චීනය නොමිලේ දෙන්න හැදු එන්නත් 60 ලක්‍ෂයකට ප‍්‍රබලයෙක්ගෙන් බාධා.. ලංකාවම අමාරුවේ දමයි…
Posted on June 6th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ප්‍රදානයක් ලෙස චීන රජය විසින් මෙරටට ලබාදීමට සූදානම් වූ කොරෝනා එන්නත් මිලියන හයක් ලබා ගැනීම අවහිර කරන ලද විශේෂඥ වෛද්‍යවරවෙකු පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

කොරෝනා මර්දනය සඳහා නිපදවන ලද චීන එන්නත ගැන බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය ප්‍රබලයා චීනය ලබාදීමට සූදානම් වූ එන්නත සඳහා උදාසීනත්වයෙන් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී තිබේ.

එකී වෛද්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු මතය එදා චීන එන්නත ලබා ගැනීම මෙරට විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ බවද සඳහන් වේ.

එම එන්නත් මිලියන හය ලබා ගත්තා නම් දැන් පවතින කොරෝනා රැල්ල මර්දනය කර ගැනීමට හැකියාව තිබූ බව ද වෛද්‍ය අංශ වල අදහසයි.

මේ තත්ත්වය නිසා චීන ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට තිබූ එන්නත් මිලියන 06න් පසුව ලබා දුන්නේ ලක්ෂ පහක ප්‍රමාණයක් පමණක් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress