කාබනික පොහොර ආනයනය කොමිස් ගැහිල්ලක් විතරයි..- තිස්ස ජනනායක
Posted on June 7th, 2021

තිස්ස ජනනායක උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කාබනික පොහොර ආනයනයය මේ සම්බන්ධයෙන් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා තම සමාජ ජාල ගිණුමේ මේ සටහනක් තබා තිබේ.

ඔහු එමගින් පෙන්වා දෙන්නේ කාබනික පොහොර විදේශ රටවලින් ආනයනය කිරීමෙන් සිදු වන්නේ කිහිපදෙනෙකු අතට කොමිස් මුදලක් ලැබීම සහ මෙරට මුදල් විශාල ලෙස පිටරටට ඇදී යාමක් පමණක් බවයි.

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

කාබණික පොහොර ආනයනයේ අවදානම
——————————–
රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගන්නා ලද තීරණය මහත් සේ අගය කරමි.නමුත් ලංකාවේ දී ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය දේශගුණික හා පාරිසරික තත්වයන්ද, අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපරිමයෙන් තිබියදීත් වෙනත් රටක නාගරික අපද්‍රව්‍ය වලින් නිපදවන ලද කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිලිබද දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරමි.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු ලෙස එම කාබනික පොහොර සමග ශාක හෝ සතුන්ට හානි කර අප රටේ දැනට නොපවතින ව්‍යාධිජනක දිලීර සහ බැක්ටීරියා ආදිය ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි.

එසේම ශ්‍රී ලංකාවේ පවා නාගරික කැලිකසල වල බැර ලෝහ යම් ප්‍රමාණයක් අඩංගු වන අතර විදේශ රටවල (චීනය වැනි) ඊටත් වඩා බැර ලෝහ අඩංගු විය හැකි බවද සඳහන් කරමි.

රට තුළදීම රටට අවශ්‍ය කාබනික පොහොර නිපදවීම මගින් නව ව්‍යවසායකයින්ට රැකියා අවස්ථා නිර්මාණය වන අතර රටේ මුදල් පිටරටට ඇදී යාම වළකියි .

කාබනික පොහොර විදේශීය රටවලින් ආනයනය කිරීමෙන් වන්නේ කිහිප දෙනෙකුට කොමිස් මුදලක් ලැබීම සහ අපේ මුදල් විශාල වශයෙන් පිටරටවල් වලට ඇදීයාම පමණකි.

– තිස්ස ජනනායක

One Response to “කාබනික පොහොර ආනයනය කොමිස් ගැහිල්ලක් විතරයි..- තිස්ස ජනනායක”

  1. Vaisrawana Says:

    Tissa Jananayake is telling the truth. Meanwhile, the media have revealed that fertilizer importing businessmen are hoarding large amounts of imported chemical fertilizers. What the president should ask the minister concerned (Aluthgamage) is to confiscate these stocks of chemical fertilizers and distribute it free among the needy cultivators for this season as the last and final use of the stuff. If TJ’s suggestion is followed up, enough locally produced organic fertilizers will be available from the next season onwards.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress