‘කළුගලේ ඔළුව ගහගන්න සූදානම්.. කළුගල පුපුරා යාවි..’ – ගම්මන්පිල කියයි.. පොහොට්ටු ලේකම්ද හමුවේ..
Posted on June 22nd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කළු ගලේ ඔළුව ගහ ගන්න එපා යැයි කතාවට කීවද තමන් ඇතුළු පිරිස හැමදාමත් කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීම බවත් නමුත් සිදු වූයේ හිස තුවාල වීම වෙනුවට කළු ගල් පුපුරා යාම බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශනය වූ 360 දේශපාලන සංවාදය හා එක්වෙමිනි.

බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, සාගර කාරියවසම් මහතාගේ ලිපිය සහ විපක්ෂයේ විශ්වාසය භංග වැනි ක්‍රියා හේතුවෙන් ඔබ භීතියට පත්වී ඇද්දැයි වැඩසට මෙහෙය වූ සංඛ අමරජිත් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2000 වසර වන විට කොටි ත්‍රස්තවාදය පැරදිය නොහැකි බවටත් ඔවුන්ගේ ඉල්ලීම් ලබා දී මේ ප්‍රශ්න විසඳිය යුතු බවටත් රටේ ජනතාවගෙන් 99%ක් පමණ විශ්වාස කරද්දී තමන් ඇතුළු පිරිස කොටි පරාජය කළ යුතු බවත් පරාජය කළ හැකි බවත් ජනතාවට පෙන්වා දෙමින් ඒ මතය සමාජගත කරවීමටත් අවසානයේ ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළ බව මෙහිදී බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය. එමෙන්ම යහපාලන රජයට රටේ සියලුම දේශපාලන පක්ෂ සහ ලොව සියලු රටවල් ආශීර්වාද කරද්දී පවා එම රජයට එරෙහිව සටන් කර පරාජය කිරීමට හැකියාව ලැබුණු බව ද සිහිපත් කළේය.

සාගර කාරියවසම් මහතා මුහුණට මුහුණ හමුවූ අයුරු, ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල ආදී කාලීන දේශපාලන කරුණු රැසක් ගැන මෙහිදී අමාත්‍යවරයා විසින් කරුණු දැක්වීය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress