මාතර එන්නත්කරණ වැඩසටහන අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට
Posted on May 30th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් එන්නත්කරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ඒ අනුව මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ එන්නත්කිරීම් සිදුවන අකාරය නිරීක්ෂණය කළේය.

මහජනතාව එන්නත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ජනතාව අපහසුතාවයට පත්නොවන අකාරයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නැයි ද උපදෙස් දුන්නේය.

රාජ්‍ය නිලධාරින්, පළාත් පාලන ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන්,සෞඛ්‍ය නොවන අත්‍යවශ්‍ය සේවා නිලධාරින් ඇතුළු පිරිසක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී එන්නත් ලබාගත්හ.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress