ගහලා එලෙවුවත්, ගුටිකාලා හරි කරන්න.. කාබනික පොහොර ගැන ජනපති දැනුම් දෙයි..
Posted on June 8th, 2021

ජනාධිපති මාධ්‍ය අංශය

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර තිබේ. ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී තිබේ. එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා තිබේ. එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවේ. සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කෙරිණ . එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී තිබේ.

කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතී. සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට මුහුණ පෑහ. එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

6 Responses to “ගහලා එලෙවුවත්, ගුටිකාලා හරි කරන්න.. කාබනික පොහොර ගැන ජනපති දැනුම් දෙයි..”

  1. NeelaMahaYoda Says:

    කොහෙද රසායනික පොහොර පාවිච්චි කරපුහාම වකුගඩු රෝග හැදෙන්නේ. ළෝකයේ හැම රටකම රසායනික පොහොර පාවිච්චි කරනවා.

    මේක ලියන්නේ එංගලන්තයේ සිටයි.

    මෙහෙනම් වකුගඩු රෝගය නෑ නමුත් රසායනික පොහොර පාවිච්චිකරනවා.

    ඔබතුමා මේ කරන්ඩ හදන්නේ අපේ කෘෂිකාර්මය අවුරුදු 100ක් පස්සට ඇදලා දමන්න.

    ලෝකයේ කිසිම රටක ඔය කියන තහනම් කිරීම් කරලා නෑ.

    ඔබ එලවා දමන්න බැරිබව කවුරුත් දන්නව, නමුත් වෙන්නේ යනයකා කොරහ බිඳගන යනවා වැනිදෙයක්.

    රසායනික වල්පැලැ නාශක, කෘමි නාශක පාවිච්චිකරන විදිය මිනිසුන්ට කියල දෙන්න, එවාට නීති දමලා වැඩිපුර පාවිච්චිය නැතිකර්න්න.
    නැත්නම් අපේ කෘශිකර්මය අවුරුදු සියයක් පස්සට ගෙනිහින් ඔබට චන්දය දුන් ගම්බද ගොවියා දුගී භාවයට පත්කොලොත් මුලු අනාගත ජනතාවට් ඔබට සාපකරනු ඇත

  2. chandrasena Pandithage Says:

    මුළු මහත් ලෝකයේම පැවැත්ම රදා පවතින්නේ, පරිසරය නම්වූ සාධකය මතයි. ලෝකය පුරාම ඇති ඉතාම සාර භුමි වන්නේ, වැසි වනාන්තරයන්ය.මේ වැසි වනාන්තර තුල මිනිසුන් මෙන්ම සතුන් රාශියක අදත් ජීවත්වේ. මේ වැසි වනාන්තර තුල ජීවත්වෙන ජනතාවට සුපිරි ගනයේ ආරෝග්‍යශාලාවන්වත්, වෙට් සර්ජන්ට්ලාවත් නැත.නමුත් ඉතා නිරෝගී පරපුරක් මේ වැසි වනාන්තර තුල සිය ජීවිතය ගෙවා දමයි. ඇමර්සන් වැනි වනාන්තර තුල ජිවිත ගෙවන මිනිසුන්ට මෙන්ම සතුන්ටද ආහාර සපයන්නේ කෘෂි රසායන භාවිතයෙන් හෝ කෘතීම පොහොර වලින් නොවේ. මෙහිදී,ස්වභාවය අපට කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නා ආකාරය ඉතා පැහැදිලිව කියාදෙයි. එය වටහා ගෙන එය අධ්‍යනය කර නිරෝගිමත් ලෝකයක් ගොඩනැගීම සඳහා අප රසායන පොහොර භාවිතයෙන් පැහැදිලිවම ඉවත් විය යුතුය. ස්වභාවයට අනුගතව කාබනික පොහොර භාවිතයෙන් නිපදවන ආහාර වැළදීමට පුරුදු විය යුතුය.

    ඔබ දන්නා සුපිරි වෙළඳ සල් සියල්ලකම වාගේ අද කාබනික පොහොර භාවිතයෙන් නිපදවන ආහාර සදහා වෙනම ස්ථානයක් වෙන් කර ඇත. එමෙන්ම රසායනික පොහොර භාවිතයෙන් නිපදවන ආහාර සඳහාද ස්ථාන දක්නට ඇත. මේවායේ මිල ගණන් අපිට දෙන පණිවුඩයක් ඇත. එය වන්නේ,

    1. “මෙන්න කාබනික පොහොර භාවිතයෙන් නිපදවන ආහාර. මෙහි කිසිදු වසක් විෂක් නැත. එය ඔබේ දරුවාට ලබාදීමෙන් ඔබේ දරුවා නිරෝගිමත් දරුවෙකු වනු ඇත.ඔහු දිගු කලක් ජිවත්වෙනු ඇත. නමුත් මේවායේ මිල තරමක් අධිකය”

    2.”මේ ඇත්තේ වස විෂ පොහොර යොදා නිෂ්පාදනය කල ආහාරයි. මෙය ආහාරයට ගැනීමෙන් ඔබේ දරුවාට අතුරු ආබාද රාශියක් වැළදීමට ඉඩකඩ තිබේ. අනාගතයේදී ඔබට මෙන්ම දරුවාටද රෝහල් පරිසරයක ගත කිරීමට ඉඩකඩ තිබේ කෙටි කාලෙකින් මරණයද සිදුවිය හැක. නමුත් මේවා මිල පහල මට්ටමක පවතී. ඔබේ පොකට්ටුවට සරිලන්නේ මේ විස රසායනය යෙදු ආහාරයි” යන්නය.

    නමුත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙර දරන්නේ,විෂ රසායනික පොහොර සමාගම් වලට දෙන මුළු මුදලම ගොවියාට ලබාදී කාබනික පොහොර යෙදු ආහාර මුළු ජාතියටම ලබාදීමේ කටයුත්තයි. මෙය කිසිවෙක් අත නොගැසූ විප්ලවයකි. ත්‍රස්තවාදී උවදුරෙන් අනාගතයේ මියැදීමට සිටි ජනතාව මරුවාගෙන් ගලවා ගත්තාසේමවූ කටයුත්තකි. ඔබ ඔබේ දරුවා සුරකින්නේ නම්, ජනාධිපතිවරයා ගෙන යන මේ වැඩ .පිළිවෙල වෙනුවෙන් සිට ගන්න. ආශිර්වාද කරන්න. තාවකාලික ලාභ ප්‍රයෝජන පසුපස හඹා යන්න එපා.

  3. NeelaMahaYoda Says:

    මුලු රටම කාබනික කිරීම නිකං මිත්‍ය්වක් පමනයි.
    අපි පිටරටවල කාබනික කෑම වර්ග ගන්න එක ඇත්ත. හැබැයි ඒවා සියයට 50 කින් මිල වැඩියි.
    අපි විශේෂයෙන් කාබනික කිරි, කාබනික පලතුරු ගන්නවා. නමුත් කිසිම රටක සියයට සියක් කාබනික කරන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. හේතුව ඒක කරන්ඩ හැකියාවක් නෑ.මේ වැඩේ කරන්න බෑ, එලදායිතාව සම්පූර්නයෙන්ම අඩුවී ගොවීන් අන්තිම අසරන තත්වයක වැටෙනවා.
    අපේ ගොවිතැන අවුරුදු සියයක් පස්සට යනවා මේක කරන්න ඉඩදෙන්න එපා.
    මගේ කනගාටුව හොඳට වැඩක් කරන්න පුලුවන් ආංඩුව එන සැරේ බුලත් අතක තියල සජිත්ට දෙන්ඩ වෙන එකයි වෙන නස්පැත්තිය ගැනයි. කොහෙද රසායනික පොහොර පාවිච්චි කරපුහාම වකුගඩු රෝග හැදෙන්නේ. ළෝකයේ හැම රටකම රසායනික පොහොර පාවිච්චි කරනවා. ඒ රටවල ඔයකියන වකුගඩු රෝගය නෑ නමුත් රසායනික පොහොර පාවිච්චිකරනවා.නිකන් සර්ගේ බොරුවලට රැවටෙන්න එපා. රසායනික වල්පැලැටි නාශක, කෘමි නාශක පාවිච්චිකරන විදිය කියල ගොවින්ව දැනුවත් කරන්න, එවාට නීති දමා වැඩිපුර පාවිච්චිය නැතිකරන්න. අපේ ගොවිතැන අවුරුදු සියයක් පස්සට ගෙනියන්ඩ ඉඩදෙන්න එපා. ඕක කොලොත් එනපාර ගොවීන් චන්දය දෙන්නේ නෑ. සජිත් උඩින් දිනයි

  4. chandrasena Pandithage Says:

    NeelaMahaYoda

    පළමුව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා, කාබනික පොහොර භාවිතාව සම්බන්ධව ඔබගේ අවංක මතය ප්‍රකාශ කිරීම සම්බන්ධව. අද අපි කතාකරන්නේ, මෙරට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද රට සංවර්ධනය කිරීමේ ඉදිරි පියවරක් සම්බන්ධවයි. මෙවැනි ගැටළු සාකච්චා කිරීම බොහෝ විට සිදුවන්නේ පාර්ලිමේන්තුව තුලදී වන අතර, මෙහිදී එවැනි සාකච්චාවක් මෙහිදී කිරීමට සිදුවීම ඉතා හොඳ ප්‍රවනතාවයකි. අපි මෙහි හොද පලදායි සාකච්චාවක් කරගෙන යමු. එහි සාරය යමෙකුට පලදායි නම් අපේ අරමුණ විය යුත්තේද එයයි.

    මේ සම්බන්ධව ඇති ඔබේ ස්ථාවරය මම මෙසේ දකිමි.

    1.මේක ලියන්නේ එංගලන්තයේ සිටයි.
    2.මුලු රටම කාබනික කිරීම නිකං මිත්‍ය්වක් පමනයි
    3.ලෝකයේ හැම රටකම රසායනික පොහොර පාවිච්චි කරනවා.
    4..අපි පිටරටවල කාබනික කෑම වර්ග ගන්න එක ඇත්ත
    5.හැබැයි ඒවා සියයට 50 කින් මිල වැඩියි.
    6.අපි විශේෂයෙන් කාබනික කිරි, කාබනික පලතුරු ගන්නවා.
    7.නමුත් කිසිම රටක සියයට සියක් කාබනික කරන්න බලාපොරොත්තුවෙන්නේ නෑ.
    8.ඒක කරන්ඩ හැකියාවක් නෑ.මේ වැඩේ කරන්න බෑ
    9.අපේ ගොවිතැන අවුරුදු සියයක් පස්සට යනවා මේක කරන්න ඉඩදෙන්න එපා.
    10.නිකන් සර්ගේ බොරුවලට රැවටෙන්න එපා

    1.ඔබ මේ අපිට දක්වන්නේ,පැහැදිලිවම දේශගුනිකව සෘතු හතරක් ඇති රටක සිට සදාකාලිකව වසන්තයක පිහිටි රටක ජනාධිපතිවරයා ගත් පියවරක් සම්බන්ධවය.අධික මාංශ හා මේද පරිභෝජනය කරන ජනතාවක් වාසය කරන රටක සිටය.ස්වභාවය විසින් මෙරට ජනතාවට ශාකමය ආහාර රටාවක් හුරුකර ඇති බැවින් අපි ඉතිහාසයේ සිටම ශාක ප්‍රවර්ධනය කිරීම අරමුනුකරගෙන,වැවත්, සුර්ය බලය උරාගෙන ජනතාවට ශයක්තිය දෙන,සුර්ය පැනලය වන්ව්ය් කුඹුරු සරුසාරව වගාකරමින් දිවිගෙවන ජනතාව පිරි රටකි. එබැවින් අපි කුඹුරට යොදන පොහොර සම්බන්ධව ඉතා අවධානයෙන් කටයුතු කල යුත්තෝ වෙමු.කුඹුර යනු අපේ ධන නිධානය වන අතර, එයට වස විෂ දමා විනාශ කිරීමට ඉඩදිය නොහැක. ජනතාවට පෝෂණය දෙනවාද වස විෂ දෙනවාද යන්න තීරණය කරන මධ්‍යස්ථානය කුඹුරයි. එබැවින් යන්තමටවත් වස විෂ දැමීමට ඉඩදිය නොහැකි අතර එසේ කිරීම තුලින් බලවත් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුවේ.

    2. ඔබ මෙහිදී කියනවා මුළු රටම කාබනික පොහොර භාවිතා කිරීමේ මට්ටමට ගෙන ආ නොහැකි බව. අපගේ ජිවිත කාලය තුල එය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතාවට යොමු කල නොහැකි විය හැකිය. නමුත් කොතනකින් හෝ ආරම්භ කල යුතුය. වර්තමාන ජනාධිපතිවරයා එය ආරම්භ කර ඇත.

    3. ඔබ කියනවා ලෝකයේ හැම රටක්ම රසායනික පොහොර භාවිතා කරන බවක්. ඒ නිසාද අප රසායනික පොහොර භාවිතා කල යුත්තේ? එසේ නොකර ලෝකයේ රසායනික පොහොර භාවිතා නොකරන එකම රට බවට පත් කළහොත් ලෝකයේ බොහෝ සංචාරකයින් මේ රටට ගලා එම සිදු නොවන්නේ යයි ඔබ සිතන්නේද? ඒ ආකර්ෂණය විදින්න කවුද අකමැති වන්නේ? ඇයි අපි එයට එරෙහිවන්නේ කියන ප්‍රශ්නය ඔබ තුල පැන නොනගින්නේද?

    4,5,6න් ඔබ කියනවා ඔබත් කාබනික ආහාර වර්ග භාවිතා කරන බව. ඒවායේ මිල 50%කින් වැඩි බවත් කියනවා.ඔබලා කාබනික කිරි,හා පලතුරුත් මිලදී ගන්නා බවත් කියනවා. මෙයින් පැහැදිලි වන්නේ ඔබේ වැඩි කැමැත්තත් ඇත්තේ කාබනික ආහාර නිෂ්පාදනයට බවයි. අපිට එපා කියන්නෙත් ඔබ ආසා කරන ඒ කාබනික ආහාර නිෂ්පාදනය කිරීමයි. මෙතන ඇත්තේ විශාල ගැටලුවක් ඇයි ඔබ ඔබ කැමති දේ අපි නිපදවන්නට වෙර දරන විට එරෙහි වන්නේ කියා. ඔබේ කරුණු ගොවියා කාබනික ආහාර නිපදවනු ලැබුවොත් ඒ කාබනික ආහාරවල වැටුනා කම දැන් ඇති ආහාරවලට වඩා 50% ක වටිනා කමක් ඇති ආහාරයි.එවිට අපි ලෝකයේ ඉහලම වටිනාකමක් ඇති එළවලු, පලතුරු නිපදවන රට බවට පත්වෙනවා නේද? ලෝකයටම කාබනික අහාර සපයන රට බවට පත්වෙනවා නේද? අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයේ අගය කියා නිම කල නොහැකි බව සිතෙන්නේ නැද්ද? අපේ ගොවියාට ඉහල වටිනාකමක් ලැබෙනවා නේද? ලෝකයේ කාබනික ශාක ප්‍රජාවක් ඇති එකම රට අපේ රට බවට පත්වෙනවා නේද? මුළු ලෝකයටම කාබනික ආහාර සපයන රට බවට මේ රට පත්වෙනවා නේද? ඒ සියලු මුදල් මෙරට ගොවියා වෙත ගලා යනවා නේද? ඒ ගොවියා නිකම්ම ඔහේ බුලත් විටක් හප හප ඉන්න ගොවියෙක් නොව ගමරාල කෙනෙක් බට පත්වෙනවා නේද? අද ඔබ ජිවත් වෙන රටේ ඉහලින්ම ඉන්නේ Farmers ලා නේද එවැනි තත්වයකට අපේ ගොවියා පත්වෙනු දැකීම අපි ඉලක්ක කල යුතුයි නේද? අපි උත්සහ කරලා ඒ වැඩේ කරමු. ජනාධිපතිවරයාට උපරිම සහය දෙමු. මේක කල හැකි කාර්යක්.

    7,8,9න ඔබ කියනවා මෙය 100%ක්ම කිසිම රටක කිරීමට බලාපොරොත්තුවක් නැහැ කියලා. මෙය කලොත් අපේ ගොවිතැන අවුරුදු 100ක පස්සට යනබව. ඇත්තටම වෙල්ලස්සේ සරුසාර බාවය සම්බන්ධව රොබට් බ්‍රවුන්රිග් කියලා තියෙන වාර්තා දෙස බැලු විට මේ රට අවුරුදු 200ක් ආපස්සට ගෙනියන්න පුලුවන්නම් හොද බව අපිට සිතේ. එවිට ශක්තිමත් ලෙඩ රෝග වලින් තොර ජනතාවක් බිහිකර ගත හැක.

    10න් කියන්නේ “නිකන් සර්ගේ බොරුවලට රැවටෙන්න එපා” යන වදන් පෙළයි. ඉතා ඉහල වටිනාකමක් ඇති වැඩක් ඔබ මේ වනවිට සිදුකර ඇත. ඒ මේ සම්බන්ධව සාකච්චාවක් නිර්මාණය කිරීමයි. ඒ සමගම “මගේ කනගාටුව හොඳට වැඩක් කරන්න පුලුවන් ආංඩුව එන සැරේ බුලත් අතක තියල සජිත්ට දෙන්ඩ වෙන එකයි ” කියන ඔබගේ අතින් සිදුවූ අත්වැරැද්දක් සේ සිතමි. මම ඔබට ශුභ පතමි.

  5. NeelaMahaYoda Says:

    විද්‍යාත්මක පරීක්ෂන වලින් සනාථ නොකරන ලද සංකල්පයක් මත ගොඩනැගුන රසායනික පොහොර (විශේෂයෙන් නයිට්‍රරේට් ලවනය අඩ්ංගු )මගින් වකුගඩු රෝග ඇතිවෙනවායි යන අඥාන නිගමනය මත කරන ලද රසායනික පොහොර තහනම මුලු රටේ ගොවි කර්මාන්ත වසර 100 පමන අතීතයට ඇද දැමීමෙන් සකල ගොවිජනතාවම විනාශයට පත්කිරීමට දරන වෑයමකි. ගෙවතු වගා කිරීමෙන් පමනක් ලබාගත් අද්දැකීම ඇති කොලඹ් අවට තරුණයින් හා ගොවිතැන ගැන කිසිම අද්දැකීමක් නැති බෞද්ධ භික්ෂුන් ලවා මේ සංකල්පය ප්‍රචලිත කිරීමේ වෑයමක් නිරීක්ශන කල හැක. ඔවුන් ශ්‍රි ලංකාවේ තිබූ අතීත ස්වයංපෝෂිත ගොවි කර්මාන්ත දියුණුව එදත් මෙදත් අතර ඇති ජනගහනයේ වෙනස ගැන සඳහන් නොකර ඒ හරහා ජනතාව නොමඟ යවා මුළු ගොවි කර්මාන්තයම අතීතය කරා ඇදගෙන් යාමට උත්සාහ කරති. මේ රජයට ගොවිකර්මන්තය මෙපමන තරමට බිදදැමීමට අවශ්ය වන්නේ පාරම්පරික ගොවි බිම් ජාත්‍යන්තර සමාගම් වලට කුනු කොල්ලයට ලබාදීමේ අදහසින්ද?.

  6. NeelaMahaYoda Says:

    1.කුඹුර යනු අපේ ධන නිධානය වන අතර, එයට වස විෂ දමා විනාශ කිරීමට ඉඩදිය නොහැක. –විද්‍යාත්මක පරීක්ෂන වලින් සනාථ නොකරන ලද සංකල්පයක් මත ගොඩනැගුන රසායනික පොහොර (විශේෂයෙන් නයිට්‍රරේට් ලවනය අඩ්ංගු )මගින් වකුගඩු රෝග ඇතිවෙනවායි යනු අඥාන නිගමනයකි

    2. නමුත් කොතනකින් හෝ ආරම්භ කල යුතුය. වර්තමාන ජනාධිපතිවරයා එය ආරම්භ කර ඇත. – වර්තමාන ජනාධිපතිවරයා රසායනික පොහොර සම්පුර්නයෙන්ම නවතා දමා ඇත

    3. ඔබ කියනවා ලෝකයේ හැම රටක්ම රසායනික පොහොර භාවිතා කරන බවක්. ඒ නිසාද අප රසායනික පොහොර භාවිතා කල යුත්තේ? එසේ නොකර ලෝකයේ රසායනික පොහොර භාවිතා නොකරන එකම රට බවට පත් කළහොත් ලෝකයේ බොහෝ සංචාරකයින් මේ රටට ගලා එම සිදු නොවන්නේ යයි ඔබ සිතන්නේද? ඒ ආකර්ෂණය විදින්න කවුද අකමැති වන්නේ? ඇයි අපි එයට එරෙහිවන්නේ කියන ප්‍රශ්නය ඔබ තුල පැන නොනගින්නේද?- ලංකාවට සංචාරකයින් ආකර්ෂණය වන්නේ කාබනික කෑම බලාපොරොත්තුවෙන් නොවෙයි. රටේ තියන ස්වභාව සෞන්දර්යටයි

    4,5,6න් මම කියන්නේ නෑ කාබනික ගොවිතැන නැතිකරන්න කියල. මම කියන්නේ රටටම කාබනික ගොවිතැන පමනක් ගෙනල්ල මුලු ගොවිතැනම විනාශ කරන්න එපා කියල

    7,8,9න ඔබ කියනවා මෙය 100%ක්ම කිසිම රටක කිරීමට බලාපොරොත්තුවක් නැහැ කියලා. මෙය කලොත් අපේ ගොවිතැන අවුරුදු 100ක පස්සට යනබව. ඇත්තටම වෙල්ලස්සේ සරුසාර බාවය සම්බන්ධව රොබට් බ්‍රවුන්රිග් කියලා තියෙන වාර්තා දෙස බැලු විට මේ රට අවුරුදු 200ක් ආපස්සට ගෙනියන්න පුලුවන්නම් හොද බව අපිට සිතේ. එවිට ශක්තිමත් ලෙඩ රෝග වලින් තොර ජනතාවක් බිහිකර ගත හැක.- හා හා හා රොබට් බ්‍රවුන්රිග්ගේ කාලයේ ලන්කාවේ ජනගනය ලක්ශ 2 යි

    10න් විද්‍යාත්මක පරීක්ෂන වලින් සනාථ නොකරන ලද සංකල්පයක් මත ගොඩනැගුන රසායනික පොහොර (විශේෂයෙන් නයිට්‍රරේට් ලවනය අඩ්ංගු )මගින් වකුගඩු රෝග ඇතිවෙනවායි යන අඥාන නිගමනය මත කරන ලද රසායනික පොහොර තහනම මුලු රටේ ගොවි කර්මාන්ත වසර 100 පමන අතීතයට ඇද දැමීමෙන් සකල ගොවිජනතාවම විනාශයට පත්කිරීමට දරන වෑයමකි. ගෙවතු වගා කිරීමෙන් පමනක් ලබාගත් අද්දැකීම ඇති කොලඹ් අවට තරුණයින් හා ගොවිතැන ගැන කිසිම අද්දැකීමක් නැති බෞද්ධ භික්ෂුන් ලවා මේ සංකල්පය ප්‍රචලිත කිරීමේ වෑයමක් නිරීක්ශන කල හැක. ඔවුන් ශ්‍රි ලංකාවේ තිබූ අතීත ස්වයංපෝෂිත ගොවි කර්මාන්ත දියුණුව එදත් මෙදත් අතර ඇති ජනගහනයේ වෙනස ගැන සඳහන් නොකර ඒ හරහා ජනතාව නොමඟ යවා මුළු ගොවි කර්මාන්තයම අතීතය කරා ඇදගෙන් යාමට උත්සාහ කරති. මේ රජයට ගොවිකර්මන්තය මෙපමන තරමට බිදදැමීමට අවශ්ය වන්නේ පාරම්පරික ගොවි බිම් ජාත්‍යන්තර සමාගම් වලට කුනු කොල්ලයට ලබාදීමේ අදහසින්ද?.. මමත් ඔබට ශුභ පතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress