඩවත්ත කොරියානු අභ්‍යාස ආයතන පරිශ්‍රයේ ඇඳන් නිෂ්පාදන කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කර  එහි නිළධාරින් අගය කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි. 

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදිප් උදුගොඩ මහතා, කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ සභාපති එරන්ග බස්නායක මහතා, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ උප සභාපති මහේෂ් ආරියරත්න මහතා , කොරියානු අභ්‍යාස ආයතනයේ විදුහල්පති චන්දන විදානපතිරණ මහතා, වෘත්තීය පුහුණු අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් චුලාංගනි පෙරේරා මහත්මීය ඇතුඵ පිරියක් සහභාගි විය.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress