වැඩිම කෝවිඩ් මරණ ප්‍රතිශතයක් වාර්තා වන දෙවන දිස්ත්‍රික්කය වන බදුල්ලට අවශ්‍ය පහසුකම් සැලසිම
Posted on June 11th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

ඌව පළාත් ආණ්ඩුකාරවර,
එම්. මුසම්මිල් මහතා,
ආණ්ඩුකාර කාර්යාලය,
බදුල්ල.

දිසාපති/දිස්ත්‍රික් ලේකම්,
බදුල්ල.

ප්‍රිය ආණ්ඩුකාරතුමනි, දිස්ත්‍රික් ලේකම්තුමියනි,

බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් තත්වය හා ඉහළ යන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙනි

ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර දෙවන ඉහළම අනුපාතය බදුල්ල  දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.   රෝගීන් සියයකට සිදුවන මරණ සංඛ්‍යාව, වසංගත රෝගයක් සම්බන්ධයෙන්  යම් භූගෝලීය කලාපයකට සිදු කරන බලපෑම/ප්‍රබලත්වය පිළිබඳ තීරණාත්මකම සාධකයයි.

බදුල්ල දිස්ත්‍රිකයේ කෝවිඩ් රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ මට්මක පැවතීමට ප්‍රධානතම හේතුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් බිඳවැටීමයි.  කෝවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය අත්‍යවශය පහසුකම් සපයා නොගැනීම,  රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ, කෘතීම ස්වසන යන්ත්‍ර, හා වෙනත් පහසුකම් ඒ අතර වේ.  තවත් අතකින් ලංකාවේ අඩුම ජනගහන ප්‍රතිශතයක් එන්නත්කරණය සිදු කළ දිස්ත්‍රික්ක අතරට බදුල්ල ද එක්ව ඇත. රජයේ කෝවිඩ් නීතිවලට පරිබාහිරව කටයුතු කිරීම පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් කළ බවට ද තොරතුරු ගණනාවකි.

දත්ත – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කෝවිඩ් ප්‍රතිකාර සඳහා අවශ්‍ය යන්ත්‍ර සපයා ගැනීම සඳහා බදුල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සුබපතන්නන් එක්ව පෞද්ගලික ආධාර සපයා ගනිමින් සිටී.  ඔවුන්ගේ උත්සාහ අගයන අතරම, එයින් කියවෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය අවශ්‍ය අවම පහසුකම් සැලසීමට හෝ රජය හා පළාත් බලධාරීන් මේ දක්වා අසමත් වී ඇති බවයි.  

බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් මර්ධනය හා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඇතිව තිබෙන දුෂ්කරතාවයන් වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩල පමණක් නොව වෙනත් කණ්ඩායම්වලට දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමින් තිබීම අවසානාවන්ත තත්වයකි.

ලංකාවේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව මිය යන දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බදුල්ල ට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් ආයතනයන් හි අවධානය යොමු කරවන ලෙස බදුල්ලේ ජනතාව වෙනුවෙන්, බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකු ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මේ පිළිබඳව ඔබ දෙපළ ගනු ලබන ඉක්මන් පියවර සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව ස්තුතිය පුද කරමි.

මෙයට හිතවත්,

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

0777791225

1.      බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත

2.      ජනාධිපති ලේකම් – ජනාධිපති ලේකම් කාර්යාලය

3.      අග්‍රාමාත්‍ය ලේකම් – අග්‍රාමාත්‍ය කාර්යාලය

4.      ලේකම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

5.      සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

6.      ප්‍රධානී – ජාතික කෝවිඩ් මර්ධන ඒකකය

7.      ප්‍රධාන ලේකම් – ඌව පළාත් සභාව

8.      ආණ්ඩුකාර ලේකම් – ඌව පළාත් සභාව 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress