එන්නත්කරණ වැඩපිළිවෙලට දේශපාලඥයෝ සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපිටත් විවේචනයක් තිබෙනවා – රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක
Posted on June 3rd, 2021

තිසර සමල් එප්පාවල 

එන්නත්කරණ  වැඩපිළිවෙලට දේශපාලඥයෝ සම්බන්ධ වීම සම්බන්ධයෙන්  අපිටත්  විවේචනයක් තිබෙනවා,අපිත් ඒවා අනුමත කරන්නේ නෑ.සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපි අපහසුතාවකට පත් වෙනවා. ආණ්ඩුව වියදම් කරලා  නොමිලේ එන්නතත් ගහලා බැනුමත් අහගන්නවා.හරි අපරාධයක් ඒක.ඒවා අපි හෝ ජනාධිපතිතුමන් අනුමත කරන්නේ නෑ.ඒ නිසා සෞඛ්‍ය බළධාරීන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී සෞඛ්‍ය බළධාරීන් නායකත්වය ගන්න, වගකීම ගන්න.අපි දෙන්න තියෙන උපරිම සහයෝගය ඔබතුමන්ලාට දෙන්නම්.මේක තුවක්කුත් එක්ක කරන ගණුදෙනුවක් නෙමෙයිනේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් මර්ධන කමිටුව අමතමින්ය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම කමිටුව පැවැත්වුණ අතර, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමන්,ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු රාජ්‍යය ආයතන නිළධාරීන් මෙම කමිටුව සදහා සහභාගී වූ අතර, එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළැඹෙන සතියේදී එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බැවින් ඒ සඳහා සූදානම මෙන්ම, ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන රජයේ සේවකයින්ට එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ඉපලෝගම ‌සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන්,

ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයෙන් රෝගීන් 109 ක් වාර්ථා වී ඇති අතර, ඉන් 80 දෙනෙක් සිංහල අලුත් අවුරුද්දෙන් පසු වාර්ථා වූ රෝගීන්, රෝගීන් රෝහල් ගත කිරීම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීම කිසිම ගැටලුවක් ‌නැතිව කර ගෙන යනවා, අපි බලාපොරොත්තු වෙන්නේ අපිට මේක කරන්න අනෙක් පහසුකම් ටික දෙන්න කියලා.විශේෂයෙන්ම එන්නත් ලැබුන ගමන් එන්නත්කරණය කරන ජනතාව දැනුම්වත් කිරීමට, එන්නත්කරණය සිදු කරන ස්ථානයේ සූදානම් කිරීමට පහසුකම් අවශ්‍ය වෙනවා.ඒ හැර අපි බලාපොරොත්තු වෙන්නේ නෑ, එන්නත්කරණය සිදු කිරීමට තෝරා ගන්නා ලැයිස්තුවට බලපෑමක් දේශපාලන අධිකාරියෙන් එයි කියලා.සෞඛ්‍ය අංශ විදිහට අපි අපේ ග්‍රහණයෙන් තාම මේක විසි කරලා නෑ,සමහර ප්‍රවෘත්තීන් දකිනකොට අපිට සමහර වෙලාවට භය හිතෙනවා.ලංකාව මේ එන්නත්කරණය කිරීමත් ලොකු ජයග්‍රහණයක් සමහර රටවල් ඉන්නවා එක එන්නතක්වත් දීගන්න බැරිව.පරිපාලනයේ තියෙන දක්ෂතාවක් නිසා තමයි මේ තරම්වත් එන්නත් ලැබෙන්නේ.ලැබෙන එන්නත් ප්‍රමාණය හරිම පිරිසට ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව.‍

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

කොරෝනා තත්වය සංචරණ සීමා ඉවත් කරපු දවසින්ම ඉවරයි කියන්න බෑ, හොඳ පැත්තට යන්නත් පුලුවන් නරක පැත්තට යන්නත් පුළුවන්,අපි පාර්ථනා කරන්නේ හොඳ පැත්තට යන්න කියලා. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල,ප්‍රාදේශීය සභාව, පොලීසිය, ගොවිජන සේවා මේ වගේ රාජ්‍යය ආයතන විශාල ප්‍රමාණයක  කාර්යමණ්ඩලය නැති වුණොත් අපිට රට දුවන්න බැරි වෙනවා.මේ තත්වය පවත්වාගෙන යාම සඳහා ඒ අයගේ අවශ්‍යතාවයක් විශේෂයෙන් තියෙනවා.ඒ නිසා ප්‍රමුඛතාවය ඒ අයට ලබා දුන්නොත් තමයි අපිට මේ පද්ධතිය කඩා නොවැටී පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ.මේ පද්ධතිය රැක ගන්න නම් ඇත්තටම මේ රජයේ සේවකයින්ටත් ප්‍රමුඛතාවක් දෙන්න අවශ්‍යයි.රටේම ඉන්න ජනග්‍රහණයට එන්නත්කරණය කරන්න අවශ්‍ය බව ඇත්ත,ලැබෙන එකෙනුත් මේක පාලනය කරන්න අවශ්‍යය කරන පිරිස රැක ගත්තේ නැත්නම් මේක නරක පැත්තට යන්න පුළුවන්නේ. දැන් ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් 5000 දෙන එකේ ඉඳන්, රජයේ වැඩපිළිවෙල ගමට ගෙන යන වැඩේදී කටයුතු කරන්නේ.ඒ ටික අපි බලාගත්තේ නැත්නම් අපි ලොකු ප්‍රශ්නයක් වෙනවා.අපි ජනාධිපතිතුමන් සමඟ සාකච්ජා කරලා රජයේ රජයේ සේවකයන්ටත් ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා ඉල්ලීමක් කරන්නම්.ඉහළින් ලැබී තියෙන තීන්දුව තියෙන්නේ ගමේ පුද්ගලයින්ට එන්නත්කරණය කරන්න නම් ඒක සෞඛ්‍ය අංශ වලටම භාර දෙන්න අවශ්‍යයි, එන්නත්කරණය කරන්නේ කොයි ගම්වලට කියලා තෝරන්න.අපිට ඒ තීන්දුව ගන්න පුලුවන්කමක් නෑ.ඒ වැඩේ සෞඛ්‍ය අංශ පැත්තෙන් සිද්ධ වෙන්න අවශ්‍යයි.ගම් මට්ටමින් එන්නත් ලබා දෙන වැඩසටහනේදී අපි සියලු දෙනාම සහයෝගය දෙන්න අවශ්‍යයි.සෞඛ්‍ය අංශම තීරණය කරන්න ඔ්න කාටද ප්‍රමුඛතාවය කියලා.මේ ගම තෝරා ගන්නේ ඇයි, මේ පුද්ගලයා තෝරා ගන්නේ ඇයි එන එන්නත් ප්‍රමාණය මුළු ගමටම මදි වුණොත් කාට කාටද එන්නත් දෙන්නේ කියන තීන්දුව සෞඛ්‍ය අංශ වලට භාර දෙන්න.ඒ වගකීම අපි ගන්න ඔ්නකමක් නෑ,රාජ්‍ය නිළධාරීන්ට, දේශපාලඥයින්ට ඒ වගකීම් ගන්න ඔ්නකමක් නෑ.ඒ සඳහා අවශ්‍යය  සහය අපි ලබා දෙනවා.

සංචරණ සීමා යෙදීමේ මූලිකම අරමුණ කොවිඩ් පතුරණ එක වලක්වන එකනේ,ඒක ආරක්ෂා වෙන විදිහට ගමේ කඩ සියල්ලම ඇරලා තිබුනත් අපිට ගැටලුවක් නෑ, එක්කෙනාට එක්කෙනා මුණ ගැහෙන්නේ නැති වෙන්න, බෝ වෙන්න නැති වෙන්න, කැරලි ගැහෙන්න නැති වෙන්න ඇවිල්ලා බඩු ටික අරගෙන ගිහින් ඒ වැඩ ටික වුණා නම් අපිට මුකුත් ගැටලුවක් නෑ,සංචරණය නවත්වනවා කියන්නේ බෝ වීම වලක්වන්න මේ එකතු වීම, මුණ ගැසීම නතර කරන එකනේ.ඒ ඇරෙන්න කාටවත් කන්න එපා කියලාවත්,බඩු ගන්න එපා කියලවත් කිසි දෙයක් නෙමෙයි.නීති වලින් ජනතාව ගොඩක් හිර කරන්න එපා.අපේ අරමුණ හරියනවා නම් ඒක කොහොම වුණත් ගැටලුවක් නෑ.

අපි හැමෝගෙම සහයෝගයෙන් මේක පුලුවන් තරම් අඩුම කාලයකින් ඉවර කර ගත්තොත් තමයි අපි හැමෝටම සැනසීමක් තියෙන්නේ,නැත්නම් එන්නත් ගහපු කෙනත් මැරෙනවා, නැති කෙනත් මැරෙනවා.මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ,ඒ නිසා අපි හැමෝම මේකට තමන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා මේ වැඩටික ක්‍රියාත්මක කර ගන්න එකතු වෙමු.දැනටමත් රජයේ සේවකයින් ඒ සහය ලබා දීලා තියෙනවා.අවසාන මොහොත වෙනකල්ම අපි එකතු වෙලා හිටියොත්නේ මේකේ ජයග්‍රහණය කර ගන්න පුලුවන්කම ලැබෙන්නේ ඒ නිසා පුලුවන් තරම් සහයෝගය දෙන්න.

රූපවාහිනිය බලලා ප්‍රවෘත්ති වල දකින  දේ අනුව එන්නත්කරණ වැඩේට දේශපාලඥයෝ සම්බන්ධ වෙන එක ගැන විවේචනයක් අපිටත් තියෙනවා.අපිත් ඒවා අනුමත කරන්නේ නෑ.සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපි අපහසුතාවකට පත් වෙනවා. ආණ්ඩුව වියදනුත් කරලා සියලු දේ කරලා නොමිලේ එන්නතත් ගහලා බැනුමත් අහගන්නවා.හරි අපරාධයක් ඒක.ඒවා අපි හෝ ජනාධිපතිතුමන් අනුමත කරන්නේ නෑ.ඒ නිසා සෞඛ්‍ය බළධාරීන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී සෞඛ්‍ය බළධාරීන් නායකත්වය ගන්න, වගකීම ගන්න.අපි දෙන්න තියෙන උපරිම සහයෝගය ඔබතුමන්ලාට දෙන්නම්.මේක තුවක්කුත් එක්ක කරන ගණුදෙනුවක් නෙමෙයිනේ.ඒ නිසා සෞඛ්‍ය අංශ වලට තමයි මෙහි වගකීම තියෙන්නේ.දේශපාලන අධිකාරිය විදිහට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්නම්.ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලත් උදව් කරනවා මිසක් මේ වැඩේට මොනම හේතුවක් නිසාවත් වෙන කිසි දේකට මැදිහත් වෙන්න එපා.හරි නම් මේ එන්නත්කරණය කරන පැත්ත පලාතේ අපි නොයා ඉන්න ඔ්න.කිසි තේරුමක් නෑනේ, අපි ඉන්නේ පෝලීම් හදන්නයි,පෝලිම් වලින් පැනලා කට්ටිය දාන්නයි නෙමෙයිනේ.සෞඛ්‍ය අංශ තමයි තීරණය කරන්න ඔ්න මේ ගමේ මේ පුද්ගලයෝ අවධානම් කියලා ඒ අයට එන්නත්කරණය කරන්න යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress