ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරාන සහයෝගය ………..
Posted on June 30th, 2021

සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා  ඉරාන නියෝජිත අතර විශේෂ හමුවක්……..

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය  සහයෝගය ලබා ගැනීම පිණිස සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක් 2021.06 .29 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100 ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරිමට අයෝබ් හෙයිදාරී මහතා මෙහිදී සිය එකඟතාව පළ කරන ලදී.

තවද ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ඉරාන රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය අමාත්‍යතුමන්ට දැනුම් දුන් අතර එම ඉල්ලීම ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම  ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයන් සමග එක්ව මෙරට කුඩා ජල විදුලි බලාගාර හයක් (06) ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද ඉරානයේ අවධානය යොමු වී ඇති බව හෙයිදාරී  මහතා අමාත්‍යතුමන් වෙත දැනුම් දෙන ලදී.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට යොමු වු මැදපෙරදිග රටවල් අතරින් ඉරානයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.  අතීතයේ පටන් පැවත එන ඉරාන – ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කිරීම ශ්‍රී ලාංකික පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට මහත් පිටුවලක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

මාධ්‍ය අංශය

සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress