චීන එන්නතෙන් සියළු කොරෝනා ප‍්‍රබේධයන් මට්ටුයි… සියළු එන්නත්වලට වඩා ඉහල ආරක්‍ෂාවක්..
Posted on July 4th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් එන්නත්කරණය යුද සිදුකර ඇති චීනයේ සයිනොෆාම් එන්නත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු සියලු එන්නත් ප‍්‍රබේදවලට ඉහල ආරක්ෂාවක් ලබාදෙන බව හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

මෙම ඉහළ ආරක්ෂාව ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබා ගත් පසු යයිද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණයේ මූලික දත්ත ලැබී ඇති බවද ඉදිරියේ දී ඒ සම්බන්දයෙන් නිල වශයෙන් හෙළිදරව් කරනු ඇතැයිද ඔහු තවදුරටත් පවසයි.

මේ අතර නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ සයිනොෆාම් එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පසු අන් සියලු එන්නත් වලට වඩා ඉහල මට්ටමේ ආරක්ෂාවක් සියලු කොරෝනා ප්‍රභේදයන්ට වාර්තා කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress