විදුලි හා ජලනල ක්ෂේත්‍රයේ සිටින වෘත්තීය ශීල්පීන්ට NVQ සහතිකය නොමිලේ
Posted on July 7th, 2021

නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

                දිවයින පුරා විසිරී සිටින විදුලි ශිල්පීන් 40,000 කට සහ ජලනල කාර්මික ශිල්පීන් 10,000 කට පෙර දැනුම ඇගයීමේ ක්‍රමය යටතේ (RPL) ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකය (NVQ) ලබාදීමට කටයුතු සලසාලමින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය,  මහජන උපයෝගිතා කොමිසම සහ තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිසම හා එක්ව වෘත්තිය හැකියාවන් සහතික කිරීම උදෙසා ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් ඊයේ  දින (06) අත්සන් කෙරිණි.
               නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ  වෛද්‍ය ගරු සීතා අරඹේපොළ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම මගින්  අයදුම් කරන ශිල්පීන් හට දැනුම ලබාදීම (gap filling) සහ  ඇගයීම් කටයුතු  ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟිනුත්, RPL පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සැපයීම මහජන උපයෝගිතා කොමිසම මඟිනුත්  NVQ සහතික නිකුත් කිරීම  තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිසම මඟිනුත් සිදුකිරීමට සැලසුම් කර ඇත.
 මෙහිදි වෘත්තීය සුදුසුකම ලබාදීම පමණක් නොව ශිල්පින්ට අවශ්‍ය කරන නව තාක්ෂණය හා මුසුවු දැනුම ලබා දෙමින් වඩා ගුණාත්මක ශිල්පියෙකු බවට පත් කරමින් ඉදිකිරිම් ක්ෂ්‍රේත්‍රයේ සංවර්ධනයද ඉල්ලක කෙරේ.
  මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලීයනගේ මහත්මීය, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිසම් සභාවේ සභාපති උදෙනී වික්‍රමසිංහ මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සමාජීක චතුරිකා විජේසිංහ මහත්මිය සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති නලින් ගම්ලත් මහතා ඇතුඵ පිරිසක් සහභාගී විය. 
මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress